දිවියට දිරියක්


ජීවිතය දිනන්නට තම උත්සාහය සහ කැපවීම ඉණිමගක් කර ගනිමින් සාර්ථකත්වය කරා දිවි ගමන දියත් කරන දිරිය ලියන් පිළිබඳ ව අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එසේම එවැනි කාන්තාවන් රටකට මහඟු සම්පතක් ද වන්නේය. 



ඉතින් එවැනි වටිනා දිරිය ලියන් සමූහයක් හමු වීමට මොරටුව විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජයේ අපි පසුගියදා ගියෙමු. ඒ අනුව ඔවුන්ගේ දිවියට දිරියක් වෙමින් ආර්ථිකය සවිමත් කරනු වස් ඔවුන්ට අවශ්‍ය දැනුම සමඟ මහන යන්ත්‍ර ලබා දීමේ වැඩසටහනක් අති සාර්ථක ව දියත් කිරීමට පසුගිය දෙසැම්බර් 20 වන දින ගාල්ල මැටරඹ ගම්මානයේදී අපට හැකි විය.



බොහෝ දෙනෙකුගේ උදව් උපකාර ද සහිත ව මෙම දිරිය ළඳුන් හට අත්වැලක් වී ඔවුන්ගේ අභිවෘද්ධිය සඳහා දායකත්වය ලබා දීමට හැකි වීම ලියෝවරුන් වශයෙන් අප ලත් වටිනා ම අවස්ථාවක් මෙන්ම අත්දැකීමක් ද විය.

No comments: