A December to remember

සීත දෙසැම්බරයේ ත්‍යාග බලාපොරොත්තුවෙන් පුංචි ළමුන් බලා හිඳින්නා සේම, දිවියේ සැඳෑ සමය විඳින  මවුපියවරුන් ද තත්තලේ ත්‍යාග ලැබෙන තෙක් බලා සිටින බව නිසැකයි. එනිසා, මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ අපි, මෙවරද ඔවුන් සමඟ  නත්තල් සැමරීමට තීරණය කළෙමු. ඒ අනුව, අප දෙසැම්බර් මස 28 වන දින උදෑසන, එවන් මවුපියවරුන් සමඟ හෝරාවන් කිහිපයක් ගත කිරීමේ අරමුණින් ගාල්ල, Vanrith වැඩිහිටි නිවාසයට ගොඩ වුනෙමු.

එම මවුපියවරු සතුට පිරි මුහුණින් යුතුව අප ලියෝ සාමජිකයන්ව පිළිගත් අතර පියතුමාගේ යාඥාවෙන් අනතුරුව, ලියෝ සහෘද කැළ එම මවුපියවරුන් සමඟ බොහෝ සුහදව කතාබහ කිරීමට ද අමතක නොකළහ.එම මවුපියවරුන් කලක සිට ඔවුන්ගේ සිත් තුළ තෙරපුණු හැඟුම් අප ලියෝ සහෝදර සහෝදරයින් අභිමුව මුදා හරිනවිට ලියෝවරු තම දෙනෙත්හි ගලා ආ කඳුලු ඔවුන්ගෙන් සඟව ගත්තේ බොහෝ ආයාසයෙනි. නමුත් අප එම මවුපියවරුනට තම  හැඟීම් සිතු සේ මුදාහැර ලීමට ඉඩ දුන්නේ, තෑගි අභිබවා මවුපියවරුන් හට වටින්නේ  එම මොහොත බව වටහාගත් නිසාවෙණි. ඉන් අනතුරුව ගීත ගායනා කරමින්, ගතවුණු හෝරාවේදී මවුපියවරුද අප ලියෝවරුන් හා කරට කර,ඉතා සතුටින් ගීත ගායනා කළහ.

ඉන්පසු අප විසින් ඔවුන්ට කුඩා භෝජන සංග්‍රහයක් ලබා දුන් අතර ඔවුහු එය මහත් වූ ප්‍රීතියෙන් භුක්ති වින්දහ. අවසන සමුගැනීමේ මොහොත එළැඹි කළ අප ලියෝ සහෘදයන් ඔවුන්‍ හට දීර්ඝායුශ පතා සියලුම මවුපියවරුන්ගේ ආශිර්වාදද ලබාගෙන ඔවුන්ගෙන් සමුගත්තේ එම වසරේ විශාලතම නත්තල් ත්‍යාගයද ලබා ගනිමිනි.සැබැවින්ම එම මවුපියවරුන්ගේ දෙනෙත්හි පිරුණු තුටු කඳුලු තරම් වූ වෙනත් නත්තල් ත්‍යාගයක් තිබිය හැකිද?

LEAP 3.0

Schooling time is the epoch, where children are enthusiastic for leadership experiences. This age can be a wedge stone in one's life that focuses him on a way, in which his future depends on, while that can either be a success or the opposite of it. It is obvious that proper guidance would direct one on the correct path, and influence on his/her future in a fruitful manner.

Leos are the pioneers of taking the social responsibility of guiding the future generation and showing them the way to success. With the vision of a better future, Leo Club of the University of Moratuwa conducted LEAP Phase 3 on 30th of December 2018 with the students of Sankalpa Dhamma School in Moratuwa at the Dhamma school premises. The leadership camp has consisted of leadership development activities, games and fun activities which made each and every student show their skills. The hike organized for the students reinforced the strengths and talents within them with the team spirit.


The end of the camp was more delightful with a fire camp. Everyone had more fun with the activities related to the campfire and there, the students took that opportunity to show up their aesthetic talents with no stage fear. Students were able to have a great experience, which they could never achieve only through books and school curriculum. The Leos themselves were able to witness the outcome before their eyes. The day remarked a successful and a happy ending along with the emotional, heart-warming feedbacks of the students who are ready to shoulder the future of this country as leaders.


නැණ දියවර
“Education is the passport to the future, for tomorrow belongs to those who prepare for it today.”
"නැණ දියවර 2018" is a project launched by Leo Club of University of Moratuwa to enhance the educational background of the students, who are facing their GCE O/L examinations within this year. All these seminars are conducted by our dedicated Leos themselves. After successfully completed three phases of "නැණ දියවර 2018" seminar series, the fourth phase "නැණ දියවර" was held on 10th of November at Hiswella Kanishta Vidyalaya.

Other than the seminar on mathematics, there also were an attitude development program and a motivational program to build the mindset of the students. We conducted another phase of the project series within this month, and it was (the fifth phase) held on 17th & 18th of November at Kolonna National School. Even though the main objective of the project was to teach them mathematics for upcoming O/L examination, our Leos encouraged them to make a better version of themselves. After concluding both seminars, we got very good comments from those children that inspired us more to continue the same deed in future. And this would be the best moment to be thankful for everyone, who helped us so far to make this project a success.


අස්වැසිල්ල
බොල් පොළොව මත මල් පූදින්නේ නැත.කර්කශ ඉඩෝරයේ පිබිදීම ද ලේසි නැත.නමුත් පුරන් වූ බිමක් යළි අස්වැද්දිය හැකිනම් දෙදරා ගිය බිම් එයින් මදක් හෝ අස්වැසිල්ලක් ලබනු ඇත.ඉතින් මේ, මහපොළොව මත ආදරය සෙනෙහස වගා කළ යුතු කාලයයි.
මොරටුව විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජයේ සහෝදර  සහෝදරියන් නොවැම්බර් මස 28 වන දින මොරටුව වැඩිහිටි නිවාසය වෙත එක්වූයේ දෙදරා ගිය ජීවිත අරණ තුළ  හුදකලා වූ සිත් රැසකට අස්වැසිල්ලක් වීම අරමුණු කරගනිමිනි.


වියපත් හිත් සමග දොඩමලු වෙන අතරතුර සංවිධානය කර තිබූ  දාම්,ඕමි,කැරම් ආදී ක්‍රියාකාරකම් සඳහා ඔවුන් ඉතාමත් උද්‍යෝගිමත්ව ඉදිරිපත් විය.අවසානයේ තිබූ සංගීත සැදෑව හුදකලා සිත් වලට ඉතාමත් වින්දනීය වූ බව නිසැකය.එහිදී ඔවුන් නටමින් ගයමින් ඉතාමත් සතුටින් එම මොහොත තුළ ජීවත් වනු දක්නට ලැබුනි.
එමෙන්ම,මොරටුව ලියෝ සමාජය සංවිධානය කරන ලද "LEO EIGHT'S" ක්‍රිකට් තරගයෙන් ජයග්‍රහණය කරන ලද මුදල් ත්‍යාගය ද මෙම කර්තව්‍යය උදෙසා පරිත්‍යාග කරන ලදී.තවත් මුවගකට හිනාවක් තිළිණ කරන්නට හැකි ජයග්‍රහණයක් සැබැවින්ම විජයග්‍රහණයකි.
සතුට යනු ඔවුන් හා ගතකළ හෝරා කිහිපය තුළ වින්දනීය මතකයක් වීමට හැකි වීමය.මිලින හිත් අග සිනා පූදින අපූරුව දැකීමය.සිරවී තිබූ කතාමලු ලෙහන්නට හූමිටි තැබීමය.දවස අවසානයේ වියපත් හිත් හුදකලා නැති බව පෙන්වමින් සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ සහයෝගය මැද "අස්වැසිල්ල-2018"ඉතා සාර්ථකව නිමා විය.


LEAD Workshop
The title LEO stands for Leadership, Experience and Opportunity, the three attributes that polish the identity of any Leo, to make him/her to a person that can bear the responsibility of the future world one day. But, Leoism is also a motivation for the enhancement of interpersonal skills, self-confidence and personality. With the objective of intensifying the awareness of Leos and prospects of the Leo Club of University of Moratuwa on different areas, the workshop LEAD was held on 22nd November 2018, from 10.30 am onwards at the university premises. There, the speakers were the past devoted club adherents, Leo Lion Ivan Udakara, Leo Wasantha Kumara, Leo Shehan Akmeemana, Leo Kasun Geeganage and Leo Piyumi Pabasara.
A reflection on the Leo Club of the University of Moratuwa, including the Pledge of Allegiance and Leo Pledge, was dispensed by Leo Lion Ivan Udakara. Leo Shehan Akmeemana accentuated the Leo Club Protocol, the procedure of a general meeting and a board meeting and furnished the audience about the club’s foundation.
Leo Kasun Geeganage acknowledged the participants, especially the prospects, about the path of UoM Leos. Leo Piyumi Pabasara explained about what the corporate world expects from Leos.
The session on Leoism, Leadership and Professionalism conducted by Leo Wasantha Kumara, emphasized the value of volunteering, especially as a UoM Leo. There, during the workshop, the game conducted to create a group according to shapes strengthened the message that everyone should act like one.
The flow of the workshop successfully went through, with the participation of many Leos and prospects from the club. The event concluded fruitfully with the inspired hearts of the participants.