දිරිය අරුණැල්ල

මුලු නිවසටම කිරි ඉතිරෙන  බලාපොරොත්තුවේ මුලුතැන්ගෙය, දිරිය අරුණැල්ල…

බද්දේගම සන්දරවල ගම්මානයේ නිවසක, කඩා වැටුණු මුළුතැන්ගෙයක් නැවත ඉදි කරදීම වෙනුවෙන් බද්දේගම ලියෝ සමාජය , සදර්න් මෙට්රො ලියෝ සමාජය සහ මොරටුව විශ්ව විවිද්‍යාලයීය ලියෝ සමාජය එක්ව දරන වෑයමකි, දිරිය අරුණල්ල.


පසුගිය මස 11 වන දින, ඔවුන්ගේ සිහිනය සැබෑ කරනු වස්  අප මුළුතැන්ගෙය ඉඳිකිරීම සඳහා අත්පොත් තැබුවෙමු. නිවසට ළඟා වීම සඳහා ප්‍රමාණවත් මාර්ගයක් නොමැතිවීම හේතුවෙන්, මුළුතැන්ගෙය ඉදිකිරීම  සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඉතා දුෂ්කර මාර්ගයක් ඔස්සේ සියලු දෙනාගේ කැපවීමෙන් රැගෙන යාමට සිදු විය.

මුළුතැන්ගෙයක් වෙනුවෙන් බලාපොරොත්තු පොඳි බඳින ඔවුන්ගේ සිහිනය යථාර්ථයක් කරනට ඔබටත් ඔබේ උපකාරයේ දෑත දිගු කල හැක.


No comments: