මනුසත් හදවත්

රට තුළ පවතින උග්‍ර ආර්ථික අර්බුදය හේතුවෙන් අති බහුතරයක් ශ්‍රී ලාංකික ජනතාව මේ දිනවල එදිනෙදා ජීවිතය ගත කරන්නේ ඉමහත් අසීරුවෙනි. කුසට අහරක් නොමැතිව ජීවිකාව ගෙවන බොහෝ පිරිස් නිර්මාණය වී ඇති මොහොතක, කොළඹ නගරය ආශ්‍රිතව පිහිටා ඇති අඩු ආදායම් ලාභී නිවාසවල වෙසෙන ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ඔවුන්ට විවිධ ආහාර වර්ග බෙදාදීමේ වැඩසටහනක් ජුනි මස 21 වන දින කොළඹදී පැවැත්වීමට මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ අපට හැකි විය.


මෙහිදී කොළඹ අවට වූ මහල් සංකීර්ණවල වෙසෙන අසරණ ජනතාව වෙත කොස්, දෙල්, පොල්, මඤ්ඤොක්කා වැනි ආහාර වර්ග ලබා දීමට කටයුතු කෙරිණි. මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ සාමාජිකයන්ගේ දායකත්වයෙන් සහ මුලටියන දිද්දෙනිපොත වතුයායේ අධිපතිතුමන්ගේ අනුග්‍රාහකත්වයෙන් සිදු කළ මෙම ව්‍යාපෘතිය සියලුදෙනාගේම ඉමහත් පැසසුමට ලක්වුණි.






Debouchure ‘22

The Most Outstanding Leo Club of Sri Lanka, Leo Club of University of Moratuwa leads and guides youth with leadership, experience and opportunities towards an excellence performance. The annual inauguration event of Leo Club of University of Moratuwa was held in enchanting manner this year as "Debouchure 22." This event, which takes place at the beginning of each Leoistic year, was held through zoom on 26th of June 2022 to celebrate the beginning of Leoistic year 2022/23.


The main objective of this programme is to recruit new members to Leo Club, University of Moratuwa for the upcoming Leostic year. More than 250 members of the young community attended the event. They were given a thorough grasp and knowledge of the University of Moratuwa Leo Club and its operational processes. It involves bringing this young community's active participation to the Leo Club throughout the year. This program coincides with the gathering of innovative ideas for new projects for the upcoming year.



Speech Bubble

Speech Bubble, an initiative launched by the Leo Club of University of Moratuwa exclusively for the club officers of the Leoistic year 2021/22. This was a precious event for our officers, on their way to improving their personalities by ameliorating their speaking skills. The sessions were conducted by well-experienced Toastmasters every Thursday from 6.30 - 8.30 p.m starting from the 4th of November 2021.


This was a good opportunity for all of us to unleash the speaker within us and grow up with public speaking. We see a huge improvement in the whole group indeed.



දිරිය අරුණැල්ල

බලාපොරොත්තුවේ මුළුතැන්ගෙය...


බද්දේගම සන්දරවල ගම්මානයේ නිවසක, කඩා වැටුණු මුළුතැන්ගෙයක් නැවත ඉදි කරදීම වෙනුවෙන් බද්දේගම ලියෝ සමාජය , සදර්න් මෙට්‍රො ලියෝ සමාජය සහ මොරටුව විශ්ව විවිද්‍යාලයීය ලියෝ සමාජය එක්ව දරන වෑයමකි, දිරිය අරුණල්ල.


පසුගිය ජනවාරි මස 11 වන දින, ඔවුන්ගේ සිහිනය සැබෑ කරනු වස්  අප මුළුතැන්ගෙය ඉඳිකිරීම සඳහා අත්පොත් තැබුවෙමු. නිවසට ළඟා වීම සඳහා ප්‍රමාණවත් මාර්ගයක් නොමැතිවීම හේතුවෙන්, මුළුතැන්ගෙය ඉදිකිරීම  සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඉතා දුෂ්කර මාර්ගයක් ඔස්සේ සියලු දෙනාගේ කැපවීමෙන් රැගෙන යාමට සිදු විය.

ලියෝ සාමාජිකයින්ගේ ද ශ්‍රමදායකත්වයෙන් ඉදිවන බලාපොරොත්තුවේ මුළුතැන්ගෙය ලිප ගිනි නිවී ගිය මුළුතැන්ගෙයක නැවත වරක් ලිප ගිනි දල්වා, එයට ජීවය දීමට බොහෝ පරිත්‍යාගශීලින්ගේ ආධාර උපකාර සමග දිවයන මහගු සමාජ සත්කාරයකි .




හරිත ඡායා

 ජීවයට හුස්ම ගන්නට පණ පොවනා, තුරුලතාවලින් ලක්මෑණී හරිත වර්ණ කරන්න මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝවරුන්ගේ වෑයම,  හරිත ඡායා ...


අභිමාවනවත් පරපුරක උරුමකරුවන් ලෙස අපගේ වගකීම ඉටු කරනු වස් රුක් රෝපණ, කසල කළමනාකරණ සහ පරිසර ව්‍යාපෘතිය,අප්‍රේල් මස 20 වන දින,

පෙ.ව.10 සිට මාර/ කඩොල්ගල්ල කනිෂ්ඨ විද්‍යාලයේදී සාර්ථක අයුරින් සිදු විය.


පරිසර මාතාව රැක ගැනීමට ලියෝවරු දැරූ උත්සහ මෙලෙස සාර්ථක විය.