වියත් අරුණ

වියත් අරුණ යනු වියපත් දෑතට සවියක් වනු රිසින් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් කන්තලේ ගන්තලාව ප්‍රදේශය අරමුණු කරගනිමින් වැඩිහිටියන් සවිබල ගැන්වීම වෙනුවෙන් දියත් කල ව්‍යාපෘතියකි. මෙය පෙබරවාරි මස 17 වන දින උදෑසන 9.00 සිට ශ්‍රී බෝධි මණ්ඩලාරාමය විහාරස්ථානයේ දී සිදු කෙරුණි. මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය, ප්‍රාදේශීය විදාතා සම්පත් මධ්‍යස්ථානය හා ඒකාබද්ධව ස්වයං රැකියා පුහුණුවක් ලබාදීමට සහ මහජන සෞඛ්‍ය කාර්යාලය සමගින් එක්ව සෞඛ්‍ය කඳවුරක් පැවැත්වීම සහ ඇස් කණ්ණාඩි බෙදාදීම, තවද කන්තලේ මූලික  රෝහලට අවශ්‍ය ලක්ශ දෙකකට අධික දියවැඩියාව ඖෂධ බෙදා දීමද මෙදින සිදු කරන ලදි.



මෙම කර්තව්‍යය සාර්ථක කරගැනීම සඳහා එදින මහජන සෞඛ්‍ය නිලධාරීන් සහ අනිකුත් සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ සහය ලැබුණු අතර ග්‍රාම නිලධාරී අරුණ බංඩාර මහතාගේ සහ විදාතා සම්පත් මධ්‍යස්ථානය  නිලධාරී ලක්මින පීරිස් මහතාගේ විශේෂ සහයක් ලැබුනි. එදින ව්‍යාපෘතිය සමගින් ප්‍රදේශවාසීන් 350ක් පමණ එකවූ අතර ඔවුන් වෙනුවෙන් සංවිධානය කර තිබූ සෞඛ්‍ය කඳවුර සහ ව්‍යවසායකයන් වශයෙන් කුඩා ව්‍යාපාරයක් ආරම්භක කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මනා දැනුමක් ලබාදීමට අපට හැකියාව ලැබුනි. තවද ව්‍යාපෘතියේ ඉදිරි පියවරක් වශයෙන් සාර්ථකව ව්‍යාපාරය පවත්වාගෙන යන අයවළුන් උදෙසා අපගේ සහයෝගය ලබා දීමටද කටයුතු සූදානම් වෙමින් පවතී


සුන්දර කන්තලේ ගන්තලාව  ප්‍රදේශයේ වැඩිහිටියන් පිරිසක් වෙනුවෙන් මෙලෙස අපගේ යුතුකම ඉටුකරලන්නට මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ අපට හැකියාව ලැබීම සතුටට කරුණකි.