රටෙහි ජීවනාලියවන් සමස්ථ කාන්තා පරපුරෙහි අභිවෘද්ධිය උදෙසා යෙහෙළි ව්‍යාපෘතියෙහි 2 වන අදියරය මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් දියත් කරන ලදී. මෙය ඔක්තෝබර් මස 4,5 සහ 6 යන තෙදින පුරා පැවැත්විණි.
ව්‍යාපෘතියේ පළමු දිනයෙහි සොයිසාපුර විද්‍යාලයේ සිසුවියන් සඳහා වර්මාන ලෝකයේ සිදුවන අපචාර පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටනක් දියත් කෙරුණි.
දෙවන දිනය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් ආවරණය පරිදි සිදු කෙරුණු අතර පියයුරු පිළිකා සහ ඊට අදාළ සෞඛ්‍ය ගැටළු දැනුවත් කිරීමේ දේශනයක්, ගැබිණි මව්වරුන්ට පෝෂණ මලු ලබා දීම, රෝගී සිල් මෑණිවරුන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම ඇතුළුව වැඩසටහන් කිහිපයක් යටතේ සාර්ථකව සිදු විය.
තුන්වන දිනය බමුණුකොටුව දහම් පාසලේ දී පැවැත්විණි. එමෙන්ම සෑම වැඩසටනක් අවසානයේදීම ඔවුන්ට අත්‍යවශ්‍ය වන සනීපාරක්ශක ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම ද සිදු විය.
කාන්තාවන්ගේ දිවියට සවියක් වීමේ අරමුණින් ගෙන ආ මෙම සමාජ සත්කාරය සාර්ථකව නිම කිරීමට ලියෝවරුන් වන අපට හැකියාව ලැබුණි.
No comments:
Post a Comment