ශිල්පසර - හත්වැනි අදියර

දිරියෙන් ඉදිරිය කරා ඇදෙන අපේම සහෝදර සහෝදරියන් උදෙසා මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජෙයෙන් පිදුන ගණිතයේ අත්වැල, ශිල්පසර..

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන අපේම සහෘදයන් උදෙසා පැවැත් වූ ගණිත සම්මත්‍රණ මාලාව පසුගිය මාර්තු මස 25 වන දින බප/කැළ/යටිහේන මහා විද්‍යාලයේදී පැවැත්විණි. 

ලියෝ සමාජික සමාජිකාවන්ගේ සම්පත් දායකත්වයෙන් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමින්, අපැහැදිලි විෂය කරුණු සාකච්ඡා කරමින් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත පෞද්ගලිකව අවධානය යොමු කරමින් ඔවුන්ගේ ගණිතය විෂය සම්බන්ධ ගැටළු නිරාකරණය කරදීම එදින සිදුකෙරිණි. ඉතාමත් සාර්ථක අයුරින් පැවැත්වුණු සම්මන්ත්‍රණය ඉදිරියට ද දැයේ අනාගත පරපුර වෙනුවෙන් ක්‍රියාත්මක කිරීම ලියෝ අපගේ බලාපොරොත්තුවයි.


 

No comments: