ආදරේ අරන්

දෙමව්පියන්ගේ රැකවරණය සහ සෙනෙහස සෑම දරුවෙකුගේම ජීවිතයට අත්‍යවශ්‍ය දෙයකි. එවැනි මාපිය සෙනෙහස අහිමි දරුවන් 30කට වැඩි පිරිසක් කන්‍යා ස‌ොහොයුරියන්ගේ රැකවරණය යටතේ ජීවත් වන මොරටුව මදර් තෙරේසා ළමා නිවාසය, 'ආදරේ අරන්' ව්‍යාපෘතිය වෙනුවෙන් තෝරා ගන්නා ලදි.

මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ අපි ‌මෙම ව්‍යාපෘතිය සැලසුම් කරන ලද්දේ එම දරුවන්ට සෙල්ලම් කීරීමට අවශ්‍ය සෙල්ලම් බඩුවලත්, ඇඳුම් පැලඳුම්වලත් හිඟයක් තිබූ අවදියකයි. මූලික වශයෙන් බාහිර පාර්ශවයන්ගේ පරිත්‍යාග සහ උපකාර මගින් පවත්වාගෙන යන මෙහි දරැවන් සතුටු කිරීම ‌සඳහා දෙහිවල උතුර සිංහ සමාජය දැක්වූ දායකත්වය ආදරයෙන් සිහිකළ යුතුමය.


         
     







No comments: