සෙනෙහසේ දෑත.

“මනුසත්කමින් පිරුනු හදවත් සෙනෙහසින් එක කල සෙනෙහසේ දෑත…”

 පසුගිය ජුනි මස ඇතිවූ ගංවතුරත් සමඟ අවතැන්වූ ගාල්ල බද්දේගම, හැම්මෑලිය, බොරළුකඩ  යන ප්‍රදේශවල අපේම මිනිසුන් හට අත්වැලක් වීම අරමුණු කර ගනිමින්, සදර්න් මෙට්රො ලියෝ සමාජය, බද්දේගම ක්‍රිස්තුදේව බාලක විද්‍යාලයීය  ලියෝ සමාජය, බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයීය  ලියෝ සමජය, බද්දේගම ලියෝ සමාජය ,ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය ලියෝ සමාජය සහ මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය එක්ව සෙනෙහසේ දෑත ව්‍යාපෘතිය දියත් කරන ලදි.

ගංවතුරින් අවතැන්වූ එම ප්‍රදේශවල පවුල් 15 ක් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුලත් බඩුමලු ලබා දීම පසුගිය ජුනි මස 20 වන දින සියලුම සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් සිදු කෙරිණි.මේ සඳහා පරෝපකාරය කැමති බොහෝ දෙනෙකුගේ උදව් උපකාර  අප වෙත ලැබිණි . 

වසර ගණනක් තිස්සේ  ඔවුන් උපයාගත් දෑ එක් නිමේශයකින් ජල රකුසාට ගොදුරු වන මොහොතකදී, මිනිසත්බවේ දෑත් දිගු කරමින් ඔවුන්ගේ මුවඟට සිනහ එක් කරන්නට, මෙලෙස අප සැම සමත් විය.