Intagram
Website
Twitter
Linkedin
Facebook
Google +
YouTube
Instagram
Leo District 306 A2
Lions Clubs
අස්වැසිල්ල
බොල් පොළොව මත මල් පූදින්නේ නැත.කර්කශ ඉඩෝරයේ පිබිදීම ද ලේසි නැත.නමුත් පුරන් වූ බිමක් යළි අස්වැද්දිය හැකිනම් දෙදරා ගිය බිම් එයින් මදක් හෝ අස්වැසිල්ලක් ලබනු ඇත.ඉතින් මේ
,
මහපොළොව මත ආදරය සෙනෙහස වගා කළ යුතු කාලයයි.
මොරටුව විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජයේ සහෝදර
සහෝදරියන් නොවැම්බර් මස
28
වන දින මොරටුව වැඩිහිටි නිවාසය වෙත එක්වූයේ දෙදරා ගිය ජීවිත අරණ තුළ
හුදකලා වූ සිත් රැසකට අස්වැසිල්ලක් වීම අරමුණු කරගනිමිනි.
වියපත් හිත් සමග දොඩමලු වෙන අතරතුර සංවිධානය කර තිබූ
දාම්
,
ඕමි
,
කැරම් ආදී ක්‍රියාකාරකම් සඳහා ඔවුන් ඉතාමත් උද්‍යෝගිමත්ව ඉදිරිපත් විය.අවසානයේ තිබූ සංගීත සැදෑව හුදකලා සිත් වලට ඉතාමත් වින්දනීය වූ බව නිසැකය.එහිදී ඔවුන් නටමින් ගයමින් ඉතාමත් සතුටින් එම මොහොත තුළ ජීවත් වනු දක්නට ලැබුනි.
එමෙන්ම
,
මොරටුව ලියෝ සමාජය සංවිධානය කරන ලද "
LEO EIGHT'S"
ක්‍රිකට් තරගයෙන් ජයග්‍රහණය කරන ලද මුදල් ත්‍යාගය ද මෙම කර්තව්‍යය උදෙසා පරිත්‍යාග කරන ලදී.තවත් මුවගකට හිනාවක් තිළිණ කරන්නට හැකි ජයග්‍රහණයක් සැබැවින්ම විජයග්‍රහණයකි.
සතුට යනු ඔවුන් හා ගතකළ හෝරා කිහිපය තුළ වින්දනීය මතකයක් වීමට හැකි වීමය.මිලින හිත් අග සිනා පූදින අපූරුව දැකීමය.සිරවී තිබූ කතාමලු ලෙහන්නට හූමිටි තැබීමය.දවස අවසානයේ වියපත් හිත් හුදකලා නැති බව පෙන්වමින් සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ සහයෝගය මැද "අස්වැසිල්ල-
2018"
ඉතා සාර්ථකව නිමා විය.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment