Speech Bubble
දිරිය අරුණැල්ල
බලාපොරොත්තුවේ මුළුතැන්ගෙය...
බද්දේගම සන්දරවල ගම්මානයේ නිවසක, කඩා වැටුණු මුළුතැන්ගෙයක් නැවත ඉදි කරදීම වෙනුවෙන් බද්දේගම ලියෝ සමාජය , සදර්න් මෙට්‍රො ලියෝ සමාජය සහ මොරටුව විශ්ව විවිද්‍යාලයීය ලියෝ සමාජය එක්ව දරන වෑයමකි, දිරිය අරුණල්ල.
පසුගිය ජනවාරි මස 11 වන දින, ඔවුන්ගේ සිහිනය සැබෑ කරනු වස් අප මුළුතැන්ගෙය ඉඳිකිරීම සඳහා අත්පොත් තැබුවෙමු. නිවසට ළඟා වීම සඳහා ප්‍රමාණවත් මාර්ගයක් නොමැතිවීම හේතුවෙන්, මුළුතැන්ගෙය ඉදිකිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඉතා දුෂ්කර මාර්ගයක් ඔස්සේ සියලු දෙනාගේ කැපවීමෙන් රැගෙන යාමට සිදු විය.
ලියෝ සාමාජිකයින්ගේ ද ශ්‍රමදායකත්වයෙන් ඉදිවන බලාපොරොත්තුවේ මුළුතැන්ගෙය ලිප ගිනි නිවී ගිය මුළුතැන්ගෙයක නැවත වරක් ලිප ගිනි දල්වා, එයට ජීවය දීමට බොහෝ පරිත්‍යාගශීලින්ගේ ආධාර උපකාර සමග දිවයන මහගු සමාජ සත්කාරයකි .
හරිත ඡායා
ජීවයට හුස්ම ගන්නට පණ පොවනා, තුරුලතාවලින් ලක්මෑණී හරිත වර්ණ කරන්න මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝවරුන්ගේ වෑයම, හරිත ඡායා ...
අභිමාවනවත් පරපුරක උරුමකරුවන් ලෙස අපගේ වගකීම ඉටු කරනු වස් රුක් රෝපණ, කසල කළමනාකරණ සහ පරිසර ව්‍යාපෘතිය,අප්‍රේල් මස 20 වන දින,
පෙ.ව.10 සිට මාර/ කඩොල්ගල්ල කනිෂ්ඨ විද්‍යාලයේදී සාර්ථක අයුරින් සිදු විය.
පරිසර මාතාව රැක ගැනීමට ලියෝවරු දැරූ උත්සහ මෙලෙස සාර්ථක විය.
ලිය සවි ගෙත්තම්
දිරිය ලියකට දෑතට සවියක් වනු වස්, මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය සහ කලවාන සිංහ සමාජය මඟින් දියත් කළ
"ලිය සවි ගෙත්තම්"
ව්‍යාපෘතිය පසුගිය 12 වන දින සාර්ථකව නිමා කිරීමට හැකි විය.
අපගේ මෙහෙයුම වූයේ කලවාන, අයගම ප්‍රදේශයේ අනතුරකින් අබාධිතව එක්තැන් වී සිටින පුද්ගලයෙකුගේ පවුලට සවියක් වීමට මහන යන්ත්‍රයක් හා මාස කිහිපයකට සරිලන බඩු මල්ලක් ලබාදීමයි.
සියල්ලන්ගේ ම නොමසුරු දායකත්වයෙන් මෙම කර්තව්‍යය සාර්ථකව නිම කිරීමට හැකි විය

කුංචනාද
පින්නවල ඇත්අතුරු සෙවන පරිශ්‍රයේ අලි වාසස්ථාන කුටි පිරිසිදු කිරිමේ ව්‍යාපෘතිය, කුංචනාද, මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ මුලිකත්වයෙන් මැයි මස 1 වන දින උදෑසන 8 සිට පින්නවල අලි අනාථාගාර පරිශ්‍රයේ දී පැවැත්විණි.
අලි වාසස්ථාන කුටි හා ඒ අවට පිරිසිදු කරමින් හා අලි ඇතුන්ට ආහාර ලබාදෙමින් ඉතාමත් සාර්ථක අයුරින් සොදුරු මතක පෙළක් සමඟ ව්‍යපෘතිය අවසන් විය.
අනාථ වු අලි ඇතුන්ට නිවහනක් වන ඇත්අතුරු සෙවණ සුරැකීමට දායක වු සැමට අපගේ හදපිරි ස්තූතිය.

.jpeg)