ප්‍රඥා ප්‍රදීප 3 වන අදියර

සම්බුදු සසුන රකින යති පරපුරේ සාමණේරයන් වහන්සේලාගේ නැණ පහන් දැල්වීමේ උදාර චේතනාව පෙරදැරි කරගනිමින් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් දියත් කරනු ලබන ප්‍රඥා ප්‍රදීප සම්මන්ත්‍රණ මාලාවේ 3 වන අදියර තිස්සමහාරාම සාලියපුර විද්‍යාප්‍රදීප මහා පිරිවෙණේ සාමණේරයන් වහන්සේලා වෙනුවෙන් සාර්ථක ලෙස දියත් කිරීමට හැකියාව ලැබුණි.

මාස කිහිපයක සිට අඛණ්ඩව කරගෙන ආ මෙම සම්මන්ත්‍රණ මාලාව රටේ පවතිනකොරෝනා වාතාවරණය හමුවේ නතර කිරීමට ඉඩක් නොදී ඒ සඳහා තාක්ෂණයේ දියුණුව වඩාත් ඵලදායි ලෙස යොදා ගනිමින් ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය ඉගෙනුම් නිබන්ධන සාකච්ඡා කර විඩියෝ පට ලෙසින් ලබාදීමට කටයුතු සූදානම් කෙරුනේ මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝවරුන්ගේ මහත් පරිශ්‍රමයකින් අනතුරුවය.

ශාසන චිරස්ථිතිය උදෙසා ලියෝවරුන් දරන මේ වෑයමෙහි සාර්ථක බව අගය කරමින් විහාරාධිපති ස්වාමීන් වහන්සේ පැසසුම් එක් කරනු ලැබුවේ, ප්‍රඥාව ආලෝකමත් කරනු ලබන තවත් එක් පහන් ටැඹක් වන "ප්‍රඥා ප්‍රදීප" ඊළඟ අදියර ගැන බලාපොරොත්තුවක් එක් කරමිනි.


No comments: