ස්පන්දන


අපහසුතා සහිත රෝහල් සඳහා දායකත්වය සැපයීමෙන් ජීවිත රැසක අහිංසක බලාපොරොත්තුවලට සරණක් වනු පිණිස මෙවර නත්තලේ දෙහිවල උතුර සිංහ සමාජය සහ කොළඹ මොනාක් ලියෝ සමාජය සමඟ එක්ව මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් දැරූ මනුසත් මෙහෙවරක් පුත්තලම ප්‍රදේශයේ අති දුෂ්කර රෝහලක් කේන්ද්‍ර කොටගෙන සිදු කෙරිණි.



අපේම ආදරණීයයන්ගේ ජීවිත සුවපත් කිරීමට සවියක් වීම අරමුණු කර ගනිමින්, විවිධ දුෂ්කරතා රැසක් ඇති පුත්තලම කොට්ටුකච්චිය රෝහලට අත්‍යවශ්‍ය පහසුකම් සැපයීමට, ලක්ශ 2කට අධික ද්‍රව්‍ය සහ උපකරණ පරිත්‍යාග කිරිම දෙසැම්බර් 13 වන දින සිදුවිය. 


ඔබේ නොමසුරු උපකාරයෙන් දායකත්වය සැපයූ සැමට අපගේ ගෞරවණීය ස්තූතිය!

 

No comments: