රෝපණ නැකත

හිරු මුල්වුණු නැකැත් බැඳුනු හෙළයේ මහා මංගල්‍යයට අපිටත් කලියෙන් ලක ලැහැස්ති වෙන්නෙ ගහකොළ සතා සීපාවො. දුර ඈතක ඇහෙන කොහාගෙ සද්දෙත් එක්ක යන්තමට රත් එරබදු හිනැහෙද්දි ගම්මානෙ පැල්කොට අවුරුදු කුමාරයාව පිළිගන්නට ලැහැස්ති වෙන්නෙ හරිම උද්‍යෝගයෙන්. ඵල බරට නැමුනු ගහකොල, සුපසන් අහස පවා මේ අසිරිමත් මංගල්‍යයට එක් කරන්නෙ මහත් ආශිර්වාදයක්. හෙළ සිරිතට මුල් තැන දෙමින් ලක්වැසි සෑම නිවසකම පාහේ මෙසේ චාරිත්‍ර විධි ඉෂ්ට සිද්ධ වෙද්දී මොරටුව විශ්වවිද්‍යාලීය ලියෝ සමාජය අලුත් අවුරුද්දෙ මූලික චාරිත්‍ර අතර, මඟහැරෙනසුලු චාරිත්‍ර අලුත් විදිහකට සමාජගත කරන්නට ගත් තවත් එක් උත්සාහයක් ලෙසට "රෝපණ නැකත" වැඩසටහන පටන් ගන්නෙ 2006 අවුරුද්දෙ.

මෙදා අවුරුද්දෙ රුක් රෝපණ නැකත යෙදී තිබුනෙ අප්‍රේල් 15 වෙනිදා. ඒ අනුව කල යුතු වූයේ මෙවරත් අප්‍රේල් 14 ,15 දෙදින තුළ වැඩ අල්ලන නැකතට පැලයක් සිටුවා එහි ඡායාරූපයක් UoM Leos නිල ෆේස්බුක් පිටුවේ පල කිරීමයි. ඒ අනුව දෙදින පුරාම ලියෝවරු මෙන්ම ලක්වාසීන් රැසකගේ උද්‍යෝගිමත් දායකත්වය මේ වෙනුවෙන් ලැබුණ බව කිව යුතුමය.

මිනිසා වෙනුවෙන්ම සේවය කොට මිනිසා නිසාම මියැදෙන සොබාදහමට සැබවින් ම අපි කෘතවේදී විය යුතුය. අවුරුද්දට සොබාදහමේ සිද්ධ වෙන පෙරළියේ අසිරිය විඳින්නට මතු පරපුරටත් අවස්ථාවක් දිය යුතුම ය. එහෙයින් හරිත ලොවක් අරමුණු කරගත් "රෝපණ නැකත" මෙදා අවුරුද්දෙත් රටපුරාම වැඩ ඇල්ලුණු යොවුන් දෑත් රැසකින් තුරු හදවත් විශාල සංඛ්‍යාවකට ජීවය දෙමින් ඉතා සාර්ථකව නිමා වුණු බව කිව හැකිය.

LEO Ape Awurudu

The dawn of month April fills the hearts of Sinhalese as well as Tamil people with prosperity, happiness and satisfaction, because it concludes the harvest season. The transition of the Sun from the House of Pisces to the House of Aries indicates the beginning of a New Year according to Sinhalese culture. Festive mood with various sweetmeats, auspicious times, various rituals enhance the enthusiasm in minds.

To experience this precious ceremonial function with its rituals and cultural games, Leo Club of University of Moratuwa conducted an outstanding Awurudu function at the University Lagaan premises, on 6 th April 2019 from 9.00 in the morning with the participation of Leos, prospects and past Leos. An attractive village house with the owners of it; Gama Mahatthaya and his beloved wife added an extra beauty to the program. Wife of Gama Mahatthaya, the lady in the house lit the hearth and cooked a pot of milk rice signifying prosperity. All the participants got the chance of tasting this milk rice and other sweets specially made with deliciousness. After the rituals, the Awurudu games commenced.

It was heart touching to see all the members playing together without concerning about any other factors but only the brotherhood. The most fascinating item in the function was the pillory and most of the members were given the opportunity to obtain an experience with the pillory and some situations are unforgettable. Bridging friendship together traditional games and joyous activities were the theme of the day. At the end of this blissful event, all the winners were given delectable gifts, which were opened just after the distribution. All the participants, whether winners or the defeated, got an equal opportunity of tasting the distributed sweets. The donation of past Leos of the club to appreciate the President Leo Kasun Ramanayaka was a special moment. All the participants were thrilled and built an everlasting bond succeeding the purpose of the event.