මනුසත් හදවත්

රට තුළ පවතින උග්‍ර ආර්ථික අර්බුදය හේතුවෙන් අති බහුතරයක් ශ්‍රී ලාංකික ජනතාව මේ දිනවල එදිනෙදා ජීවිතය ගත කරන්නේ ඉමහත් අසීරුවෙනි. කුසට අහරක් නොමැතිව ජීවිකාව ගෙවන බොහෝ පිරිස් නිර්මාණය වී ඇති මොහොතක, කොළඹ නගරය ආශ්‍රිතව පිහිටා ඇති අඩු ආදායම් ලාභී නිවාසවල වෙසෙන ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ඔවුන්ට විවිධ ආහාර වර්ග බෙදාදීමේ වැඩසටහනක් ජුනි මස 21 වන දින කොළඹදී පැවැත්වීමට මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ අපට හැකි විය.


මෙහිදී කොළඹ අවට වූ මහල් සංකීර්ණවල වෙසෙන අසරණ ජනතාව වෙත කොස්, දෙල්, පොල්, මඤ්ඤොක්කා වැනි ආහාර වර්ග ලබා දීමට කටයුතු කෙරිණි. මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ සාමාජිකයන්ගේ දායකත්වයෙන් සහ මුලටියන දිද්දෙනිපොත වතුයායේ අධිපතිතුමන්ගේ අනුග්‍රාහකත්වයෙන් සිදු කළ මෙම ව්‍යාපෘතිය සියලුදෙනාගේම ඉමහත් පැසසුමට ලක්වුණි.






No comments: