චක්කරේ

 සීත පිනි බිඳු හමුවේ පූදින්නට මඟ බලා සිටින මල් කැකුළුවලට පිනි පොද වැස්සක් වන්නට ඇත්නම් එය කොතරම් අපූර්වද? වසන්තය මඟ හැරී ගිය මල් කැකුළුවලට සිහිල් පොදක් වන්නට ඇත්නම් එය තවත් අපූර්වය

අකුරු කරන්නට වසත් සමය එනතුරු මඟ බලා සිටි පොඩිත්තො රෑනකට ජීවිතයේ තවත් එක් කඩයිමක් සාර්ථකව ජය ගන්නට අත්වැලක් වෙමින් පසුගියදා මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය පියමං තැබූහ. ඇරඹූ ගමනෙහි ගමනාන්තය සනිටුහන් වන්නේ ප්‍රදේශ තුනකදී අපේම නංගිලා මල්ලිලා පිරිසකට මුවට සිනහවක් එක් කරමින් බලාපොරොත්තුවේ මල් පූදිමිනි.

චක්කරේ ලෙසින් දියත් කළ මේ කාර්යයෙහිලා මූලික අරමුණ වූයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි නංගිලා මල්ලිලා වෙනුවෙන් ගණිතය විෂය කරුණු ආවරණය වන පරිදි සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමයි. සඳහා තෝරාගත් පාසල් අතරට

ගාල්ල බටේමුල්ල ජාතික පාසල, කෑගල්ල ඉද්දමල්පාන මහා විද්‍යාලය, බදුල්ල වෙළන්හින්න විද්‍යාලය ඇතුළත් විය.

පසුගිය පෙබරවාරි 13 වන දින චක්කරේ ගණිත සම්මන්ත්‍රණ මාලාවේ පළමු අදියර පාසල් තුනෙහිම සාර්ථක ලෙස උදෑසන 8 සිට පැවත්වූ අතර එහි දෙවන අදියර පසුගිය පෙබරවාරි 20 වන දින අයුරින්ම සාර්ථකව දියත් කෙරිණි. සම්මන්ත්‍රණය පුරාවටම සියලු දෙනාගේම සෞඛ්‍යාරක්ෂාව තහවුරු වන අයුරින් කටයුතු කල අතර අවසානයේ බොහෝ සෙයින් සාර්ථක වූ සම්මන්ත්‍රණ මාලාවක නිමාවක් සනිටුහන් කරන්නට මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝවරුන්ට හැකියාව ලැබිණි.

සම්මන්ත්‍රණ මාලාවෙහිලා සුවිශේෂත්වය වූයේ මාර්ගගත අධ්‍යාපනයට හසු නොවූ බොහොමයකට දැනුම බෙදන්නට අප ලියෝවරුන්ට අවකාශය උදාවීමයි.එපමණක් නොව අස්වැසිල්ලක් අවශ්‍යම මොහොතකදී අස්වැසිල්ලක් වීමට හැකිවීමද මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය ලැබූ භාග්‍යයක් කොට සලකමු


සිත්මල් සෙවණ

 

මිනිසා හට පිහිටට තවත් මිනිසෙක්ම විනා වෙන කිසිවෙකු නැත. මනුෂ්‍යත්වයේ සැබෑ අරුත වනුයේ තවත් මිනිසෙකුගේ මුවගට සිනාවක් එක් කරමින් ඔවුන්ගෙන් පෙරළා කිසිවක් බලාපොරොත්තු නොවීමයි. 


මනුසත්කම පෙරදැරි කරගත් පරෝපකාරයේ දෑත් දිගුකිරීමට අත්‍යවශ්‍යම මොහොතක හිසට සෙවණක් අපේක්ෂාවෙන් සිටින 313 D, උග්ගස්හේන ග්‍රාම නිලධාරි වසමට අයත් කම්බිඅඩිය, විල්පිට, අකුරැස්ස ලිපිනයෙහි පදිංචි මවක් සඳහා නිවහනක් තනා දී ඔවුන්ගේ බලපොරොත්තුවේ සිහින මල්ඵල ගන්වන්නට පොල්ගස්ඕවිට ලියෝ සමාජය, නිල්වලා ලියෝ සමාජය, මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය සහ ගාල්ල උසස් පෙළ තරුණ කැල  එක්ව දරනා උතුම් වෑයමක් වනුයේ "සිත්මල් සෙවණ” ව්‍යාපෘතිය යි.


එම බලාපොරොත්තුවේ  නිවහන යථාර්ථයක් කරගනු වස් 2021 පෙබරවාරි මස 06 වැනිදින ලියෝවරුන් විසින් මෙම උතුම් සත් ක්‍රියාව සදහා මූලාරම්භය තැබූහ. එහි ඉදිකිරීම් කටයුතු දැනටමත් ඔවුන් විසින් ආරම්භ කර ඇති අතර එහි ඉතිරි වැඩකටයුතු සඳහා තවදුරටත් අරමුදල් අවශ්‍ය කර තිබේ. ඔබේ නොමසුරු දායකත්වය, දිළිඳු කම පිටු දකින්නට දරන මේ වෑයමට අපහට සවියක් වනු නියතයි.


ඔබගේ මුදල් අධාර පහත ගිණුම් අංක ඔස්සේ අප වෙත ලබා දිය හැකියි.



M. L. S. R. Y. සිරිවර්ධන 

ගිණුම් අංකය - 103557897089

සම්පත් බැංකුව

ගාල්ල සුපර් ශාඛාව 


L. R. S. S. B. ගනේගොඩ 

ගිණුම් අංකය - 84827612

ලංකා බැංකුව 

කටුබැද්ද කැම්පස් ශාඛාව 


ලොහාන් දේවසුරේන්ද්‍ර

ගිණුම් අංකය - 8070063857

කොමර්ෂල් බැංකුව

මාතර ශාඛාව


ගී රසෝඝ

 

රසාස්වාදය මනුෂ්‍ය හදවත් තුළින් ගිලිහී යමින් පවතින කාලවකවානුවක සංගීතයේ සැබෑ රිද්මය සොයා යන ගමනේ තවත් එක් වෑයමක සාර්ථක නිමාවක් දැකීමට මොරටුව විශ්වවිද්‍යාලයීය ලියෝවරුන් වශයෙන් අපට හැකි විය. එනම් සුසර දියවර වැඩසටහනේ තවත් සොඳුරු ආගමනයක් ලෙසින් දිගහැරුණු "ගී රසෝඝ" සංගීතමය සන්ධ්‍යාවයි.

සංගීතය තම ජීවිතය කරගත් ශ්‍රී ලාංකේය සංගීතයේ සැබෑ රිද්මය තුළින් රසික හදවත් ආමන්ත්‍රණය කරන සුදත් ගාමිණී, සාදර බණ්ඩාර සහ සමන් ලෙනින් යන සොඳුරු කලාකරුවන් ත්‍රිත්වයකගේ සහභාගිත්වයෙන් අර්ථවත් වුණු ගී රසෝඝ සැබැවින්ම අර්ථවත් හෝරා කිහිපයක් විය.

සමාජයේ පවතින වසංගත තත්තවය හේතුවෙන් භෞතික ව මෙම සැඳෑව රසවින්දනයට ඉඩ ප්‍රස්තාව නොලැබුණ ද zoom හා youtube මාධ්‍යය ඔස්සේ පසුගිය පෙබරවාරි 7 වන දින සවස 7 සිට සැබැවින් ම අරුත්බර සුයාමයක මිහිර විඳ ගැනීමට අපට හැකි විය.


International joint general meeting

The first ever international joint general meeting of Leo club of University of Moratuwa and Leo club of the University of Delhi was successfully held on 6th February 2021. This was a remarkable occasion of friendship despite thousands of miles through land and ocean. It really was beginning for a new voyage for both clubs.


The meeting was held via zoom, from 7.00 p.m. onwards. 


The dignitaries of the meeting was marked with the chief guest - president of Leo District 306A2 Praminda Vindika, guest of honour - Leo Ishan Sudan, president of Leo District 321A2 and special guest- chairperson of Leo District 321A2 gracing the occasion. Their presence sailed the occasion to the success. 


Following the successful conclusion of the meeting, Leo Club of University of Moratuwa extends our heartiest gratitude to all the participants who dedicated their valuable time in their busy lives to achieve this eminent advance in the international joint general meeting, sharing the global experiences and innovative ideas.



Light on your dreams

 This is a time that the vigor must be fed to someone's hopes and aims which are getting darkened after O/L and A/L examinations.

"Light on Your Dreams" is a timely needed valuable attempt that was  wielded by  Leo Club of University of Moratuwa to guide the students who could not reach the preferred destination from the O/L & A/L examinations. 


Most of the students do not have a clear idea about the different higher education courses and vocational training programs provided by government and semi government institutes .Our main objective is to guide them to select the most appropriate courses to reach for their dreams. So we launched a website, https://lightonyourdreams.uomleos.org on 10th February that includes collection of details about different courses in 16 government and semi government institutes.

This website includes details of course time duration, qualification that is received, needed entry qualifications, course fee, career opportunities, branches where the courses are available for each course in selected 16 institutes.


We got much amazing feedback from students, teachers and well-wishers of the club by admiring our effort.