ගී රසෝඝ

 

රසාස්වාදය මනුෂ්‍ය හදවත් තුළින් ගිලිහී යමින් පවතින කාලවකවානුවක සංගීතයේ සැබෑ රිද්මය සොයා යන ගමනේ තවත් එක් වෑයමක සාර්ථක නිමාවක් දැකීමට මොරටුව විශ්වවිද්‍යාලයීය ලියෝවරුන් වශයෙන් අපට හැකි විය. එනම් සුසර දියවර වැඩසටහනේ තවත් සොඳුරු ආගමනයක් ලෙසින් දිගහැරුණු "ගී රසෝඝ" සංගීතමය සන්ධ්‍යාවයි.

සංගීතය තම ජීවිතය කරගත් ශ්‍රී ලාංකේය සංගීතයේ සැබෑ රිද්මය තුළින් රසික හදවත් ආමන්ත්‍රණය කරන සුදත් ගාමිණී, සාදර බණ්ඩාර සහ සමන් ලෙනින් යන සොඳුරු කලාකරුවන් ත්‍රිත්වයකගේ සහභාගිත්වයෙන් අර්ථවත් වුණු ගී රසෝඝ සැබැවින්ම අර්ථවත් හෝරා කිහිපයක් විය.

සමාජයේ පවතින වසංගත තත්තවය හේතුවෙන් භෞතික ව මෙම සැඳෑව රසවින්දනයට ඉඩ ප්‍රස්තාව නොලැබුණ ද zoom හා youtube මාධ්‍යය ඔස්සේ පසුගිය පෙබරවාරි 7 වන දින සවස 7 සිට සැබැවින් ම අරුත්බර සුයාමයක මිහිර විඳ ගැනීමට අපට හැකි විය.


No comments: