අපේක්ෂාව


බිඳුණු සිත්වලට බලාපොරොත්තු ගෙන එන සෙනෙහසේ අත්වැල- අපේක්ෂාව

සීතල උඳුවප් මහේ යෙදුන නත්තල් අසිරිය අරුත් ගන්වමින් අපේම ආදරණීයයන්ගේ මුවඟට  සිනහ කැන් එක් කරන්නට, පොල්ගස්ඕවිට ලියෝ සමාජය, කැස්බෑව ලියෝ සමාජය, ඌරගස්මන්හන්දිය ලියෝ සමාජය සමඟ එක්ව මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය  විසින් සංවිධානය කරන ලද  අපේක්ෂාව ව්‍යාපෘතිය  2021 උඳුවප් මස 24 වන  දින සාර්ථකව නිමා විය.



මෙහිදී
ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයේ සුවය ලබන රෝගීන් සඳහා අවශ්‍ය රුපියල් ලක්ෂ 6කට අධික වටිනාකමකින් යුතු ද්‍රව්‍ය හා උපකරණ පරිත්‍යා කිරීම සිදු විය.

එමෙන්ම ඔවුන්ගේ මුවඟ සතුටින් පුරවා ඔවුන්ට ශක්තියක් වීමටද අපි සමත් වුනෙමු.

මෙම මහඟු කර්තව්‍යය සාර්ථක කර ගැනීමට අප සමඟ එක් වූ ඔබ සියලු දෙනාටම අපගේ ස්තූතිය!!


No comments: