"මනුස්සකමේ සුයාමය" - තවත් එක් ව්‍යාපෘතියක් නොවූ . . , ජීවිතයේ පාඩම


හිතන්න පිඟානේ තියෙන බත් ටික අරන් කටින් තියාගන්න යම් දවසක බැරි උනොත් , කාට කියල ඒක කරගන්නද ? තනියම තමන්ගේ නියපොතු ටික රැවුල කපාගන්න බැරි වුනොත් ඒත් කාට කි

යන්නද ?

ඒ වගේම තමන්ට කරගන්න බැරි ඒ වගේ දෙයක් වෙන කෙනෙක් කරද්දී ඒ කෙනා ඒ දිහා බලන් ඉන්නවා ඇත්තේ කොයි තරම් දුකකින්ද ?කවුරු නැතත් අපි අසරණ වුනොත් අම්ම තාත්ත අපි ළඟ ඉඳීවි. ඒත් ඒ අයත් අපිව දාල ගියොත් ?

ඒ වගේම හිතන්න අපේ අම්ම තාත්ත එක්තැන් වුනොත් අපිට අප්පිරියාවකින් තොරව ඒ අය පිරිසිදු කරල කවන්න පොවන්න තරම් මානසිකත්වයක් අපි තුල තියෙනවද ? අපිට එහෙම කැප කිරීමක් කරන්න පුලුවන්ද ?ඒ තියා හිතට එන දේ කියන්න කෙනෙක් නැතිනම් , ආසාවට කතා කරන්න කෙනෙක් නැති වුනාම , පුළුවන් වේවිද දෙවියනේ ඉවසගෙන ඉන්න .. ? ඒ අසරණ කම කටින් කියන්න බෑ මට හිතෙන්නේ.

ඔබෙන් මේ තරම් ප්‍රශ්න ඇහුවේ අන්න ඒ අසරණ කම ඔබේ හදවතට සමීප කරන්නයි.

තවත් දෙයක් ඉතින් එහෙම කෙනෙක් අසරණ වෙනවා නම් ඒකටත් හේතුවක් තියෙන්න ඕනි. ඒත් , ඒ අසරණ වීමට හේතු හොයලා ඒ හේතුවට ප්‍රතිකාර කරනවට වඩා ඒ මිනිසුන්ගේ හිතට සහනයක් වෙන එක වටිනවා.අද මේ තබන බ්ලොග් සටහන තවත් එක ව්‍යාපෘතියක් නම් නෙමෙයි. ඇත්තටම"මනුස්සකමේ උපරිමයට ගිය සුන්දර වූ යාමයක්‌"අපිට ලඟා කර ගන්න පුළුවන් වුනා. ඒ පිලිබඳ ලියා තබන්නයි මේ සුදානම.

හැඳින්වීමකින් මුලින්ම පටන් ගන්නම්. අපි ගියේ අපේම අම්මල තාත්තල වගේ එහෙත් ආබාධිත අය ඉන්න නිවාසයකට.ඒක පිහිටලා තියෙන්නේ රාජගිරිය නගරයට ඉතාම ආසන්නයේ. ඒ නිවාසයේ නම "වික්ටෝරියා නිවාසය".මේ නිවාසයේ පිරිමි ආබාධිත අය 100 ක් විතරත් ගැහැණු අබාධිත අය 80 ක් විතරත් ඉන්නවා. ඇත්තටම අබාධිත කියල කිව්වට එක එක අයට තියෙනේ එක එක විදියේ නොහැකියාවන්.

ගිය වර්ෂයේත් silent symphonies ව්‍යාපෘතිය යටතේ අපි රාජගිරිය වැඩිහිටි නිවාසයට ගියා . ඒත් මෙවර හැමෝගෙම අරමුණ වුනේ ඊටත් එහා ගිය උතුම් කර්තව්‍යක් කරන්නයි.ඒ උදෙසා අපි මුලින්ම මාසික ලියෝ රැස්වීමේදී හැමෝවම දැනුවත් කරලා එකඟතාවයකට ඇවිත් ඊළඟට නිවාසයේ පාලක මහත්මයට කතා කරලා දිනයක් වෙන කර ගත්තා.අපි මේ කරන සත් කාර්යය ගැන විශ්ව විද්‍යාලයේ සිසුන් දැනුවත් කරලා ඒ අයට පුළු පුළුවන් විදියට දායකත්වය දක්වන්න අවස්තාවක් ලබා දෙන්නත් අපි කල්පනා කලා.ඒ වෙනුවෙන් පෝස්ටර් කිහිපයක් නිර්මාණය කරලා විශ්ව විද්‍යාලය තුල ප්‍රදර්ශනය කළා.

අපේ මේ මනුස්සකමේ සුයාමය නම් වූ ව්‍යාපෘතිය ව්‍යාපෘති ගණනාවක එකතුවක් ලෙස කරන්න ඊළඟට අපි තීරණය කළා.

  • ප්‍රධාන වශයෙන්ම අරමුණ වුනේ එහි ගොස් ඒ අහිංසක මිනිසුන්ට එක දවසක් හෝ හැකි උපරිම අයුරින් සත්කාර කොට හා ඔවුන් හා සෙනෙහසින් කාලය ගත කිරීම.අනෙකුත් උප අරමුණු ලෙස ,
  • ඔවුන්ට නිතර අවශ්‍ය වන පිරිසුදුකාරක ද්‍රව්‍ය සහ මුලික අවශ්‍යතා හැකි අයුරින් සපයා දීම.
  • ඔවුන් වෙසෙන පරිසරය ශ්‍රමදානයක් මඟින් පිරිසිදු කොට මැසි මදුරු කරදර වලින් තොර එමෙන්ම පියකරු පරිසරයක් බවට පත් කිරීම.
  • ඔවුන් අඳින ඇඳුම බොහෝ පැරණි නිසාවෙන් හොඳ තත්වයේ පවතින ඇඳුම් එකතුකර ගෙනගොස් පිරිනැමීම.
  • අසරණ වී සිටින ඒ අහිංසක මිනිසුන්ගේ දෙසවනට ඒ උතුම් වූ අමා ධර්මය ඇසෙන්නට සැලැස්වීම... ආදිය දැක්විය හැකියි.

මුලින් හැම දෙනාවම දැනුවත් කරලා ආධාර කරන්න අවශ්‍ය වෙන දේවල් සහ පාවිච්චි කල හැකි තත්වයේ පවතින ඇඳුම් එකතු කරන්න අපි යාලුවන්ගේ බෝඩිම් වලට ගියා. එතැනදී ඒ අයගේ උපරිම සහයෝගය අපිට ලැබුනා.

ඒ වගේම විශාල රෙදි ප්‍රමාණයක් එකතු කර ගන්නත් පුළුවන් වුනා. අපි මේ විදියට ඇඳුම් එකතු කරන්න හිතුවේ ගිය වර එහි ගිය අවස්ථාවේදී ඔවුන්ගේ ඒ අවශ්‍යතාවය අපිට දැනුණු හින්දා.ස්නානය කිරීමන් පසු ඔවුන්ට අන්දවන ඇඳුමෙහි පවා පිරිසිදු බවක් තිබුනේ නැහැ.ඉතින් ඒ අනුවයි අපේ ව්‍යාපෘතියේ කොටසක් බවට මේ ඇඳුම් පරිත්‍යාග කිරීම පත් වුනේ.

ඊළඟට නිවාසය අසලම තියෙන පන්සලට ගිහින් හාමුදුරුවෝ බැහැ දැකලා අපේ මේ කටයුත්ත ගැන උන වහන්සේ දැනුවත් කරලා 24 වෙනිදා සවස ධර්ම දේශනයකට බුලත් අතක් දී අරාධනා කළා.ඉතින් 24 වෙනිදා උදේ විශ්ව විද්‍යාලයෙන් පිටත් වුනු අපි උදේ 8 වෙද්දී වික්ටෝරියා නිවාසයට එන්න සමත් වුනා. ඉතින් ගිය ගමන් අපිව පිළිගන්න පලාක මහත්මය බොහොම සතුටින් ඉස්සරහට ආවා.

මුලින්ම හමුවෙන්න ආපු දවසේදී වගේම එදත් , ගිය වසරේදීත් අපි මෙහෙ ආපු බව මතකයේ තිබුණු එතුමන් අපිව හුඟක් අගය කළා.අපි ඔක්කොම 32 ක් විතර වැඩේට සහභාගී වෙලා හිටි නිසා එතුමන්ගේ කෙටි පිළිගැනීමේ කතාවෙන් පස්සේ කට්ටියක් ශ්‍රමදාන කටයුත්තටත් අනිත් පිරිස ආබාධිත අයගේ වාට්ටු කරාත් පියමන් කළා.


ඒ අය අපි එනකන් මග බලාගෙන උන්නේ හරියට අවුරුදු ගානක් දන්නා කියන කෙනෙක් එනකම් ඉන්නවා වගෙයි. ඒ අය හිතේ හිර කරන හිටපු හුගක් දේවල් අපෙ අය එක්ක කියන්න පටන් ගත්තා.
කෙනෙක් ගිය ගමන්ම අනේ මගේ නියපොතු ටික කපල දෙන්න කියනවා, තවත් කෙනෙක් අනේ මහත්තයෝ මට නාන්න ආසයි කියනවා,


ඉතින් මේ වගේ අසරණ මිනිසෙකුගේ ඉටුකරගත නොහැකි අවශ්‍යතාවක් ඉටු කර දීම කොයි තරම් නම් පිනක්ද ?කෙනෙක් අපෙන් වේවැලක් ගෙනත් ඉල්ලනවා, තවත් කෙනෙක්ට පොතක් සහ පෑනක් අවශ්‍ය වෙලා. බලන්න ඒ හිත් හරියට පුංචි හිත් වගේ.

හිතන්න අපි පුංචි කාලේ අවශ්‍ය දෙයක් වුනත් නැතත් අම්මලාගෙන් අරගෙන ඉල්ලන හැටි. මතක් කරන්න පොඩ්ඩක්. අම්ම අරගෙන නොදුන්නොත් කොයි තරම් නම් අඬනවද ? ඉතින් ඒ අයගේ පුංචි පුංචි වුවමනා ඉටු කරන්න අපේ හැමෝම මහන්සි වුනා.

එතන ඉන්න 25 ක් විතර අයට තමන්ගේ කිසිම වැඩක් තමන්ට කරගන්න බැහැ . ඉතින් අපි ගිහින් ඒ අයගේ දත් මද්දවල මුහුණු සොදවලා ස්නානය කරන්න කැමති අය සෝදලා පිරිසිදු කරලා ,අපි එකතු කරගෙන ගියපු අලුත් ඇඳුම් අන්දවන්න කටයුතු කළා. ඒ සතුටු මුහුණු දකිද්දී අපේ හිත් වලට පිරෙන සතුට හිත පුරවල යන අමුර්තමය සතුටක්.

සමහර අයට තමන්ගේ දේවල් කරගන්න ටිකක් ටිකක් පුළුවනි. ඉතින් ඒ අයට තමන්ගේ ඇඳුම් ටික පිළිවෙලට නමලා හදාගන්න , එහෙමත් නැතිනම් තමන්ගේ ඇඳුම් ටික සෝදාගන්න ,

කාලෙකින් සබන් දාල සේදුවේ නැති කෝප්පය සෝදාගන්න අපේ අය උදව්‍ කලේ හිතේ උපන් අසීමිත මනුස්සකමෙන්. අන්න ඒ මනුස්සකම හිත ඇතුලෙන් උඩට ගන්න එක මේ තුලින් අපිට කරන්න පුළුවන් වුනා.

ඉතින් ඒ මනුස්සකම් එකතු වුන තැන මනුස්සකමේ සුයාමයක්‌ නෙමෙයි කියන්න ඔබට මට පුලුවන්ද ?උදලු , තණකොළ කැති අරගෙන වැඩට බැහැපු අපේ කට්ටිය ඉතා ඉක්මනට ඒ අයගේ වාට්ටු කිට්ටුව වල් බිහිවෙලා තිබුණු පරිසරය පිරිසිදු කරන්න සමත් වුනා.වික්ටෝරියා නිවාසයෙන් අපිට ලැබුණු තේ පැන් සංග්‍රහයෙන් පස්සේ හැමෝම එකතු වෙලා වාට්ටුවෙන් වාට්ටුවට කිහිප දෙනා බැගින් ගිහින් ඒ අය එක්ක කතා කරන්න හිතුවා.



ඒ මිනිසුන් අප සමඟ කතා බහ කිරීමෙන් සිනා වීමෙන් ලද සතුට රුපියල් ලක්ෂයකින් වත් ඒ අයට දෙන්න බැරි බව නම් මට ඉර හඳ වගේ විශ්වාසයි.

ඉතින් ඒ අයගේ දවල් ආහාරය කිට්ටු වෙලා තිබුනා අපි මේ විදියට කතා බහ කරන අතරේදීම. කතා බහ විතරක් නොවෙයි , විටෙක මිල්ටන් පෙරේරා මහත්මයාගේ සින්දු වලට ඉතාමත් ආශාවක් දක්වන කෙනෙක් , විටෙක ජෝතිපාල මහත්මාගේ සින්දු හඬ නගා කියන කෙනෙක් , විටෙක පරිපථ සකස් කරන කෙනෙක් , විටෙක විකිණීම සඳහා යතුරු රඳවන සකසන කෙනෙක් ලෙසින් විවිධ ආකාරයේ චරිත මේ භුමිය තුලදී අපේ නෙතට සිතට ඇතුල් වුනා.


ඒ වගේම ඒ අයගේ ජීවිත අත්දැකීම් ඇසුරෙන් ඇයි අපිට මේ තත්වය උදා වුනේ ඇයි අපි මෙහෙම දුක විඳින්නේ " පුතාල මේ මේ . . .දේවල් කරන්නට එපා! " යයි කියන්නට තරම් හොඳ නරක හොඳින් වටහාගත් එමෙන්ම දෙයක් වටහා දීමට තරම් බුද්ධිමත් මිනිසුන් ද අපිට මුණ ගැසුනා.

ඇත්තෙන්ම මේ තුලින් අපිට කියා දුන් අප ඉගෙනගත් පාඩම එයම තමයි.

ඒ හුඟක් අය අපේ අතින් බත් කටක් කෑවේ හුඟක් අසාවෙන්. සමහර අයට කොහොමටත් තනියෙන් බත් ටික කන්න බැහැ. ඉතින් බත් කවලා වතුර පොවලා බොහොමත්ම කරුණාවෙන් අපේ අය ඒ අයට සත්කාර කළා.ඇත්තටම ඒ මොහොතවල් අපේ ජීවිත කාලය පුරාවටම මතක තියෙන සංවේදී මොහොතවල් බවට පත් වේවි.



අපේ ඊළඟ පියවර වුනේ ගෙනියපු ඇඳුම් ටික ඒ අයගේ හිතේ හැටියට තෝරලා ගන්න අවස්තාවක් දෙන එකයි. ඒ වෙනුවෙන් අපි ඇඳුම් ටික ට්‍රොලියක් මත තබාගෙන ඇඳෙන් ඇඳට ඒ අය ලඟට ගියා.අපි ඇඳුම් ගන්න ගියාම තෝරනවා වගේ ඒ අයත් තෝරලා බලලා ඇඳුම් ගත්තා. කියාගන්න බැරි තරම් සන්තෝෂයකින් අපේ මුණු දිහා බලලා හිනා වෙලා අපේ හිතටත් අමන්දානන්දය රැගෙන එන්න තරම් ඒ අය නිහතමානී වුනා.



අපි පිරිමි වාට්ටු වල මේ කටයුතු කරන අතරේ අපිත් එක්ක එකතු වුනු අක්කල තුන් දෙනා උදේ ඉඳන්ම අම්මල ආච්චිලා එක්ක බොහොම සතුටින් කාලය ගත කළා.



අන්තිමට ඒ අයටත් ඇඳුම් බෙදා දෙන්න අපි හැමෝම සහභාගී වුනා. නිකම්ම ඇඳුම් බෙදල දීල එන්නේ නැතිව ඒ ඇඳුම ඇන්ද ගන්න බැරි අයට පරණ ඇඳුම ඉවත් කරලා අලුත් ඇඳුම අන්දවලා සතුටු කරන්න තරම් අපේ ලියෝ සාමාජිකයින් කරුණාවන්ත වුනා.

අවසාන වශයෙන් අපි කරන්නට කල්පාන කරගෙන සිටි ධර්ම දේශනාව සඳහා ස්වාමීන් වහන්සේ වැඩමවාගෙන විත් ඒ කටයුත්ත ආරම්භ කරන විටම රෝද පුටු වලින් ඇදී ඇදී ස්වාමීන් වහන්සේ පෙනෙන මානයට එන්න තරම් මේ මිනිසුන් ධර්මයට ලැදි මිනිසුන් වුනා. එලෙසින්ම ඒ මිනිසුන්ට ධර්මයේ අවශ්‍යතාවය දැනී තිබුනා යයි ඒ තුලින් අපිට සිතුනා.ධර්ම දේශනාව තුලදී ආබාධිත අයගේ යහපත වෙනුවෙන් මෙන්ම , මෙවන් වටිනා සමාජ මෙහෙවරක් වෙත තරුණ පිරිස යොමු වීමේ වැදගත් කමද ගෞරවනීය ස්වාමීන් වහන්සේ විස්තර සහිතව පැහැදිලි කළා.

ධර්ම දේශනාව අවසානයේදී ලියෝ සාමාජිකයින් සියලු දෙනා එක්ව පැන් වඩා සියලු දෙනාටම පින් අනුමොදන් කර ස්වාමීන් වහන්සේට පිරිකර පූජා කරමින් එම කටයුතු නිමාව කරා රැගෙන ගියා.


අවසාන වශයෙන් නිවාසයේ පාලක තුමන්ගෙන් ජීවිතයට වටිනා ඔවදන් කිහිපයක් සමඟින් පින් අනුමොදනාත්මක ස්තුති කතාවක් අපි සියලු දෙනා අභිමුවෙහි පැවැත්වුනා.

එම කතාවෙහි අන්තර්ගත වූ පරිදි "ගිලනුන්ට සත්කාර කිරීම බුදු රජාණන් වහන්සේට සත්කාර හා කිරීම හා සම බව " මෙනෙහි කරමින් ප්‍රීතිමත් චිත්ත සන්තානයෙන් යුක්තව , එමෙන්ම ජීවිතය පිලිබඳ මහා කල්පනාවක යෙදුනු යටි හිතත් රැගෙන සන්ධ්‍යාවේ හිරු රැස් විඳිමින් කෙමෙන් කෙමෙන් ඒ බිමෙන් මෙපිටට ඇදී නැවතත් සරසවිය බලා එන්නට යෙදුනා....


New Board - New Era

The 9th installation ceremony of Leo Club of University of Moratuwa was held on 24th of July 2009 at Lagoon villa hotel, near to the University of Moratuwa.

The chief guest and the guest of honour of the occasion were District President Leo Kasun Pathirana. In his speech he mentioned the significance of the Leo Club of University of Moratuwa throughout its lionism & how it strengthened the District in difficult times.
Past president Leo Damith Amarakon also made a wonderful presentation on his year of the club revoking great memories of the good old days. District President Leo Kasun Pathirana inducted R.T.M.Dissanayake, Kushan Siriwardena, L.R.W.Wasantha, Sajith Senevirathne & Kalhari Soysa as new leos who will hold future of the club.

Lion Thulitha Piiyasena made an inspiring speech which explained how leonism helped him in his successful carrier. The installation was got more colourful by the year-gone-by and "Mada" presentations. Especially beauty of the venue, which was surrounded by Bolgoda Lake & the attractive decorations, added extra value for the occasion. It was a perfect start for the newly elected board & couldn’t be better than that. Finally, thank you very much visiting club members & others who were there for the occasion to making it a successful event.

The following office bearers were installed for the Leo District year 2011/2012
  • President : Leo Naveen Lamahewa
  • Vice President : Leo C.S Gunasekara
  • Secretary : Leo Kalhari Soysa
  • Treasure : Leo Kanishka Jayapathma
  • Editor : Leo Nandana Bandara
  • Directors : Leo Prasad Buddhika : Director It and Websites
  • Leo Rasika Dananjaya : Director religious
  • Leo Kasun Maduranga : Director self development & leadership
  • Leo Chanaka Sanjaya : Director Health Care
  • Leo Supun Asintha : Director Sports and Fellowship
  • Leo Chamath Madushanka : Director Health Care
  • Leo Sudheera Keshan : Director Education
  • Leo Amali Vithanage : Director Environmental
  • Leo Kasunika Gamage : Director Sports and Fellowship
  • Leo Vindika Karunasena : Director Childcare and Nutritious
  • Leo Chinthaka Kodithuwakku : Director Fundraising
  • Leo Sajith Senevirathna : Director Fundraising
  • Leo Kushan Siriwardena : Director Council & International Relationship
  • Leo Laksri Tharanga : Director PR and Publicity
Installing new president

Installing new vice president

Installing Board of Directors


Installation of New Members

Club Officers' Parade

Our visiting club members are enjoying the beauty of the venue.

WHO WANTS TO BE A MILLIONAIRE - Awareness program about the share market


It was all about share market, just in the middle of a pocket meeting to discuss about future projects on up coming months. Most of the university students try to earn some money to spend their day to day life by using different methods. So what about introducing the share market to our batch mates……..it was not a just another idea, a great one.

So without any hesitation we talked about it in the same meeting. So we the UOM leo’s divided the responsibilities and as the first thing we contacted managers from the Colombo stock exchange as the knowledge distributors. So as they gave us a date to do the work shop, we discussed how to find sponsors for our workshop to overcome financial difficulties on printing material ,advertising and refreshments. So we had suggestion from one of our leo’s to add stock brokers as the financial supporters.

Next it was about how to do the advertising part inside and outside the university.
As the first thing we did a poster campaign inside the university displaying the venue and the date ,here few of the posters we used…..


Not only posters,we even used the the facebook as method of advertising to pass the massage to other leo clubs. And also we displayed huge digitally printed cut outs in front of the university entrance.


After d things do make our project a success and it was 25th of august we were at the venue ,electronic and telecommunication department university of moratuwa. It was a lecture room with a capacity over hundred students. As the guest speakers from the Colombo stock exchange were right on time at the premises, we started the work shop at 10.30 am with a warm welcome by the project chairman.


Guest speakers continued lectures for more than two hours with tutorials and hand books including information about CSE.



While the lecture was delivering some of the guest from CSE gave more information to individuals and they helped them to open new accounts on share market with the help from visiting stock broaking companies who were present at the occasion. So at the end of the lecture listeners were given a time to clear out their problems. By taking the best use of it most of the listeners raised hands to full fill their mistaken points.



පුංචි මුවට හසරැල්ලක් . .


පුංචි ළමයි මල් වගේ කියල හැමෝම කියනවා.එත් ඇයි හැමෝම එහෙම කියන්නේ ? ඔයාලට ඒකට උත්තරයක් තියෙනවද ?
පුංචි ළමයි මල් වගේ ලස්සන නිසාද ? එහෙමත් නැතිනම් එයාල ළඟ මල් වල සුවඳ තරම් වූ සුවඳ හමන ගතිගුණ තියෙන නිසාවත්ද ?
ඒ කොහොම උනත් මලකට හොඳ හැටි පිපිලා සුවඳ දෙන්න නම් හරි හැටි පෝෂණය ලැබෙන්න ඕනි . අවට පරිසරයත් මනස්කාන්තව තියෙන්න ඕනි. එතකොටයි මේ මුළු ලෝකෙටම සුවඳ දෙන්න මලකට පුළුවන් වෙන්නේ.
මලක් වෙලා පිපිලා තිබුනත් සතුටින් හිනා වේවි ඉන්න බවක් නොපෙනුණු මල් ටිකක් මේ ලඟදි අපිට නෙත ගැටුනා. ඉතින් අපි අපිට පුළුවන් තරමින් පුළුවන් වෙලාවක් ඒ මල් සතුටු කරලා ඒ මල්වල සුවඳින් අපේ ජීවිතත් සුවඳවත් කරගත්තා කිව්වොත් නිවැරදියි.
ලියෝ ලක්ශ්‍රි විසින් තමයි මේ වැඩේට මුල පිරුවේ. රාවතාවත්ත ළමා නිවාසයට ගිහින් ඒ අය එක්ක කතා බහ කරලා සින්දුවක් කියලා , නාට්‍යක් කරලා , තෑගි බෝග බෙදා දීල එන්න අපි තීරණය කලේ කලින් කියපු විදියට ඒ මල් ටික සතුටු කරලා ඒ තුලින් මේ ලෝකෙට ඒ මල් වල සුවඳ දනවන්න හිතාගෙනයි.
ඉතින් අගෝස්තු මාසේ 16 වෙනිදා අපි තෑගි බෝග ගොඩකුත් අරගෙන එයාලව සතුටු කරන්න වාදන භාණ්ඩ එහෙමත් අරගෙන ළමා නිවාසය වෙත පිය මැන්නා. එහෙ උන්නේ නංගිලා 13 දෙනෙක් . ඒ අය අපි එනකන් මග බලාගෙන උන්නේ හරියට දන්නා කියන කෙනෙක් එනකන් ඉන්නවා වගෙයි. ඉතින් අපිටත් ගිය ගමන් ඉඳන් ඒ අය අපේ ලඟම අය විදියට දැනෙන්න ගත්තා.
මුලින්ම ඒ අයව නම් වශයෙන් හදුනාගන්න අපි අමතක කලේ නැහැ. ඊලගට අපිවත් ඒ විදියටම නම් වශයෙන් ඒ අයට හදුන්වා දුන්නා. එතැනදී ළමා නිවාසයේ පාලිකා මහත්මියත් අපිට ලොකු සහයෝගයක් දක්වපු බව නම් මතක් කරන්න ඕනිමයි.



ඊළඟට අපේ ලියෝ සාමාජිකයින් ඔක්කොම එකතුවෙලා නංගිලා වෙනුවෙන් සින්දු කිහිපයක් ගායන කළා. ඒ අය සමහර සින්දු අපිත් එක්ක ගායන කලා වගේම සමහර පුංචි නංගියෙක් ඉඳහිට ඉදිරියට ඇවිත් නටන්න තරම් එඩිතර වුනා.



ඊළගට අපේ ලියෝ අයියා ඉදිරිපත් වෙලා ඒ අයට පොඩි තරඟයක් පැවැත්වුවා.දිනන අයට විතරයි තෑගි දෙන්නේ කියල ඒ අයව උනන්දු කරලා ඒ අයගේ දක්ෂතා එලියට ගන්න අපිට පුළුවන් උනා.



මුලින්ම දෙන්නෙක් සින්දු කිව්වා.ඊළගට තව නංගි කෙනෙක් අභිරුපණ රංගනයක් ඉදිරිපත් කළා.ඒ හැම දෙකින්ම ඒ අය සතුටු වුන වගේම අපිත් අප්‍රමාණ සන්තෝෂයක් ලැබුවා. පොත් පත් එක්ක ගැටිලා ගැටිලා හෙම්බත් වෙලා තියෙන අපේ හිත වලට ඒ සන්තෝෂය ලවනට වට මී බින්දු වගේ උනා කිව්වොත් නිවැරදියි.
අන්තිමටම ඒ අය අපූරු නාට්‍යක් ඉදිරිපත් කළා.ඒකට නම් ඔක්කොම වගේ නංගිලා සහභාගී වුනා.
ඒ අතරින් අපි හැමෝටම මතක හිටින රසාස්වාදයෙන් වැඩිම අංගය වුනේ එයාල දෙන්නෙක් එක්ක ඉදිරිපත් කරමු "ලේලි සහ නැන්දම්මා" නාට්‍ය කිව්වොත් මම නිවැරදියි.



මොකද ඒ පද්‍ය පන්තියේ පද්‍ය අපිට තවම මතකයි.ඒ කවි පන්තිය පොඩි කාලේ ඇහුවට පස්සේ ඇහුවේ එදා. ඉතින් අපිව අයෙමත් අපේ පුංචි කාලයට අරගෙන යන්නත් ඒ ආදරණීය නංගිලා සමත් වුනා.
අන්තිමටම අපේ පමල් අයියා , ලක්ජීව අයියා සහ ලක්ශ්‍රි අයියා එකතු වෙලා බොහොම ආදර්ශවත් නාට්‍යක් ඉදිරිපත් කළා.නාට්‍යයේ තිබුණු විහිලු වලට හැමෝම හිනා උනත් අන්තිමේ පුංචි නංගිලාට එකෙන් ගන්න ලොකු ආදර්ශයක් තිබුනා. ඉගෙනගත්තේ නැත්නම් අපිට වෙන දේ වගේම ඉගෙනගත්තම අපේ ජීවිත වෙනස් වෙන හැටි , යහපත් වෙන හැටි බොහොම ලස්සනට ඒ නාට්‍ය තුලින් පුංචි නංගිලාට අපි කියලා දුන්නා.


අවසානයේ අපි ඒ අය එක්ක ටිකක් වෙලා සෙල්ලම් කරන්නත් අමතක කලේ නම් නැහැ.මොකද ඒ අය විසින්ම අපිව ඒකට ඇදගෙන ගියා. ඒ තරම් ඒ අය අපි එක්ක සුහදතාවයකින් උන්න ඒ වෙද්දී.අන්තිමටම අපි ඒ හැමෝටම ගෙනියපු තෑගි බෙදලා දීලා ඉවරවෙලා පාලිකා මහත්මිය එක්කත් කතා කරලා බොහොමත්ම සන්තොෂමත් සිතකින් යුක්තව සහ ජීවිතය පිලිබඳ ලොකු අවබෝධයකින් යුක්තව එතනින් එන්න පිටත් වුනා.



අපි එතන ගත කලේ සවස් වරුවක් විතරක් වුනත් ඒ පුංචි මල්වල අනාගතය වෙනුවෙන් , සතුට වෙනුවෙන් අපිට පුළුවන් තරමින් උදව් වුනා කියන සන්තොෂමත් හැඟීම අපේ සිතේ තවමත් ඉතිරිවෙලා තියෙනවා.



අපේ මේ කටයුත්ත සාර්ථක කරගන්න පොත් පත් ලබාදුන්නු අපේ ගෞරවනීය "තෙරුවන" බෞද්ධ සංවිධානයේ සභාපති වස්කඩුවේ සිරි සරණ ස්වාමීන් වහන්සේටත්, ඒ වගේම නන්දන පතිරගේ මහත්මයාටත් අප සැමගේ ස්තුතිය මෙන්ම පුණ්‍ය අනුමෝදනාවද මෙලෙසින් පල කරන්නෙමු.