සුරැකෙමු අප සැවොම




මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය මගින් රක්වාන ඇල්ල ආශ්‍රිතව දිය නෑමට නුසුදුසු ස්ථාන පිළිබඳව සහ පල්ලේවත්ත ප්‍රදේශයේ සිදුවිය හැකි නායයෑම් අනතුරු පිලිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා, සුරැකෙමු අප සැවොම ව්‍යාපෘතිය දියත් කරන ලදී .ඒ අනුව එම ස්ථානවල අනතුරු ඇඟවීමේ දැන්වීම් පුවරු කිහිපයක් ස්ථාපනය කිරීම සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් සැප්තැම්බර් මස 24 වන දින පල්ලේවත්ත විහාරස්ථානය සහ රක්වාන ඇල්ල ආශ්‍රිතව සිදු කරන ලදි.












සරසවි පියමං

නැණ පියසක ලෙන්ගතුකමත් සමගින් මෙවර උසස් පෙළ සමත් වී විශ්ව විද්‍යාල හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තුවෙන් සිටින අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කෙරුණු මෙය, සැප්තැම්බර් මස 15 වැනි දින සිට පුරා දවස් 5ක් මුළුල්ලේ සෑම විෂය ධාරාවක් ඔස්සේම පැවැත්වුණි. ආරම්භක වැඩසටහන පැවැත්වුයේ භෞතීය විද්‍යා විෂය ධාරාව ඔස්සේ වන අතර අනෙකුත් දවස් වල පිළිවෙලින් ජීව විද්‍යා, වාණිජ, කලා, තාක්ෂණවේදය හා පොදු විෂය ධාරාව ඔස්සේ පැවැත්වුණි.

Zoom තාක්ෂණය ඔස්සේ පැවැත් වූ මෙහිදී රටේ සිව් දෙසින්ම උසස් පෙළ සමත්ව සිටි බොහෝ පිරිසකට සහභාගී වීමට අවස්ථාව හිමි විය. එසේම ඒ ඒ විෂය ධාරාව පිළිබඳව පරතෙරටම උගත් පුළුල් දැනුමක් සහිත පිරිසක් ඒ සඳහා සහභාගී කර ගැනුණි. මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කර ගැනීමට බොහෝ පිරිසක් සිය දායකත්වය දක්වන ලදී. වැඩසටහන් සියල්ලම සජීවීව Facebook සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කරන ලදී .
මෙසේ දින 5ක් පුරාවට පැවත්වුණු මෙම වැඩසටහන් මාලාව ඉතා සාර්ථකව අවසන් වූයේ මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය සමත්ව සිටින බොහෝ පිරිසකට ඉදිරි අනාගතය පිළිබඳව නිවැරදි දිශානතියක් පෙන්වමිනි.

ශිල්පසර

ශ්‍රී ලංකාවේ ඈත දුෂ්කර දිස්ත්‍රික්කවල මෙන්ම ප්‍රමාණවත් පහසුකම් සහිතව අධ්‍යාපනයක් ලැබෙනවා යැයි සිතෙන දිස්ත්‍රික්කවල ඇතැම් පාසල්වල පවා අපේම සහෝදර සහෝදරියන් බොහෝ විට නිසි පරිදි අධ්‍යාපනයක් ලැබෙන්නේ නැති බව අපට පසක් වන කරුණක්. මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් ‘ශිල්පසර’, අ.පො.ස සා/පෙළ සම්මන්ත්‍රණ මාලාව සංවිධානය කරනු ලැබුවේ ඔවුන් කේන්ද්‍ර කොටගෙනය.


මෙම ව්‍යාපෘතිය මාස හයක් පුරා දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පැවැත්වීමට නියමිතයි. මේ වන විට ව්‍යාපෘතිය මසක පමණ කාලයක් නොකඩවා කරගෙන යෑමට අපිට හැකියාව ලැබුණේ  ඒ ඒ දිස්ත්‍රික්කවල වාසය කරන මොරටුව විශ්ව විද්‍යාලයේ අපේම ආදරණීය සහෝදර විද්‍යාර්ථයින් 250කට අධික පිරිසක්ගේ අප්‍රහිත ධෛර්යය හා උත්සාහය නිසාවෙන්මය.




මේ වන විට බොහෝ දිස්ත්‍රික්කවල තෝරාගත් දුෂ්කර පාසල්වල මෙම වැඩසටහන තෙවැනි දිනටත් අති සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී. එසේම මේ වන විට මෙම සම්මන්ත්‍රණ සමග සිසු සිසුවියන් 1500කට අධික පිරිසක් එකතු වී ඇත්තේ අප කෙරෙහි වූ විශ්වාසය නිසාවෙන්මය.


අපේක්ෂාවේ හදවත්

මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ, පිළිකා රෝගයෙන් පෙළෙන පුංචි දුවා දරුවන් අරමුණු කරගෙන අපේක්ෂාවේ හදවත් ව්‍යාපෘතිය ප්‍රධාන අදියර දෙකක් වශයෙන් ක්‍රියාත්මක විය.

ඉන් පලමු අදියර යටතේ, "ලේ බිඳක් දන් දී ජීවිතයක් බේරාගනිමු." යන්න තේමා කොටගෙන, මොරටුව විශ්ව විද්‍යාලයීය පරිශ්‍රය තුළදී 2022 අගෝස්තු 04 වන දින පෙ.ව. 9:00 සිට ලේ දන් දීමේ කඳවුරක් පැවැත්විණි. එමගින් රුධිර ඒකක 150 කට අධික සංඛ්‍යාවක් ලබාගැනීමට හැකි විය. දෙවැනි අදියර යටතේ, මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ ළමා ඒකකයට අත්‍යවශ්‍ය හිඟ ඖෂධ කිහිපයක් ද, කුඩා ළමුන්ගේ නිර්මාණශීලී හැකියාවන් ඔප්නැංවීමට මෙන්ම මානසික සහනය උදෙසා තවත් තෑගි භාණ්ඩද භාර දෙන ලදි.



2022 අගෝස්තු 04 වන දින ප.ව. 2:30 සිට මහරගම අපේක්ෂා පිළිකා රෝහල් පරිශ්‍රයේ දී මෙය සිදු වූ අතර එදින රැස්ව සිටි කුඩා දරු දැරියන්ට මානසික සුවයක් ලබා දෙමින් සංගීත හමුවක් ද පැවැත්විණි. එදිනම සවස් කාලයේදී, ජාතික රුධිර බැංකුවට එකලස් කරගත් රුධිර ඒකක සමඟ ඉදිරි රුධිර දන් දීමේ ව්‍යාපෘති සඳහා අත්‍යවශ්‍ය වන උපකරණ සහ අමුද්‍රව්‍ය රැසක් ද පරිත්‍යාග කරන ලදි.



Green Aid

As a step to guide Sri Lanka towards an organic food pattern from early ages; We, Leo Club of University of Moratuwa stepped up and organized the project Green Aid.


The project Green Aid was initiated to deliver compost bins to Muthuwadiya Wisuddaramaya Viharaya along with few garbage bins, planting bins and seeds and an awareness program on proper garbage disposal. Green Aid was successfully launched on 7th of August 2022 from 9:00 am onwards.

The project's overarching aim was to enhance public knowledge of composting and its value while also offering answers to society's ongoing garbage problems through efficient waste management and effective waste use.