සබැඳි යාත්‍රා

මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ 19 වන සංවත්සරය අරමුණු කරගනිමින් නව ලියෝ වසරකට ආසිරි පතන්නට, සබැඳි යාත්‍රා දිවයින පුරා විහිදි ආගමික ස්ථානයන් කේන්ද්‍ර කොටගෙන ජූලි මස 22 සහ 23 යන දිනවලදී පවත්වන ලදි. එහිදී පූජනීය ස්ථාන පිළිසකර කිරීම ජූලි මස 22 වන දින හා බෝධි පූජා පිංකම ජූලි මස 23 වන දින පහත ආගමික ස්ථානයන් කේන්ද්‍ර කරගනිමින් සිදු කරන ලදි.

▪️මාතර             : මාතර පරවිදූව විහාරය

▪️කුරුණෑගල     : ශ්‍රී සසනාලංකාර මහා විහාරය

▪️රත්නපුර         : වෙරලුප විහාරය

▪️කලුතර           : ශ්‍රී ලියන්වෙලාරාමය

▪️හම්බන්තොට  : කුඩාවිහාරය

▪️කෑගල්ල         : ශ්‍රී නිකේතාරාම මහා විහාරය

▪️ගාල්ල            : තිඹිරිගහගොඩ ශ්‍රී අමරමෝලි විහාරය

▪️මොරටුව         : Queen of Angels' Church


19 වන සංවත්සරය පාදක කරගනිමින් ඉටු කල මෙම සත්කාර්‍යය සියලු දෙනාගේම ඉමහත් පැසසුමට සහ ගෞරවයට ලක්වුණි.




      









මනුසත් හදවත්

රට තුළ පවතින උග්‍ර ආර්ථික අර්බුදය හේතුවෙන් අති බහුතරයක් ශ්‍රී ලාංකික ජනතාව මේ දිනවල එදිනෙදා ජීවිතය ගත කරන්නේ ඉමහත් අසීරුවෙනි. කුසට අහරක් නොමැතිව ජීවිකාව ගෙවන බොහෝ පිරිස් නිර්මාණය වී ඇති මොහොතක, කොළඹ නගරය ආශ්‍රිතව පිහිටා ඇති අඩු ආදායම් ලාභී නිවාසවල වෙසෙන ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ඔවුන්ට විවිධ ආහාර වර්ග බෙදාදීමේ වැඩසටහනක් ජුනි මස 21 වන දින කොළඹදී පැවැත්වීමට මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ අපට හැකි විය.


මෙහිදී කොළඹ අවට වූ මහල් සංකීර්ණවල වෙසෙන අසරණ ජනතාව වෙත කොස්, දෙල්, පොල්, මඤ්ඤොක්කා වැනි ආහාර වර්ග ලබා දීමට කටයුතු කෙරිණි. මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ සාමාජිකයන්ගේ දායකත්වයෙන් සහ මුලටියන දිද්දෙනිපොත වතුයායේ අධිපතිතුමන්ගේ අනුග්‍රාහකත්වයෙන් සිදු කළ මෙම ව්‍යාපෘතිය සියලුදෙනාගේම ඉමහත් පැසසුමට ලක්වුණි.






Debouchure ‘22

The Most Outstanding Leo Club of Sri Lanka, Leo Club of University of Moratuwa leads and guides youth with leadership, experience and opportunities towards an excellence performance. The annual inauguration event of Leo Club of University of Moratuwa was held in enchanting manner this year as "Debouchure 22." This event, which takes place at the beginning of each Leoistic year, was held through zoom on 26th of June 2022 to celebrate the beginning of Leoistic year 2022/23.


The main objective of this programme is to recruit new members to Leo Club, University of Moratuwa for the upcoming Leostic year. More than 250 members of the young community attended the event. They were given a thorough grasp and knowledge of the University of Moratuwa Leo Club and its operational processes. It involves bringing this young community's active participation to the Leo Club throughout the year. This program coincides with the gathering of innovative ideas for new projects for the upcoming year.