"Who wants to be a Millionaire"





"Who wants to be a Millionaire" Awareness program about the Share Market

මාසික බෝධි පූජාව

මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ නව නිලධාරී මඬුල්ලට නව වර්ෂය සඳහා ආශීර්වාද ලබා ගැනීම ප්‍රදාන අරමුණ කර ගනිමින් 2011 ජුලි මස 29 දින සවස ලියෝ සමාජයේ සියලුම සාමාජිකයින් එක්ව වෑවල විජයාරමයේදී බෝධි පූජාවක් පැවැත්වූ අතර එයට සියලුම සාමාජිකයින් ඉතා කැමැත්තෙන් සහභාගී වනු දක්නට ලැබිණි. සාමාන්‍යයෙන් මාසිකව පවත්වන මෙම බෝධි පූජාමය පින්කමට සැම දෙනාම ඉතා කැමැත්තෙන් සහභාගී වනුයේ අධ්‍යාපන කටයුතු වලින් හෙම්බත් වී ඇති සිත් සතන් නිවා සනහා ගනු පිණිසයි.

ලියෝ සාමාජිකයින් වශයෙන් සමාජයට සේවය කිරීමට පෙර තමන් හොඳ මානසිකත්වයක සිටීම අත්‍යවශ්‍ය වේ. ඒ වෙනුවෙන් මෙය ඉතා අගනා අවස්තාවක් වන්නෙහිය. සියලු දෙනා සමඟ පන්සල වෙත පියමන් කර ගරුතර ස්වාමීන් වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව බෝ මලුව ඇමද , මල් පහන් සුදානම් කිරීමෙහි නිරත වූ අතර සැම දෙනාම එක්ව පහන් දල්වීමෙහි නිරත වුයේ ඉන් අනතුරුවයි.

මෙම පන්සල පිහිටා තිබෙන්නේ බොල්ගොඩ ගඟට ඉතාමත් යාබදව නිසාවෙන් ඉතාමත් සොමය වූ සිහිල් මඳ පවනක් අප ගත වටා එතෙමින් , ගතෙහි මෙන්ම සිතෙහිද වූ හැම වෙදානවක්ම සැහැල්ලු කරමින් සිතට අපමණ නිස්කලංක බවක් ගෙන ආ හැටි වචනයෙන් විස්තර කිරීමට යාම අසාධාරණ යැයි කිව මනාය. එය එහි ගොස් විඳ ගත යුතු සුන්දරත්වයක්මය. එලෙසින්ම පහන් දැල්වීමේදී එම මඳ සුළඟම අප හට බාධා කල අයුරු හරිම අපූරුය. එහෙත් අපි එකට එක්ව සුළඟ හා මිතුරු වෙමින් පහන් දැල්වීමට සමත් වූයෙමු.

මල් පහන් සුදානම් කිරීමෙන් අනතුරුව ස්වාමීන් වහන්සේ වැඩම කර සියලු දෙනා පන්සිල්හි පිහිටුවා අනතුරුව බෝධි පූජාව පවත්වා බලාපොරොත්තු වූ අයුරින් නව නිලධාරී මඬුල්ලට මෙන්ම සියලුම දෙනාට සෙත් ශාන්තිය ප්‍රර්ථනා කරන්නට යෙදුනාහ.
බෝධි පූජාව අවසානයේ නැවත අපි සරසවියට පා නැගුවේ කියා විස්තර කල නොහැකි තරමේ නිදහස් සිතක් සමඟිනි. සියලුම ලියෝ සාමාජිකයින් එකම අරමුණක් වෙන එකතු වෙමින් , තම චිත්ත සන්තානයන් දහමින් පෝෂණය කර ගනිමින් , අවසන සතුටින් විසිරී යාමෙන් එකිනෙකාගේ සිතට සතුටක් ගෙන ඒමට සමත් විය.