කළගුණ

 

මරණය ඉදිරියේ ජීවිතය අයැදින කිරි ගවයෙකුගේ ජීවිතය බේරා, අඩු ආදායම්ලාභී පවුලක ආර්ථිකය සවිමත් කිරීම වෙනුවෙන් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය සහ පිළියන්දල ලියෝ සමාජය එක්ව දියත් කරන මානුෂීය සත්කාරය කළගුණ.

කාරුණික හදවත් ඇති බොහෝ දෙනෙකුගේ දායකත්වයෙන් අප්‍රේල් මස 10 වන දින මාතර කිරින්ද ප්‍රදේශයේ දී මෙම උතුම් පුණ්‍ය කටයුත්ත සිදු කරන ලදී . බේරා ගත් කිරි ගවයා හා පැටවා මාතර, විටියල සබර්ලේ ශ්‍රී නිවාසාරාමයේ දී අප්‍රේල් මස 19 වන දින ආර්ථික අපහසුතාවයෙන් පෙලෙන පවුලකට භාර දීම  සිදුකෙරුණි.





ජීවිතයකින් තවත් ජීවිතයක් එළිය කරන්නට මේ උතුම් සත්කාර වෙනුවෙන් නන් අයුරින් සහය දැක්වු සැමට අපගේ හෘදයාංගම ස්තූතිය!







සෙනෙහසේ අවුරුද්ද


කොහෝ නද, එරබදු මල් සුවඳ ගෙනෙන බක්මහේ මිහිරත් රැගෙන පැමිණෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිති කරගෙන, සමාජයෙන් වෙන්ව තනිව සිටිනා සමාජයේ නිසි අවධානයට ලික් නොවූ තවත් අපේම පිරිසකගේ මුවඟට සිනහවක් කැන්දන්නට මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් දරන ලද අපූරු ප්‍රයත්නයකට සාර්ථකව නිමාව සනිටුහන් කිරීමට ඔවුන් පසුගියදා සමත් විය.

හදින් හදට සෙනෙහස එක් කරන ළමා ලොවේ අවුරුද්ද , "සෙනෙහසේ අවුරුද්ද" නමින් සංවිධානය කෙරුණු මෙම සොඳුරු ව්‍යාපෘතිය පසුගිය අප්‍රේල් මස 18වන දින උදෑසන 9.00 සිට දිවිසරණ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී දිගහැරිණ.

එදින මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝවරුන් අවුරුදු කෑම බීම සහ විවිධ තෑගි බෝග සමඟින් එහි ළඟා වූයේ දිවිසරණ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වෙසෙන විශේෂ අවශ්‍යතා සහිත ඔවුන්ට මතකයේ රැඳෙන, ආදරණීය සිංහල හින්දු අළුත් අවුරුදු දිනයක් ඔවුන්ගේ ජීවිතයට එක් කිරීමේ අරමුණෙනි.


එහිදී සිංහල හින්දු අලුත් අවුරුදු අසිරිය ඔවුන් වෙත සමීප කරන්නට විවිධ අංග කිහිපයක්  ඔවුන් වෙනුවෙන්ම සංවිධානය වූ අතර,  ඔවුන් හට ත්‍යාග ලබා දී සතුටු කිරීමටද අප සමත්  වුනෙමු.


එලෙස එම සොඳුරු මානුෂීය සත්කාරය සාර්ථකව ඉටු කිරීමට අපට සහාය වූ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර අපගේ මෙම සොඳුරු වෑයම එලෙස සාර්ථකව නිම කිරීමට හැකිවීම පිළිබඳව අපට ඇත්තේ අසීමිත ප්‍රීතියකි.

Survleos

Survleos, the mission to quench someone's hunger was organized by the Leo Club of  University of Moratuwa together with Leo Club of Guwahati Umang, Leo Club of Nagaon City, Leo Club of Lahore Young Leaders, Leo Club of Silchar Titans, Leo Club of Silchar Vision, Leo Club of Dharmanagar & Leo Club of Chattogram Cambrian. 



It was held on the 02nd of April successfully while fulfilling the great intention of bringing a smile to someone's face by relieving their hunger.

We would like to convey our sincere appreciation to those who were with us on this project.





ශිල්පසර - හත්වැනි අදියර

දිරියෙන් ඉදිරිය කරා ඇදෙන අපේම සහෝදර සහෝදරියන් උදෙසා මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජෙයෙන් පිදුන ගණිතයේ අත්වැල, ශිල්පසර..

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන අපේම සහෘදයන් උදෙසා පැවැත් වූ ගණිත සම්මත්‍රණ මාලාව පසුගිය මාර්තු මස 25 වන දින බප/කැළ/යටිහේන මහා විද්‍යාලයේදී පැවැත්විණි. 

ලියෝ සමාජික සමාජිකාවන්ගේ සම්පත් දායකත්වයෙන් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමින්, අපැහැදිලි විෂය කරුණු සාකච්ඡා කරමින් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත පෞද්ගලිකව අවධානය යොමු කරමින් ඔවුන්ගේ ගණිතය විෂය සම්බන්ධ ගැටළු නිරාකරණය කරදීම එදින සිදුකෙරිණි. ඉතාමත් සාර්ථක අයුරින් පැවැත්වුණු සම්මන්ත්‍රණය ඉදිරියට ද දැයේ අනාගත පරපුර වෙනුවෙන් ක්‍රියාත්මක කිරීම ලියෝ අපගේ බලාපොරොත්තුවයි.


 

MindXtra


 Success comes through experiments. 

We, the Leos of Leo Club of University of Moratuwa have organized an innovation competition, MindXtra to overcome three main problems in our country to achieve the Sustainable Development Goals. The main three categories of this competition are Water purification, Human-Elephant Conflict, and Waste Upcycling. This is an ongoing project. The creative innovation ideas are welcomed upto 15th November.

  To get an idea about the competition we have organized three webinar series for the contestants. Prof Meththika Vithanage, Mr. Sumith Pilapitiya, Dr. Randika Jayasinghe, Ms.Uthpalie Thilakarathna, Mr. Mafaz Ifharm, Mr. Migara Amithodana, Ms. Vraie Cally, Mr. Ranga Peris, Mr. Chathura Madhumal, Ms.Nisansala Abhayaruwan, and Mr. Kosala Jayasundara joined with us as resource persons of this webinar. Prof. Rangika Halwathura was the moderator for all the 3 webinars. And he gave massive coordination to us for the success of this competition.

         This is not like an ordinary competition.  In the end, we hope to implement the best innovative ideas. And also, cash prizes will be awarded to the winners! Other than the cash prizes contestants receive lots of benefits!

Join us with your unique and creative solutions while enhancing your career in the innovation field!