සෙනෙහසේ දම්වැල්

මානසික සෞඛ්‍යය යළි පුබුදවා, විඩාබර දිවියෙන්  ඔබ්බට ගමන් කර, ලෙන්ගතුකම මිහිර සැපයීමට, ගොඩිගමුව ලියෝ සමාජය හා මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය  එක්ව සංවිධානය කරන ලද මනුදම් පෙරටු මහඟු ව්‍යාපෘතිය, ‘සෙනෙහසේ දම්වැල්’,  2021 උඳුවප් මස 26 වන දින සාර්ථකව නිමා විය.

මුල්ලේරියාව නව නගරයේ පිහිටි ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ දී වැඩසටහන ක්‍රියාත්මක වූ අතර අහිංසක නෙත් වලට සතුට ගෙන ඒමට අපි සමත් වුණෙමු. එමෙන්ම ඊට සමගාමීව එම රෝහලේම නේවාසික කාන්තා රෝගීන් සඳහා අවශ්‍ය සනීපාරක්ශක තුවා ලබාදීමේ වැඩසටහනක් ද සංවිධානය කෙරිණි.

බොඳවූ සිහින යළි පණ පොවන්නට, අල්පයකින් හෝ ඔවුන්ට සවියක් වීමට ලැබීම ලියෝ අප ලද අනගි අවස්ථාවකි.

සෙනෙහසේ දම්වැල ස්නේහයෙන් ම ගෙත්තම් වී සාර්ථක අයුරින් නිමා විය.

 

Fulfil a wish

 

"Christmas is most truly Christmas when we celebrate it by giving the light of love to those who need it most"

-Ruth Carter Stepleton


With the real essence of Christmas, as Leos of Leo Club of University of Moratuwa, we conducted the project, "Fulfil a Wish" to enlighten a bunch of little buds' faces with unexpected Christmas gifts. 



The event was held on 25th December 2021 at SOS Children Village, Galle. 

As we expected we could fulfil their soft hearts with love & happiness. Here we are sharing some memories of the event which proved the real spirit of Christmas.








අපේක්ෂාව


බිඳුණු සිත්වලට බලාපොරොත්තු ගෙන එන සෙනෙහසේ අත්වැල- අපේක්ෂාව

සීතල උඳුවප් මහේ යෙදුන නත්තල් අසිරිය අරුත් ගන්වමින් අපේම ආදරණීයයන්ගේ මුවඟට  සිනහ කැන් එක් කරන්නට, පොල්ගස්ඕවිට ලියෝ සමාජය, කැස්බෑව ලියෝ සමාජය, ඌරගස්මන්හන්දිය ලියෝ සමාජය සමඟ එක්ව මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය  විසින් සංවිධානය කරන ලද  අපේක්ෂාව ව්‍යාපෘතිය  2021 උඳුවප් මස 24 වන  දින සාර්ථකව නිමා විය.



මෙහිදී
ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයේ සුවය ලබන රෝගීන් සඳහා අවශ්‍ය රුපියල් ලක්ෂ 6කට අධික වටිනාකමකින් යුතු ද්‍රව්‍ය හා උපකරණ පරිත්‍යා කිරීම සිදු විය.

එමෙන්ම ඔවුන්ගේ මුවඟ සතුටින් පුරවා ඔවුන්ට ශක්තියක් වීමටද අපි සමත් වුනෙමු.

මෙම මහඟු කර්තව්‍යය සාර්ථක කර ගැනීමට අප සමඟ එක් වූ ඔබ සියලු දෙනාටම අපගේ ස්තූතිය!!


SANITIZE



Dehiwala North Lions Club ,Leo Club of Colombo Monarch together with Leo Club of University of Moratuwa organized the project 'Sanitize', a sanitizer liquid bottles distribution programme to selected schools in Dehiwala and Piliyandala areas.

The devastating effects of the corona virus on children's education are enormous. Today's school system is open to children's learning process, but the corona virus still haunts our surrounding. On December 22nd 2021, this noble work was carried out in selected schools. We are fortunate to be able to help young children who are struggling to colour their dreams. This great project, which concerned about the hygiene of  children, was successfully completed.


Kinder-Uni

 


Kinder-Uni was a project conducted by the Leo clubs in Leo district 306A2  in collaboration with Gothe Institute and with the sponsorship of Sri Lankan Embassy of Germany. 

The main aim of this project was to give a fresh experience apart from their exhausted academic process. 

The project was successfully held on 21st December at Hanwella Rajasinghe Central College. 

Here are some memories of the venture which was a paving way to embellish the creativity & ability.