ශිල්පසර

ශ්‍රී ලංකාවේ ඈත දුෂ්කර දිස්ත්‍රික්කවල මෙන්ම ප්‍රමාණවත් පහසුකම් සහිතව අධ්‍යාපනයක් ලැබෙනවා යැයි සිතෙන දිස්ත්‍රික්කවල ඇතැම් පාසල්වල පවා අපේම සහෝදර සහෝදරියන් බොහෝ විට නිසි පරිදි අධ්‍යාපනයක් ලැබෙන්නේ නැති බව අපට පසක් වන කරුණක්. මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් ‘ශිල්පසර’, අ.පො.ස සා/පෙළ සම්මන්ත්‍රණ මාලාව සංවිධානය කරනු ලැබුවේ ඔවුන් කේන්ද්‍ර කොටගෙනය.


මෙම ව්‍යාපෘතිය මාස හයක් පුරා දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පැවැත්වීමට නියමිතයි. මේ වන විට ව්‍යාපෘතිය මසක පමණ කාලයක් නොකඩවා කරගෙන යෑමට අපිට හැකියාව ලැබුණේ  ඒ ඒ දිස්ත්‍රික්කවල වාසය කරන මොරටුව විශ්ව විද්‍යාලයේ අපේම ආදරණීය සහෝදර විද්‍යාර්ථයින් 250කට අධික පිරිසක්ගේ අප්‍රහිත ධෛර්යය හා උත්සාහය නිසාවෙන්මය.




මේ වන විට බොහෝ දිස්ත්‍රික්කවල තෝරාගත් දුෂ්කර පාසල්වල මෙම වැඩසටහන තෙවැනි දිනටත් අති සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී. එසේම මේ වන විට මෙම සම්මන්ත්‍රණ සමග සිසු සිසුවියන් 1500කට අධික පිරිසක් එකතු වී ඇත්තේ අප කෙරෙහි වූ විශ්වාසය නිසාවෙන්මය.


No comments: