සරසවි පියමං

නැණ පියසක ලෙන්ගතුකමත් සමගින් මෙවර උසස් පෙළ සමත් වී විශ්ව විද්‍යාල හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තුවෙන් සිටින අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කෙරුණු මෙය, සැප්තැම්බර් මස 15 වැනි දින සිට පුරා දවස් 5ක් මුළුල්ලේ සෑම විෂය ධාරාවක් ඔස්සේම පැවැත්වුණි. ආරම්භක වැඩසටහන පැවැත්වුයේ භෞතීය විද්‍යා විෂය ධාරාව ඔස්සේ වන අතර අනෙකුත් දවස් වල පිළිවෙලින් ජීව විද්‍යා, වාණිජ, කලා, තාක්ෂණවේදය හා පොදු විෂය ධාරාව ඔස්සේ පැවැත්වුණි.

Zoom තාක්ෂණය ඔස්සේ පැවැත් වූ මෙහිදී රටේ සිව් දෙසින්ම උසස් පෙළ සමත්ව සිටි බොහෝ පිරිසකට සහභාගී වීමට අවස්ථාව හිමි විය. එසේම ඒ ඒ විෂය ධාරාව පිළිබඳව පරතෙරටම උගත් පුළුල් දැනුමක් සහිත පිරිසක් ඒ සඳහා සහභාගී කර ගැනුණි. මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කර ගැනීමට බොහෝ පිරිසක් සිය දායකත්වය දක්වන ලදී. වැඩසටහන් සියල්ලම සජීවීව Facebook සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කරන ලදී .
මෙසේ දින 5ක් පුරාවට පැවත්වුණු මෙම වැඩසටහන් මාලාව ඉතා සාර්ථකව අවසන් වූයේ මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය සමත්ව සිටින බොහෝ පිරිසකට ඉදිරි අනාගතය පිළිබඳව නිවැරදි දිශානතියක් පෙන්වමිනි.

No comments: