Among Us

 We are born alone, live alone and die alone. Only through our love and friendship can create the illusion for the moment that we are not alone.’


Among us is a project initiated by the Leo Club of the University of Moratuwa, together with Leo Club of Saegis campus, Leo club of Rahula College and Leo club of Panadura Alubomulla, in mid-October. The aim of this project was to help the University and School students, who face hardships when accessing online learning during this pandemic period. The project was given the name “among us” as this project idea was a suggestion made by some of the Leos from Saegis Campus while playing the game “among us”.

By now, we have received donations around Rs.20,000 , and the data packages were donated to students in two phases in November and December. We have helped more than 30 students through this project. We extend our heartiest gratitude to everyone who joined with us.

දිවියට දිරියක්


ජීවිතය දිනන්නට තම උත්සාහය සහ කැපවීම ඉණිමගක් කර ගනිමින් සාර්ථකත්වය කරා දිවි ගමන දියත් කරන දිරිය ලියන් පිළිබඳ ව අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එසේම එවැනි කාන්තාවන් රටකට මහඟු සම්පතක් ද වන්නේය. 



ඉතින් එවැනි වටිනා දිරිය ලියන් සමූහයක් හමු වීමට මොරටුව විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජයේ අපි පසුගියදා ගියෙමු. ඒ අනුව ඔවුන්ගේ දිවියට දිරියක් වෙමින් ආර්ථිකය සවිමත් කරනු වස් ඔවුන්ට අවශ්‍ය දැනුම සමඟ මහන යන්ත්‍ර ලබා දීමේ වැඩසටහනක් අති සාර්ථක ව දියත් කිරීමට පසුගිය දෙසැම්බර් 20 වන දින ගාල්ල මැටරඹ ගම්මානයේදී අපට හැකි විය.



බොහෝ දෙනෙකුගේ උදව් උපකාර ද සහිත ව මෙම දිරිය ළඳුන් හට අත්වැලක් වී ඔවුන්ගේ අභිවෘද්ධිය සඳහා දායකත්වය ලබා දීමට හැකි වීම ලියෝවරුන් වශයෙන් අප ලත් වටිනා ම අවස්ථාවක් මෙන්ම අත්දැකීමක් ද විය.

නිම්න තීර්ථ

 

ජීවිතයේ කඩාවැටීම් අත්දැකීම් කරගෙන, ඒ අත්දැකීම් පන්නරයක් බවට පෙරළමින් ජයටැඹ කරා පියමං කරනු වස් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය මඟින් දියත් කරනු ලැබූ සෙනෙහසේ යාත්‍රාව, "නිම්න තීර්ථ " අති සාර්ථක අයුරින් නිමාවට පත් වූයේ 2000 කට අධික ප්‍රේක්ෂකයන්ගේ සුවහසක් පැසසුම් ලබමිනි.

උසස් පෙළ විභාගයට මුහුණ දුන්, නැවත පෙනී සිටීමට අපේක්ෂා කරන සිසු සිසුවියන් වෙනුවෙන්ම දිගහැරුනු මෙම වැඩසටහන, ලියෝ දිස්ත්‍රික් 306 A2 සභාපති, ප්‍රමිඳ වින්දික ප්‍රධාන ආරාධනයෙන් 2020/ 12/12 වන දින රාත්‍රී 7 සිට 9 දක්වා Zoom හරහා මෙන්ම යූ ටියුබ් හරහා ද සජීවීව විකාශය වූයේ අභිමන් පරපුරක ලෙංගතු යුතුකම ලියෝවරුන් විසින් නොපිරිහෙලා ඉටු කරමින් ය.

හදවතේ ගැඹුරුම තැන ස්පර්ශයෙන් නැණස පාදනු  වස් නිම්න තීර්ථයත් සමඟින් අත්වැල් බැඳගත් ඒ අපූර්ව පෞරුෂත්වයන් වනුයේ මණ්ඩප පණ්ඩිතගේ, පන්කජ උයන්ගොඩ, පුලස්ති පනම්ගම හා සහන් ප්‍රනාන්දු ය. ඔවුන්ගේ ජීවන පන්නරයෙන් නිම්න තීර්ථය යථාර්ථයක් බවට පත් කරමින් ජීවිතයේ ජයග්‍රහණය කරා යන මාවතේ සොඳුරු නිමාවන් දකිනු වස් ජීවිතය දිනන්නට ගොඩවැදුනු සියල්ලන්ගේම ගෞරවාදරයට පත්වූ මෙම වැඩසටහන පිළිබඳව ලියෝවරුන් වන අපතුළ ඇත්තේ නිහතමානී සතුටකි.

Leo Lion වෙන්දේසිය

තාක්ෂණයේ දියුණුව සෑම ක්ෂේත්‍රයක් කෙරෙහිම ඵලදායිව යොදාගත හැකි බව අපූර්වට පසක් කරමින් පසුගියදා මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය සහ දෙහිවල උතුර සිංහ සමාජය එක්ව දියත් කළ "Leo Lion වෙන්දේසිය" සැමට නවමු අත්දැකීමක් එක්කළහ.

වෙන්දේසියක් කියූ පමණින් අපගේ සිතට එන්නේ බොහෝ පිරිසක් එක ස්ථානයකට එක්ව මිල ගනන් කියමින් භාණ්ඩ, මිලමුදල් හුවමාරු කරගන්නා දසුනකි. ඒත් මේ වෙන්දේසිය ඊට බොහෝ සෙයින් වෙනස් අත්දැකීමක් එක්කළ දෙයක් විය.

ඒ අනුව මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය සහ දෙහිවල උතුර සිංහ සමාජය එක්ව සංවිධානය කළ Leo-Lion වෙන්දේසිය නොවැම්බර් 29 දින පෙ.ව. 9.00 සිට ප. ව. 5.00 දක්වා "Leo-Lion වෙන්දේසිය" ෆේස්බුක් පිටුව හරහා සාර්ථකව පැවැත්විණි. ඒ සඳහා ලංකාව පුරා විසිරී සිටින සිංහ සමාජ සාමාජිකයන්ට, ලියෝ සමාජ සාමාජිකයන්ට මෙන්ම වෙන්දේසිය තුළින් නිර්මාණ මිලදී ගැනීමට, අලෙවි කිරීමට කැමති සියලුම දෙනාට ආරාධනා කෙරිණි.



විකිණීම සඳහා ලියාපදිංචි කර තිබුණු අතර ඒ අනුව ඉතාමත් සාර්ථක අන්දමින් බොහොමයක් නිර්මාණ වෙන්දේසියේදී උපරිම වටිනාකමක් ලබාගනිමින් අලෙවි විය.

එසේම මිලදී ගත් සියලු භාණ්‌ඩ කුරියර් සේවාවක් හරහා හුවමාරු කරවීමට අප කටයුතු කළ අතර ලංසු තබා අවසානයේ ලබාගත් අමතර ලාභ මුදල් අරමුදලක් ලෙසින් කැමිලා ආබාධිත පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් යෙදවීමටද කටයුතු කරන ලදී. එදින අවසානයේ බොහෝ දෙනාගේ ප්‍රයත්නයන් සාර්ථකත්වයට පත් කරමින් ඵලදායි වෙන්දේසියක නිමාව සටහන් කරන්නට අපට හැකියාව ලැබිණි.


ඒ අභිමානවත් කේෂාරාවය තුළින් ගොඩනැගුණු විනෝදය සපිරි ඝට්ටනයක් සමඟින් සතුටු සාගරයක් මැදින් තරගකාරී හෝරා කිහිපයක ආශ්වාදජනකම අත්දැකීම ලබන්නට Leo-Lion වෙන්දේසිය තුළින් බොහෝ දෙනකුට ඉඩ ප්‍රස්ථාව ලැබුණු බව නොරහසකි.


ප්‍රඥා ප්‍රදීප 3 වන අදියර

සම්බුදු සසුන රකින යති පරපුරේ සාමණේරයන් වහන්සේලාගේ නැණ පහන් දැල්වීමේ උදාර චේතනාව පෙරදැරි කරගනිමින් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් දියත් කරනු ලබන ප්‍රඥා ප්‍රදීප සම්මන්ත්‍රණ මාලාවේ 3 වන අදියර තිස්සමහාරාම සාලියපුර විද්‍යාප්‍රදීප මහා පිරිවෙණේ සාමණේරයන් වහන්සේලා වෙනුවෙන් සාර්ථක ලෙස දියත් කිරීමට හැකියාව ලැබුණි.

මාස කිහිපයක සිට අඛණ්ඩව කරගෙන ආ මෙම සම්මන්ත්‍රණ මාලාව රටේ පවතිනකොරෝනා වාතාවරණය හමුවේ නතර කිරීමට ඉඩක් නොදී ඒ සඳහා තාක්ෂණයේ දියුණුව වඩාත් ඵලදායි ලෙස යොදා ගනිමින් ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය ඉගෙනුම් නිබන්ධන සාකච්ඡා කර විඩියෝ පට ලෙසින් ලබාදීමට කටයුතු සූදානම් කෙරුනේ මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝවරුන්ගේ මහත් පරිශ්‍රමයකින් අනතුරුවය.

ශාසන චිරස්ථිතිය උදෙසා ලියෝවරුන් දරන මේ වෑයමෙහි සාර්ථක බව අගය කරමින් විහාරාධිපති ස්වාමීන් වහන්සේ පැසසුම් එක් කරනු ලැබුවේ, ප්‍රඥාව ආලෝකමත් කරනු ලබන තවත් එක් පහන් ටැඹක් වන "ප්‍රඥා ප්‍රදීප" ඊළඟ අදියර ගැන බලාපොරොත්තුවක් එක් කරමිනි.