Leo Lion වෙන්දේසිය

තාක්ෂණයේ දියුණුව සෑම ක්ෂේත්‍රයක් කෙරෙහිම ඵලදායිව යොදාගත හැකි බව අපූර්වට පසක් කරමින් පසුගියදා මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය සහ දෙහිවල උතුර සිංහ සමාජය එක්ව දියත් කළ "Leo Lion වෙන්දේසිය" සැමට නවමු අත්දැකීමක් එක්කළහ.

වෙන්දේසියක් කියූ පමණින් අපගේ සිතට එන්නේ බොහෝ පිරිසක් එක ස්ථානයකට එක්ව මිල ගනන් කියමින් භාණ්ඩ, මිලමුදල් හුවමාරු කරගන්නා දසුනකි. ඒත් මේ වෙන්දේසිය ඊට බොහෝ සෙයින් වෙනස් අත්දැකීමක් එක්කළ දෙයක් විය.

අනුව මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය සහ දෙහිවල උතුර සිංහ සමාජය එක්ව සංවිධානය කළ Leo-Lion වෙන්දේසිය නොවැම්බර් 29 දින පෙ.. 9.00 සිට . . 5.00 දක්වා "Leo-Lion වෙන්දේසිය" ෆේස්බුක් පිටුව හරහා සාර්ථකව පැවැත්විණි. සඳහා ලංකාව පුරා විසිරී සිටින සිංහ සමාජ සාමාජිකයන්ට, ලියෝ සමාජ සාමාජිකයන්ට මෙන්ම වෙන්දේසිය තුළින් නිර්මාණ මිලදී ගැනීමට, අලෙවි කිරීමට කැමති සියලුම දෙනාට ආරාධනා කෙරිණි.



විකිණීම සඳහා ලියාපදිංචි කර තිබුණු අතර අනුව ඉතාමත් සාර්ථක අන්දමින් බොහොමයක් නිර්මාණ වෙන්දේසියේදී උපරිම වටිනාකමක් ලබාගනිමින් අලෙවි විය.

එසේම මිලදී ගත් සියලු භාණ් කුරියර් සේවාවක් හරහා හුවමාරු කරවීමට අප කටයුතු කළ අතර ලංසු තබා අවසානයේ ලබාගත් අමතර ලාභ මුදල් අරමුදලක් ලෙසින් කැමිලා ආබාධිත පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් යෙදවීමටද කටයුතු කරන ලදී. එදින අවසානයේ බොහෝ දෙනාගේ ප්‍රයත්නයන් සාර්ථකත්වයට පත් කරමින් ඵලදායි වෙන්දේසියක නිමාව සටහන් කරන්නට අපට හැකියාව ලැබිණි.


අභිමානවත් කේෂාරාවය තුළින් ගොඩනැගුණු විනෝදය සපිරි ඝට්ටනයක් සමඟින් සතුටු සාගරයක් මැදින් තරගකාරී හෝරා කිහිපයක ආශ්වාදජනකම අත්දැකීම ලබන්නට Leo-Lion වෙන්දේසිය තුළින් බොහෝ දෙනකුට ඉඩ ප්‍රස්ථාව ලැබුණු බව නොරහසකි.


No comments: