NextWave - Continuous Project

Project NextWave is a series of programs designed to raise awareness about freelancing among school students emphasizing its benefits and opportunities in today’s dynamic world. The program educates students on freelancing basics, its importance and secure earning methods including cryptocurrency. Through interactive 3-hour sessions, the initiative aims to provide practical knowledge for beginners. Day 1 took place on September 27th, 2024 at Aparakka Maha Vidyalaya, Matara engaging 32 students while Day 2 was held on October 11th, 2024 at St. Servatius College, Matara with 87 participants. Both sessions were well-received with students appreciating the valuable insights shared.

The project owes its success to the collaborative efforts of the Leos from Leo Club of  University of Moratuwa and Leo Club of Kalubowila with Leo Avishka Vishmitha as the main resource person. The team delivered user-friendly, engaging sessions and actively addressed student queries. Support from school staff further enhanced the impact of these events.



යෙහෙළි - 2 වන අදියර

රටෙහි ජීවනාලියවන් සමස්ථ කාන්තා පරපුරෙහි අභිවෘද්ධිය උදෙසා යෙහෙළි ව්‍යාපෘතියෙහි 2 වන අදියරය මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් දියත් කරන ලදී. මෙය ඔක්තෝබර් මස 4,5 සහ 6 යන තෙදින පුරා පැවැත්විණි.

ව්‍යාපෘතියේ පළමු දිනයෙහි සොයිසාපුර විද්‍යාලයේ සිසුවියන් සඳහා වර්මාන ලෝකයේ සිදුවන අපචාර පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටනක් දියත් කෙරුණි.


දෙවන දිනය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් ආවරණය පරිදි සිදු කෙරුණු අතර පියයුරු පිළිකා සහ ඊට අදාළ සෞඛ්‍ය ගැටළු දැනුවත් කිරීමේ දේශනයක්, ගැබිණි මව්වරුන්ට පෝෂණ මලු ලබා දීම, රෝගී සිල් මෑණිවරුන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම ඇතුළුව වැඩසටහන් කිහිපයක් යටතේ සාර්ථකව සිදු විය.

තුන්වන දිනය බමුණුකොටුව දහම් පාසලේ දී පැවැත්විණි. එමෙන්ම සෑම වැඩසටනක් අවසානයේදීම ඔවුන්ට අත්‍යවශ්‍ය වන සනීපාරක්ශක ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම ද සිදු විය. 


කාන්තාවන්ගේ දිවියට සවියක් වීමේ අරමුණින් ගෙන ආ මෙම සමාජ සත්කාරය සාර්ථකව නිම කිරීමට ලියෝවරුන් වන අපට හැකියාව ලැබුණි.

සෙනෙහසේ සැඳෑව

ජීවිතයේ සැදෑ සමය හුදෙකලාවෙන් ගෙවනා අපේම ආදරණීය ආත්තම්මලා සීයලාගේ ඒකාකාරී දිවිය ආදරයෙන් පුරවන්නට මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ අපිට හැකිවිය. ලෝක වැඩිහිටි දිනය යෙදී තිබෙන ඔක්තෝබර් මස පළමු වන දින මොරටුව ඉසුරු වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයේ වෙසෙන වැඩිහිටියන් අරමුණු කර ගනිමින් සෙනෙහසේ සැඳෑව ව්‍යාපෘතිය දියත් වුණි.

රැකවරණ මධ්‍යස්ථානයේ වෙසෙන වැඩිහිටියන් දස දෙනෙකුට ආසන්න ප්‍රමාණයකට එදිනෙදා අත්‍යාවශ්‍ය වන වියළි ආහාර ද්‍රව්‍ය සහ සනීපාරක්ශක ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම මෙන්ම රැකවරණ මධ්‍යස්ථානය සුද්ද පවිත්‍ර කොට ඔවුන්ට සුවසේ දිවි ගෙවීමට අවශ්‍ය පරිසරය සකස් කර දීමටද ලියෝ සමාජයේ අපට හැකියාව ලැබුණි. තවද ඔවුන්ගේ සිත් සතන් අමා දම් සිසිලසින් නහවන්නට, ස්වාමීන් වහන්සේලා දෙනමකගේ වැඩමවීමෙන් යුතුව පිරිත් ධර්ම දේශනයක් ද එදින සිදු කෙරුණි. 

දෙහිවල උතුර සිංහ සමාජය, කොළඹ මොනාක් ලියෝ සමාජය සහ පොල්ගස්ඕවිට ලියෝ සමාජය සමඟ එක්ව මොරටුව ලියෝ සමාජයේ අප ගෙන ආ මෙම ව්‍යාපෘතිය මඟින් දරු සෙනෙහස අහිමි ආදරණීය වැඩිහිටියන්ගේ සිත් සෙනෙහසින් වර්ණවත් කිරීමට අපට හැකියාව ලැබුණි. අපගේ ජීවිතයට සොඳුරු මතක ගොන්නක් එක් කර ගැනීමටද මෙම මහඟු කර්තව්‍ය හේතුවක් විය. 


සෙනෙහසේ අරුණලු

අහිංසක පුංචි මල් කැකුලු මුවගට සිනහවක් එක් කරලීමේ අරමුණින් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ අපි, කළුබෝවිල ලියෝ සමාජය හා එක්ව කොළඹ 4 ස්නේහා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ සහ පානදුර ශාන්ත ජෝන් ළමා නිවාසයේ රැකවරණය ලබනා පොඩිත්තන් සොයා ගියෙමු. ලෝක ළමා දිනය යෙදී තිබෙන ඔක්තෝබර් මස පළමු වන දින ඔවුන්ගේ දවස සෙනෙහසින් වර්ණවත් කිරීමට අපට හැකි විය.

ස්නේහා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ රැකවරණය ලබනා අවුරුදු 3-5 ත් අතර වයසේ පසුවන පුංචි සිඟිත්තන්ගේ නැටුම්, ගැයුම් වලින් සපිරි විවිධ ප්‍රසංගයක් නරඹා ඔවුන් සමඟ දවස පුරා විනෝද වීමටද ලියෝ සමාජයේ අපිට අවස්ථාව ලැබුණි. එදින රසවත් ආහාර පාන හා තෑගිබෝග ලබා දී පුංචි සිත් සතුටින් පිරවීමටද අපි කටයුතු කළෙමු. තවද ශාන්ත ජෝන් ළමා නිවාසයේ පොඩිත්තන් සමඟ ගීත ගයමින් ආදරණීය හැන්දෑවක් ගත කොට රසවත් තෑගිබෝග ලබා දීමද සිදු කෙරුණි. මේ සඳහා, CBL මංචි සමාගම අපට අනුග්‍රහය දැක්වීය.

ආදරණීය පොඩිත්තන්ට විනෝදයෙන් කාලය ගත කිරීමට අවස්ථාව ලබාදෙමින් ඔවුන්ව සතුටු කිර්‍රම අරමුණු කර ගනිමින් මෙම ව්‍යාපෘතිය සංවිධානය කෙරුණි. එමඟින් පුංචි මල් කැකුලුවන් සිඟිත්තන්ගේ ජීවිතයට සෙනෙහස පිරි මතක ගොන්නක් එක් කර දීමට ගත් උත්සාහය මල් ඵල ගැන්වී තිබෙනු දැකීම ලියෝ සමාජයේ අපට සතුටට කරුණකි. 





Project Dustoff

 

Leo Club of University of Moratuwa together with Cleanup Sri Lanka organized Project Dustoff on the 29th of September 2024. This transformative initiative united a passionate community driven by the vision of encouraging environmental sustainability and revitalizing public spaces.

The day began at 8.00 AM with UoM Leos joining the beach cleanup organized by Cleanup Sri Lanka at Wellawatte. A diverse group of participants including Leos, Lions and Cleanup Sri Lanka volunteers worked together to remove waste from the Wellawatte Beach and the adjacent railway station. Volunteers collected plastic waste, food wrappers and other debris littering the beach and railway station premises.


In the afternoon the team shifted its focus to Moratuwa. Starting at 1.00 PM the cleanup drive targeted two significant public areas: the Moratuwa Bus Station and the Moratuwa Railway Station. Leos, Leo prospects and community volunteers pitched in to collect waste including discarded paper, plastic bottles and other litter. The collected waste was carefully sorted into recyclable and non-recyclable categories ensuring proper disposal and environmental accountability. These efforts left the stations noticeably cleaner and emphasized the importance of maintaining hygiene in busy public spaces.

Beyond the immediate impact of cleaner spaces, the initiative inspired local residents and commuters to adopt more environmentally thoughtful actions, further improving the project’s long-term impact.