කළගුණ

 

මරණය ඉදිරියේ ජීවිතය අයැදින කිරි ගවයෙකුගේ ජීවිතය බේරා, අඩු ආදායම්ලාභී පවුලක ආර්ථිකය සවිමත් කිරීම වෙනුවෙන් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය සහ පිළියන්දල ලියෝ සමාජය එක්ව දියත් කරන මානුෂීය සත්කාරය කළගුණ.

කාරුණික හදවත් ඇති බොහෝ දෙනෙකුගේ දායකත්වයෙන් අප්‍රේල් මස 10 වන දින මාතර කිරින්ද ප්‍රදේශයේ දී මෙම උතුම් පුණ්‍ය කටයුත්ත සිදු කරන ලදී . බේරා ගත් කිරි ගවයා හා පැටවා මාතර, විටියල සබර්ලේ ශ්‍රී නිවාසාරාමයේ දී අප්‍රේල් මස 19 වන දින ආර්ථික අපහසුතාවයෙන් පෙලෙන පවුලකට භාර දීම  සිදුකෙරුණි.





ජීවිතයකින් තවත් ජීවිතයක් එළිය කරන්නට මේ උතුම් සත්කාර වෙනුවෙන් නන් අයුරින් සහය දැක්වු සැමට අපගේ හෘදයාංගම ස්තූතිය!







No comments: