අපේක්ෂාවේ හදවත්

මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ, පිළිකා රෝගයෙන් පෙළෙන පුංචි දුවා දරුවන් අරමුණු කරගෙන අපේක්ෂාවේ හදවත් ව්‍යාපෘතිය ප්‍රධාන අදියර දෙකක් වශයෙන් ක්‍රියාත්මක විය.

ඉන් පලමු අදියර යටතේ, "ලේ බිඳක් දන් දී ජීවිතයක් බේරාගනිමු." යන්න තේමා කොටගෙන, මොරටුව විශ්ව විද්‍යාලයීය පරිශ්‍රය තුළදී 2022 අගෝස්තු 04 වන දින පෙ.ව. 9:00 සිට ලේ දන් දීමේ කඳවුරක් පැවැත්විණි. එමගින් රුධිර ඒකක 150 කට අධික සංඛ්‍යාවක් ලබාගැනීමට හැකි විය. දෙවැනි අදියර යටතේ, මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ ළමා ඒකකයට අත්‍යවශ්‍ය හිඟ ඖෂධ කිහිපයක් ද, කුඩා ළමුන්ගේ නිර්මාණශීලී හැකියාවන් ඔප්නැංවීමට මෙන්ම මානසික සහනය උදෙසා තවත් තෑගි භාණ්ඩද භාර දෙන ලදි.



2022 අගෝස්තු 04 වන දින ප.ව. 2:30 සිට මහරගම අපේක්ෂා පිළිකා රෝහල් පරිශ්‍රයේ දී මෙය සිදු වූ අතර එදින රැස්ව සිටි කුඩා දරු දැරියන්ට මානසික සුවයක් ලබා දෙමින් සංගීත හමුවක් ද පැවැත්විණි. එදිනම සවස් කාලයේදී, ජාතික රුධිර බැංකුවට එකලස් කරගත් රුධිර ඒකක සමඟ ඉදිරි රුධිර දන් දීමේ ව්‍යාපෘති සඳහා අත්‍යවශ්‍ය වන උපකරණ සහ අමුද්‍රව්‍ය රැසක් ද පරිත්‍යාග කරන ලදි.



No comments: