සමාධි - ලියෝ සේවා දිනය වෙනුවෙන්...

සමාධි- ගාල්ල බද්දේගම ප්‍රදේශයේ විහාරස්ථානයක කරනු ලැබූ පුණ්‍යකටයුත්තක් විදියට හඳුන්වන්න පුළුවන්. කුඩා දරුවන්, තරුනයින්, වැඩිහිටියන් වෙනුවෙන් කෙරෙන ව්‍යාපෘති අතර ආගමික පුනර්ජීවය වෙනුවෙන් අපේ දායකත්වය ලබාදෙන්න ක්‍රියාත්මක කෙරුනු මේ ව්‍යාපෘතිය සුවිශේෂී ව්‍යාපෘතියක්. ඊට හේතුව මේ ව්‍යපෘතිය පැවැත්වුනේ ලියෝ සේවා දිනය නිමිති කරගෙන වීමයි.





2014 දෙසැම්බර් මස 07 වෙනි දින පැවති ව්‍යාපෘතියට ලියෝවරුන් රැසක් වගේම සාමාජිකත්වය අපේක්ෂාවෙන් සිටින සොහොයුරන් රැසකුත් එක්වුනා. වැඩසටහන සාර්ථක කරගන්න මේ දෙපිරිසම එක හා සමානව වෙහෙසුන බව නම් කිව යුතුමයි. එම විහාරස්ථානයේ ඉදිරි වැඩකටයුතු සඳහා අවශ්‍ය කරන වැලි සහ ගල් වැනි ද්‍රව්‍ය අවශ්‍ය ස්ථාන වලට හුවමාරු කිරීම අපේ අතින් සිදුවුනා.




මේ අවස්ථාවට සහභාගි වෙන්න දුර බැහැර ප්‍රදේශ වලින් පවා පැමිණ සිටි අපෙ සොහොයුරන්ට ගමේ ජනතාවගෙන් ලැබුනේ ඉතාම සුහදශීලී ආගන්තුක සත්කාරයක්. පිපාසය නිවාගන්න තේ, තැඹිලි විතරක් නෙවෙයි දිවා ආහාරයත් අපි වෙනුවෙන් පිළියෙල කර දෙන්න ඔවුන් අමතක කරේ නැහැ.


වැඩසටහන අවසානයේදි නායක ස්වාමීන් වහන්සේ අනුශානාවක් සිදු කරමින් කිව්වෙ මෙ උතුම් ක්‍රියාව ගමේ ජනතාවටත් ආදර්ශයක් කියලයි.

 




GOLDEN NETZ - 2014

Golden Netz- Indoor cricket tournament was organized for the 2nd time on behalf of the multiple district council by UoM Leos jointly with 10 other Leo Clubs representing all the districts of Leo multiple district 306. Event was held on 2nd November 2014 at Fingara Indoor Cricket Academy, Boralesgamuwa.


Presence of Leo leaders including Multiple District president Anju Panditharathne graced the occasion. Project chairman Leo Themiya Bandara introduced the rules and regulations of the game to participants before the battle begins.


After lots of close battles team representing Leo Club of Nawala Metro emerged as the winners beating the team represented Leo Club of Piliyandala. Not only were the teams, but also best batsman, best bowler, man of the final match, man of the series awarded at the awarding ceremony of the event.


 All Leos from all around the country enjoyed the day full of fun and joy. We are thankful to all the visiting Leos who were there. 


You are the One

“You are the one”- Leadership Development program was held at M/Deiyandara Central College. More than 100 students participated for the program. Within the day they had inspirational speeches from our Leos as well as practical sessions to build up their self-confidence, leadership & team work skills.



Students actively participated for all those events throughout the day & they were keen to make most out of it. Their positive impression about the program motivated our members to do more and more activities with them till evening.


At the end of the day, it was a really successful leadership camp for the students. Even the school staff praised the work carried out by our Leos.

Finally, we are really thankful to everyone who supported us. Hope to see you in another similar kind of event. 

Beach Cleaning Campaign

Another annual event organized by Leo club of University of Moratuwa, Beach Cleaning campaign held this time also at Mount Lavinia beach.
Mount Lavinia beach is world famous beach & attracts thousands of tourists annually. With it’s high attraction it has been vulnerable to environmental problems caused by the irresponsible behavior of local & foreign tourists. 



We, UOM Leos conducted this beach cleaning session in collaboration with the Central Environmental Authority of Sri Lanka on 25th of October 2014.

Along with the beach cleaning we conducted awareness campaign to inspire people toward cleaner country. We distributed leaflets printed by Central Environmental Authority among the people in the area. 

කැකුළු අරණ...

පුංචි මල් කැකුළු වෙනුවෙන් හැමදාමත් කැපවෙන UOM LEOs අපි මෙවරත් ලෝක ළමා දිනය නම් අමතක කරේ නැහැ. ලෝක ළමා දිනය සැමරීමට අපි මෙවර එක්වුනේ මොරටුව විශ්වවිද්යාලය අසළ පිහිටි සුමුදු පෙර පාසලේ දරු දැරියන් සමඟයි.


උදෑසනින්ම එහි ගිය අපිට ඔවුන්ගෙන් ලැබුනෙ උණුසුම් පිලිගැනීමක්. දව පුරාම ඔවුන් සමඟ ගත කරමින් විවිධ ක්රියාකාරකම් වලට ඔවුන් සමඟ එක්වන්නට අපිට පුලුව්න් උනා. මේ හැම දෙයක් අතරෙම ඔවුන් අපිත් සමඟ ඉතාම මිත්රශීලී උනා.

දිනය පුරාම පුංචි සිත් සතුටින් පුරවාලූ අපි ඔවුන්ට තෑගි බෝග දෙන්නත් අමතක කරේ නෑ. මේ ගෙවුනු සොඳුරු පැය කිහිපය ලෝක ළමා දිනය අර්ථවත්ව සමරන්නට අපිට පුලුවන් උනා විතරක් නෙවෙයි අපි බොහෝ දෙනෙකුට තමන්ගෙ ජීවිතයේ කුඩා කාලය සිහිපත් කරගන්නටත් ඉවහල් උනා.


මේ මහඟු කර්තව් සඳහා අපිට උදව් උපකාර කරපු පෙර පාසලේ ආචාර්යතුමිය ඇතුලු සියලු දෙනාට ස්තුති කිරීමත් අපේ යුතුකමක්. 

මහේෂ් අබේවික්‍රම අනුස්මරණ අන්තර් පාඨශාලීය සිංහල විවාද තරඟාවලිය

මොරටුව විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජය විසින් 2012/13 ලියෝ වර්ෂයේදි හඳුන්වාදෙනු ලැබූ මහේෂ් අබේවික්‍රම අනුස්මරණ අන්තර් පාඨශාලීය සිංහල විවාද තරඟාවලියේ තෙවන අදියර මෙවරත් අති සාර්ථක අයුරින් පැවත්විනි.


 පිට පිටම දෙවතාවක් ලියෝ දිස්ත්‍රික් සමුළුවේදි හොඳම අධ්‍යාපන  ව්‍යාපෘතිය ලෙසත් 2013/14 ලියෝ වර්ෂය සඳහා ලියෝ සමාජ අතුරින් සමස්ථ ලංකා හොඳම අධ්‍යාපන ව්‍යාපෘතිය ලෙසත් සම්මාන දිනූ ව්‍යාපෘතිය මෙවර පවැත්වුනේ පාසැල් 16ක් සහභාගීත්වයෙන්.

සමාරම්භක උත්සවයේ ප්‍රධාන අරාධිත අමුත්තිය ලෙස ලියෝ දිස්ත්‍රික් සභාපතිනි ලියෝ චන්දිමා විතානගේ සහභාගි වූ අතර ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මැතිතුමන් සහභාගී වුනා.



විවාද තරඟාවලිය අතරතුර ලියෝ බහු මණ්ඩල සභාපති අන්ජු පණ්ඩිතරත්න ද තරඟ නැරඹීමට එක්වුනා. වට ගණනාවකින් සමන්විතව පැවති තරඟාවලියේ තියුනු තරඟයකින් පසු කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය පරාජය කරමින් ජය හිමි කරගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයීය විවාද කණ්ඩායමයි.

පියවරෙන් පියවර ඉදිරියට යන මහේශ් අබේවික්‍රම අනුස්මරණ අන්තර් පාඨශාලීය සිංහල විවාද තරඟාවලියේ තෙවන අදියර ඒ අයුරින් නිමාව දුටුවේ වඩාත් සාර්ථක සිව්වන අදියරක් ලබන වසරේදීත් ඔබ වෙත ගෙන ඒමේ අපේක්ෂා පෙරදැරිවයි.




පන්හිඳෙන් ඔබ්බට...!




"වැලි කැට දෙකක් එක සමාන නෑ...
අපේ අත් දෙක උනත් එක සමාන නෑ...
ඒ වෙනස්කම් දකින්න අපි පුරුදු වෙන්න ඕන,
අන්න ඒකට තමයි කියන්නෙ නිරීක්ෂණය කියල..."
- මහාචාර්ය ධම්මික ගංගානත් දිසානායක





දිනය සැප්තැම්බර් මස 17 වෙනිදා.දෛනික වැඩ කටයුතු නිමවී දේශන ශාලා අඩ අඳුරෙ ගිලෙද්දි, විශ්ව විද්‍යාලයීය ජේම්ස් ජෝර්ජ් ශාලාවෙන් නම් දිස්වුනේ දිනයේ වැඩකටයුතු තවමත් අහවර නොවූ බවක්. මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන දේශන මාලාවේ තවත් එක් පියවරක් ජේම්ස් ජෝර්ජ් ශාලාවෙදි මෙසේ දිගහැරුනෙ හර බර දේශනයකට මග හසර විවර කරමින්.

හැමදාමත් වගේ මෙවන් සංවාද සඳහා යොදාගන්නා ජේම්ස් ජෝර්ජ් ශාලාව මෙදිනත් අතුරු සිදුරු නැතිව පිරී ගියේ කාර්ය බහුල අධ්‍යාපන රටාවෙන් ඉරි තැලීගිය ජීවිත වලට දිය බිඳක් අපේක්ෂා කරන සිය ගණනක්වූ තරුණ තරුණියන්ගෙන්.



මෙවර දේශකයන් ලෙස සහභාගි වුනේ මහාචාර්ය ගංගානාත් දිසානායකයන්. අපි බොහෝ දෙනෙක් එතුමන් විසින් රචනා කරන "පැණි වළලු" ලිපි පෙළ කියවල තිබුනත් එතුමන්ව මුනගැසී තිබුනෙ නැහැ. මේ ගෙවුනු සොඳුරු දෙහෝරාව ඇතුලත මේ ලිපි ඇතුලත සැඟවුනු එතුමන්ගෙ ජීවිත අත්දැකීම් වගේම තවත් බොහෝ දේ අපේ දැනුම පොතට එකතු කරගන්න අපිට හැකිවුනා. මෙවන් හරවත් රසබර දේශනයක නිමාව සනිටුහන් වුනේ අපි සියලු දෙනාගෙම ජීවිත වලට අමතක නොවෙන අත්දැකීම් සමුදායක් එක් කරමින්.


දහසක් වැඩ කටයුතු මධ්‍යයේ තම වටිනා කාලයෙන් මොහොතක් අප වෙනුවෙන් වෙන්කල  මහාචාර්ය ගංගානාත් දිසානායකයන්ට පුංචි සමරු තිළිණයකින් අපගේ ස්තූතිය පළකිරීමට UOM LEOs අපි අමතක කළේ නෑ.






Donner La Sagesse

“Donner La Sagesse” was a project conducted at Mathugama Diyapaththugama S.A Welgama Kanishta Vidyalaya. This project was conducted jointly with the Siyapatha Padanama on 12th of September 2014.We are really thankful to Siyapatha Padanama, which is formed by a group of passed out graduates of our university.

Main intention of the project was to strengthen the existing library in the school. While donating the books requested by the school, we were able to distribute Geometric tool boxes to all of the students in the senior section of the school. In the senior section of the school there were 91 students & as we found out most of them found our donations useful since they didn’t have geometric tool boxes on their own. All the donations worth more than 25,000 LKR.


Further we organized an O/L seminar for the students of grade 10 & 11. Our members discussed two papers related to mathematics & science with them. Students were really happy about our presence there. They expressed their gratitude about the program conducted there. Project “Donner La Sagesse” was successfully ended up with Donner La Sagesse (Giving Wisdom).


We are really thankful to our Region coordinator Leo Lion Kosala Kularathne for his precious support given.  


දිරිය මිනිසුන් වෙනුවෙන්...

මාස කිහිපයක් පුරාවට රටේ ප්‍රදේශ රැසකට බලපෑම් කළ නියඟයෙන් පීඩාවට පත්වුනු ජනතාවට සහනයක් සලසන්න UOM LOES අපි දියත් කරපු ව්‍යාපෘතිය තමයි "දිරිය මිනිසුන් වෙනුවෙන්" කියන ව්‍යාපෘතිය.
ලියෝ වර්ෂය ආරම්භයේදිම දියත් කරපු මේ දැවන්ත ව්‍යාපෘතියට ලියෝ දිස්ත්‍රික්කය ඇතුලු විශාල පිරිසකගෙන් ලැබුනු සහයෝගය සිහිපත් කල යුතුමයි. මේ ව්‍යාපෘතියට පොල්ගස්ඕවිට ලියෝ සමාජයෙන් ලැබුනු දායකත්වය වගේම  විශ්වවිද්‍යාලයෙන් ලැබුනු සහයෝගයත් සුවිශේෂයි.

මේ ව්‍යාපෘතිය සඳහා අපි තෝරාගත්තේ අනුරාධපුර සිට කිලෝ මීටර් 60ක් පමණ දුරින් පිහිටි කැබිතිගොල්ලෑව යකා වැටුනු වැව කියන ගම්මානය.සම්බන්ධීකරණ කටයුතු සම්පූර්ණ කරගත් පසු ආධාර එකතු කිරීම ආරම්භ කල අපිට එහිදි ලැබුනේ අපි කවුරුත් අපේක්ෂා නොකළ ආකාරයේ උණුසුම් ප්‍රතිචාරයක්. එහි ප්‍රතිඵලයක් විදියට මුලින් සැලසුම් කලාට වඩා විශාල සේවයක් එම ජනතාවට සලසන්නට අපට හැකිවුණා.

ලක්ෂ 2කට ආසන්න වටිනාකමක් සහිත පානීය ජලය බවුසරයක්, බෝතල් කළ පානීය ජලය, වියළි ආහාර රැගෙන ගිය අපට ජීවිතයේ කවරදාකවත් අමතක නොවන සතුටක්  එම ව්‍යාපෘතියෙන් විඳින්නට හැකිවුණා.



මෙම ගම්මානය පිළිබඳවත් විෂේශයෙන් කිවයුතු දෙයක් තියෙනවා. ඒ තමයි අපි හැමෝම දන්න කැබිතිගොල්ලෑව බෝම්බ ප්‍රහාරයෙන් මියගිය බොහෝ දෙනෙක් මෙම ගම්මනයේ පිරිස බව එහි ගිය අපිට දැනගන්නට ලැබුනා. අයහපත් කාලගුනයෙන් වගේම කුරිරු ය්ද්ධයෙනුත් පීඩා විඳපු මේ ජනතාව අපේ උදව් උපකාර හැමදෙයක්ම පිලිගත්තෙ බොහොමත්ම ස්තුති පූර්වකවයි.
UOM LEOS දියත් කරපු මේ ව්‍යාපෘතියත් එක්ක අනිත් ලියෝ සමාජත් මේ ජනතාවට සහන සළසන්න ඉදිරිපත් වීම අපිට  සතුටට කාරණයක් කියන එකත් මෙහිදි මතක් කළ යුතුයි.


12th Installation Ceremony of UOM LEOS

12th Installation ceremony of the UoM Leos was held on 10th August,2014 at Civil Auditorium of University of Moratuwa. This colorful & joyful event was delighted by distinguished guests & invitees.
Chief guest of the occasion was newly elected district president of Leo district 306A2 Leo Chandima Vithanage. PDP of Leo district 306A2 Leo Lion Kaneel Maddumage graced the occasion as guest of honor while multiple leo district chairperson Lion Anver Dole MJF joined as the special guest of the occasion.



Newly elected president Leo Shehan Madusanka & the office bearers installed for the leoistic year 2014/15.

Newly elected office bearers are as follows. 





President
Leo Shehan Madusanka
Vice President
Leo Ivan Udakara
Secretary
Leo Awantha Dewanarayana
Treasurer
Leo Pamuditha Abeysekara
Assistant Secretary
Leo Chathuranga Buddhika
Chief Editor
Leo Piyumi Pabasara
Activity Directors
Director – Service
Leo Umesh Eshantha
Director – Self Development and Youth
Leo Lahiru Buddhika
Director – International and Inter Club Relation
Leo Yasas Sri Kawinda
Director – Fund Raising
Sachintha Manoj
Director – Literacy and Education
Leo Yasanka Jayawardana
Director – Environmental
Leo Hasintha Samith
Director – IT, web site, PR & Publicity
Leo Udith Shan
Director – Sport and Leadership Development
Leo Chathura kodippili
Director – Health care, Religion and Culture
Leo Mihimal Kadurugamuwa
Director – Children and Elder Care
Leo Ayesha Kumari
Editorial Panel

Leo Heshani Samarasekara

Leo Kalhari Apsara

Leo Piyumi Prasanna

Leo Oshan Lakmal

Leo Pubudu Dodangoda




LEO Cricket Tournament & After Party

හැමදාමත් අලුත් ව්‍යාපෘති එක්ක කාර්ය බහුල වෙන UOM LEOS අපි, අපේ ලියෝවරුන්ට එකතු වෙලා විනෝද වෙන්න පුලුවන් විදියෙ ව්‍යාපෘතියක් විදියට තමයි ක්‍රිකට් තරඟය සංවිධානය කරේ.


වසර ගාණකට කලින් ලියෝ සමාජයට එක්වුණු ජ්‍යෙෂ්ඨ සාමජිකයන් වගේම නවක සාමජිකයිනුත් හවස 2 විතර වෙද්දි විශ්වවිද්‍යාල ක්‍රීඩාංගනයට එකතු උනා. කණ්ඩායම් කිහිපයක් විදියට තරඟයට එක්වුනත් සියලුම දෙනා සහෝදරත්වයෙන් මිත්‍රත්වයෙන් තරඟයට එක්වුනේ වසර ගණනක මතකයත් ආවර්ජනය කරමින්.

තරඟය අවසානයේදි ජයග්‍රාහකයන්ට කුසලාන  වගේම හොඳම පිතිකරු, හොඳම පන්දු යවන්නා සඳහාත් සම්මාන ලබාදුන්නා.

සතුට විනෝදය පිරුනු සන්ධ්‍යාව පුංචි සාදයකින් වගේම විනෝදාත්මක තරඟ කිහිපයකිනුත් සමන්විත උනා.
විවිධාකාර හැකියාවන්ගෙන් පරිපූර්න ලියෝවරුන්ගෙ ක්‍රීඩාශීලිත්වය සොඳුරු සැඳෑව ආලෝකවත් කරේ වැස්සෙන් එකතු වුන බාධාවනුත් ආශිර්වාදයක් කරගෙන.