පුංචි ළමයි මල් වගේ කියල හැමෝම කියනවා.එත් ඇයි හැමෝම එහෙම කියන්නේ ? ඔයාලට ඒකට උත්තරයක් තියෙනවද ?
පුංචි ළමයි මල් වගේ ලස්සන නිසාද ? එහෙමත් නැතිනම් එයාල ළඟ මල් වල සුවඳ තරම් වූ සුවඳ හමන ගතිගුණ තියෙන නිසාවත්ද ?
ඒ කොහොම උනත් මලකට හොඳ හැටි පිපිලා සුවඳ දෙන්න නම් හරි හැටි පෝෂණය ලැබෙන්න ඕනි . අවට පරිසරයත් මනස්කාන්තව තියෙන්න ඕනි. එතකොටයි මේ මුළු ලෝකෙටම සුවඳ දෙන්න මලකට පුළුවන් වෙන්නේ.
මලක් වෙලා පිපිලා තිබුනත් සතුටින් හිනා වේවි ඉන්න බවක් නොපෙනුණු මල් ටිකක් මේ ලඟදි අපිට නෙත ගැටුනා. ඉතින් අපි අපිට පුළුවන් තරමින් පුළුවන් වෙලාවක් ඒ මල් සතුටු කරලා ඒ මල්වල සුවඳින් අපේ ජීවිතත් සුවඳවත් කරගත්තා කිව්වොත් නිවැරදියි.
ලියෝ ලක්ශ්‍රි විසින් තමයි මේ වැඩේට මුල පිරුවේ. රාවතාවත්ත ළමා නිවාසයට ගිහින් ඒ අය එක්ක කතා බහ කරලා සින්දුවක් කියලා , නාට්‍යක් කරලා , තෑගි බෝග බෙදා දීල එන්න අපි තීරණය කලේ කලින් කියපු විදියට ඒ මල් ටික සතුටු කරලා ඒ තුලින් මේ ලෝකෙට ඒ මල් වල සුවඳ දනවන්න හිතාගෙනයි.
ඉතින් අගෝස්තු මාසේ 16 වෙනිදා අපි තෑගි බෝග ගොඩකුත් අරගෙන එයාලව සතුටු කරන්න වාදන භාණ්ඩ එහෙමත් අරගෙන ළමා නිවාසය වෙත පිය මැන්නා. එහෙ උන්නේ නංගිලා 13 දෙනෙක් . ඒ අය අපි එනකන් මග බලාගෙන උන්නේ හරියට දන්නා කියන කෙනෙක් එනකන් ඉන්නවා වගෙයි. ඉතින් අපිටත් ගිය ගමන් ඉඳන් ඒ අය අපේ ලඟම අය විදියට දැනෙන්න ගත්තා.
මුලින්ම ඒ අයව නම් වශයෙන් හදුනාගන්න අපි අමතක කලේ නැහැ. ඊලගට අපිවත් ඒ විදියටම නම් වශයෙන් ඒ අයට හදුන්වා දුන්නා. එතැනදී ළමා නිවාසයේ පාලිකා මහත්මියත් අපිට ලොකු සහයෝගයක් දක්වපු බව නම් මතක් කරන්න ඕනිමයි.
ඊළඟට අපේ ලියෝ සාමාජිකයින් ඔක්කොම එකතුවෙලා නංගිලා වෙනුවෙන් සින්දු කිහිපයක් ගායන කළා. ඒ අය සමහර සින්දු අපිත් එක්ක ගායන කලා වගේම සමහර පුංචි නංගියෙක් ඉඳහිට ඉදිරියට ඇවිත් නටන්න තරම් එඩිතර වුනා.
ඊළගට අපේ ලියෝ අයියා ඉදිරිපත් වෙලා ඒ අයට පොඩි තරඟයක් පැවැත්වුවා.දිනන අයට විතරයි තෑගි දෙන්නේ කියල ඒ අයව උනන්දු කරලා ඒ අයගේ දක්ෂතා එලියට ගන්න අපිට පුළුවන් උනා.
මුලින්ම දෙන්නෙක් සින්දු කිව්වා.ඊළගට තව නංගි කෙනෙක් අභිරුපණ රංගනයක් ඉදිරිපත් කළා.ඒ හැම දෙකින්ම ඒ අය සතුටු වුන වගේම අපිත් අප්‍රමාණ සන්තෝෂයක් ලැබුවා. පොත් පත් එක්ක ගැටිලා ගැටිලා හෙම්බත් වෙලා තියෙන අපේ හිත වලට ඒ සන්තෝෂය ලවනට වට මී බින්දු වගේ උනා කිව්වොත් නිවැරදියි.
අන්තිමටම ඒ අය අපූරු නාට්‍යක් ඉදිරිපත් කළා.ඒකට නම් ඔක්කොම වගේ නංගිලා සහභාගී වුනා.
ඒ අතරින් අපි හැමෝටම මතක හිටින රසාස්වාදයෙන් වැඩිම අංගය වුනේ එයාල දෙන්නෙක් එක්ක ඉදිරිපත් කරමු "ලේලි සහ නැන්දම්මා" නාට්‍ය කිව්වොත් මම නිවැරදියි.
මොකද ඒ පද්‍ය පන්තියේ පද්‍ය අපිට තවම මතකයි.ඒ කවි පන්තිය පොඩි කාලේ ඇහුවට පස්සේ ඇහුවේ එදා. ඉතින් අපිව අයෙමත් අපේ පුංචි කාලයට අරගෙන යන්නත් ඒ ආදරණීය නංගිලා සමත් වුනා.
අන්තිමටම අපේ පමල් අයියා , ලක්ජීව අයියා සහ ලක්ශ්‍රි අයියා එකතු වෙලා බොහොම ආදර්ශවත් නාට්‍යක් ඉදිරිපත් කළා.නාට්‍යයේ තිබුණු විහිලු වලට හැමෝම හිනා උනත් අන්තිමේ පුංචි නංගිලාට එකෙන් ගන්න ලොකු ආදර්ශයක් තිබුනා. ඉගෙනගත්තේ නැත්නම් අපිට වෙන දේ වගේම ඉගෙනගත්තම අපේ ජීවිත වෙනස් වෙන හැටි , යහපත් වෙන හැටි බොහොම ලස්සනට ඒ නාට්‍ය තුලින් පුංචි නංගිලාට අපි කියලා දුන්නා.
අවසානයේ අපි ඒ අය එක්ක ටිකක් වෙලා සෙල්ලම් කරන්නත් අමතක කලේ නම් නැහැ.මොකද ඒ අය විසින්ම අපිව ඒකට ඇදගෙන ගියා. ඒ තරම් ඒ අය අපි එක්ක සුහදතාවයකින් උන්න ඒ වෙද්දී.අන්තිමටම අපි ඒ හැමෝටම ගෙනියපු තෑගි බෙදලා දීලා ඉවරවෙලා පාලිකා මහත්මිය එක්කත් කතා කරලා බොහොමත්ම සන්තොෂමත් සිතකින් යුක්තව සහ ජීවිතය පිලිබඳ ලොකු අවබෝධයකින් යුක්තව එතනින් එන්න පිටත් වුනා.
අපි එතන ගත කලේ සවස් වරුවක් විතරක් වුනත් ඒ පුංචි මල්වල අනාගතය වෙනුවෙන් , සතුට වෙනුවෙන් අපිට පුළුවන් තරමින් උදව් වුනා කියන සන්තොෂමත් හැඟීම අපේ සිතේ තවමත් ඉතිරිවෙලා තියෙනවා.
අපේ මේ කටයුත්ත සාර්ථක කරගන්න පොත් පත් ලබාදුන්නු අපේ ගෞරවනීය "තෙරුවන" බෞද්ධ සංවිධානයේ සභාපති වස්කඩුවේ සිරි සරණ ස්වාමීන් වහන්සේටත්, ඒ වගේම නන්දන පතිරගේ මහත්මයාටත් අප සැමගේ ස්තුතිය මෙන්ම පුණ්‍ය අනුමෝදනාවද මෙලෙසින් පල කරන්නෙමු.

1 comment:
Nice Post malli !! keep it up
Post a Comment