පෙර මං තැනුම


2021 වර්ෂයට අදාළව අ.පො.ස. සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටි අපේම ආදරණීය සහෝදර සහෝදරියන්ට ඔවුන්ගේ මීළඟ කඩඉම වන අ.පො.ස. උසස් පෙල විභාගය සාර්ථකව ජය ගෙන සරසවි සිහිනය සැබෑ කරගැනීම උදෙසා අත්වැලක් වීමේ අපේක්ෂාවෙන්, “පෙර මං තැනුම” ව්‍යාපෘතිය මොරටු විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කරන්නට යෙදුණි.


උසස් පෙළ හැදෑරීමට විෂයන් තෝරා ගැනීමේදී සිසුන් මුහුණ දෙන ගැටලු නිරාකරණය කර දෙමින් ඔවුන්ගේ සිතැඟි පරිදි ඔවුන්ට සුදුසු විෂයයන් මොනවාද යන්න, ඒ විෂයයන් තෝරාගැනීමේ වාසි අවාසි හා ඒ විෂයයන් ඔස්සේ යා හැකි උසස් අධ්‍යාපන ක්ෂේත්‍ර මෙන්ම, අ.පො.ස. උසස් පෙල විභාගය සම්බන්ධව දැනුවත් විය යුතු කරුණු පිළිබඳ මනා අවබෝධයක් ලබා දීම මෙම වැඩසටහන සංවිධානය කීරීමේ අරමුණ විය. 

ඒ අනුව, “පෙරමං තැනුම” වැඩසටහන 2022 ජූලි මස 27 වන දින පෙ.ව.8.00 සිට Zoom තාක්ෂණය ඔස්සේ බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්විණි.




No comments: