සෙනෙහසින් දිය බිඳක්


ඔබ මම මෙන්ම සියලුම ලෝකවාසී සත්වයින්ගේ ප්‍රාථමික අවශ්‍යතාවයක් ලෙස පිරිසිදු පානීය ජලය සැලකිය හැක. නමුත් ශ්‍රී ලංකාවේ ඇතැම් දිස්ත්‍රික්කවල වාසය කරන අපේම මිනිස්සුන්ට එම මූලික අවශ්‍යතාවය පවා නොලැබෙන තරම්ය.

මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් එවන් වූ ප්‍රදේශයක පවතින පාසලක් වන කිරිඳිගල්ල ප්‍රාථමික විද්‍යාලයේ අපේම නංගිලා මල්ලිලා වෙනුවෙන් ඔවුන්ට පානීය ජලය ලබාදෙන ජල ළිඳ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සංවිධානය කරනු ලැබිණි.

මෙහිදී මීට සමගාමීව ඒ සිඟිති මල් කැකුළු සහ ගුරු මඩුල්ල දැනුවත් කිරීමේ වැඩසටහනකුත් පාසලේ දී සිදු කෙරුණි. පසුගිය අගෝස්තු 4 වන දින සිදු කරන්නට යෙදුණු මෙම ව්‍යාපෘතියේ දැනුවත් කිරීමේ වැඩසටහනෙහි ආරාධිත දේශක ලෙස අප ආරාධනය පිළිගනිමින් පැමිණියේ පාඨශාලා ආචාර්ය සුනිල් කරුණාරත්න මහතා වන අතර එතුමා එහිදී ඉතා හරබර දේශනයකින් කුඩා ළමුන් දැනුවත් කරන ලදි.






No comments: