දිරිය අරුණැල්ල

බලාපොරොත්තුවේ මුළුතැන්ගෙය...


බද්දේගම සන්දරවල ගම්මානයේ නිවසක, කඩා වැටුණු මුළුතැන්ගෙයක් නැවත ඉදි කරදීම වෙනුවෙන් බද්දේගම ලියෝ සමාජය , සදර්න් මෙට්රො ලියෝ සමාජය සහ මොරටුව විශ්ව විවිද්‍යාලයීය ලියෝ සමාජය එක්ව දරන වෑයමකි, දිරිය අරුණල්ල.


පසුගිය ජනවාරි මස 11 වන දින, ඔවුන්ගේ සිහිනය සැබෑ කරනු වස්  අප මුළුතැන්ගෙය ඉඳිකිරීම සඳහා අත්පොත් තැබුවෙමු. නිවසට ළඟා වීම සඳහා ප්‍රමාණවත් මාර්ගයක් නොමැතිවීම හේතුවෙන්, මුළුතැන්ගෙය ඉදිකිරීම  සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඉතා දුෂ්කර මාර්ගයක් ඔස්සේ සියලු දෙනාගේ කැපවීමෙන් රැගෙන යාමට සිදු විය.

ලියෝ සාමාජිකයින්ගේ ද ශ්‍රමදායකත්වයෙන් ඉදිවන බලාපොරොත්තුවේ මුළුතැන්ගෙය ලිප ගිනි නිවී ගිය මුළුතැන්ගෙයක නැවත වරක් ලිප ගිනි දල්වා, එයට ජීවය දීමට බොහෝ පරිත්‍යාගශීලින්ගේ ආධාර උපකාර සමග දිවයන මහගු සමාජ සත්කාරයකි .




No comments: