සෙනෙහසේ දම්වැල්

මානසික සෞඛ්‍යය යළි පුබුදවා, විඩාබර දිවියෙන්  ඔබ්බට ගමන් කර, ලෙන්ගතුකම මිහිර සැපයීමට, ගොඩිගමුව ලියෝ සමාජය හා මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය  එක්ව සංවිධානය කරන ලද මනුදම් පෙරටු මහඟු ව්‍යාපෘතිය, ‘සෙනෙහසේ දම්වැල්’,  2021 උඳුවප් මස 26 වන දින සාර්ථකව නිමා විය.

මුල්ලේරියාව නව නගරයේ පිහිටි ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ දී වැඩසටහන ක්‍රියාත්මක වූ අතර අහිංසක නෙත් වලට සතුට ගෙන ඒමට අපි සමත් වුණෙමු. එමෙන්ම ඊට සමගාමීව එම රෝහලේම නේවාසික කාන්තා රෝගීන් සඳහා අවශ්‍ය සනීපාරක්ශක තුවා ලබාදීමේ වැඩසටහනක් ද සංවිධානය කෙරිණි.

බොඳවූ සිහින යළි පණ පොවන්නට, අල්පයකින් හෝ ඔවුන්ට සවියක් වීමට ලැබීම ලියෝ අප ලද අනගි අවස්ථාවකි.

සෙනෙහසේ දම්වැල ස්නේහයෙන් ම ගෙත්තම් වී සාර්ථක අයුරින් නිමා විය.

 

No comments: