KILLER CV

Three or four gentlemen staring at you, focus on you and about to ask an question, an important and special question which decides your whole way to go…..
“Ok! Tell me, why you should be selected for this position?”

“aerrr…..  ahm…. Ah… oh…, well …. I…………………………”

So, are you ready?

We UoM LEOs were keen on the situation and thought of improving university students before this awkward moment. 
 As regards, the past president of LEO district 306 A2, LEO Isuru Senadheera was the guest speaker for the occasion on 4th of July. His experiences in facing for interviews as well as interviewing somebody else made participants strong in facing for a board of white collars.
Turning into preparing a CV it makes us little anxious. What should be written? Is it the proper way of mentioning a skill or a talent? This is confusing…This session gave an idea to prepare a correct CV in the formal manner.
The session was conducted focusing on the applicants for the board of directors for the upcoming Leostic year and for sure they might have taken the maximum out of it…  







API AKURATA MALI NOWEMU

“Education is the most powerful weapon which we can use to change the world.”
-Nelson Mandela-


A child without education is like a bird without wings. Primary education for students is highly effectible for the future of nation as it is the foundation for their whole life. The best feeling of happiness is when you are happy because you’ve made someone else happy. So, we organized a special seminar for grade 5 scholarship students on 9th July at Kamburipitiya Damitha Education Institute. The resource person, Mr. Chaminda  Liyanaarachchi conducted the event. We distributed presents for the students who got highest marks for the model paper as a motivation for all other students.
We were able to give a helping hand for those little children making them confident for the examination and it gave us a great pleasure at the end of the project as we were able to bring a smile for those little faces.





serving together - වෛද්‍ය සායනය 2015

ජීවිතය වූ කලී මහා විජ්ජාවකි. එය මොහොතින් මොහොත වෙනස් වන්නේ අපට සිතා ගත නොහැකි මායාවක් ලෙසිනි. අද දින මහා සැප සම්පත් වලින් වැජඹෙන මිනිස්සු හෙට දින අන්ත දුගී දුප්පත් තත්වයට පත් විය හැක. එලෙසින්ම අද මහමග සිඟමන් යෙදෙන මිනිසුන් හෙට දින මහා දානපතියන් බවටද පරිවර්තනය විය හැක. එසේම මිනිස් වරිගයාගේ සෞඛ්‍ය සම්පත්තියද දිනෙන් දින වෙනස්කම් වලට බඳුන් විය හැක. ඒ නිසාවෙන්ම කවදත් මිනිස්කම හඳුනන මොරටුව විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජය කටුබැද්ද ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් වෛද්‍ය සායනයක් සoවිධානය කිරීමට ගත් ප්‍රයත්නයකි “serving together medical camp.


2015 මැදින් මස 21 වෙනි දින ශ්‍රී විජය බෞද්ධ මාධ්‍යස්ථානයේදී මෙම උතුම් කර්තව්‍ය සිදු වුනි. මේ සදහා පිළියන්දල සිoහ සමාජය, කටුබැද්ද සිoහ සමාජය, කොළඹ 06 කොස්මොපොලිටන් සිoහ සමාජය මූලිකත්වය ගෙන කටයුතු කලහ. විශේෂයෙන්ම පිළියන්දල සිoහ සමාජයේ හිටපු සභාපතිවරයෙක් වන සිoහ පද්මසිරි ද සිල්වා විසින් අප ලියෝ සමාජය වෙත මේ කටයුත්ත සදහා ආරාධනා කරන්නට යෙදුනි.

ප්‍රධාන වශයෙන් මෙම සායනය මගින් ජනතාව හට විශේෂඥ වෛද්‍ය සේවය මෙන්ම “දියවැඩියාව නිවාරණය” පිළිබඳ හරවත් දේශනයක්ද ඇසීමට අවස්ථාව සැලසුනි. එමෙන්ම ඇස් කණ්නාඩි බෙදා දීමද මෙයට සමගාමීවම සිදු වුණි. කටුබැද්ද ප්‍රදේශයේ ජනතාව ඉතාමත් උනන්දුවෙන් මෙම අවස්ථාව සදහා සම්බන්ද වුහ. දහවල් 12.30 පමණ වන විට 150 කට අධික සoඛ්‍යාවක් මෙයට සම්බන්ධ වීමට වාසනාවන්ත වුහ. ඉන් පසු අපි අපගේ වෛද්‍ය සායනය නිමා කිරීමට තීරණය කළෙමු.



මෙම ව්‍යාපෘතිය විශේෂයෙන්ම ලියෝ - ලයන් සබැඳියාව වර්ධනය කිරීමට මහත් රුකුලක් වූ බව නොඅනුමානයි. ඒ වෙනුවෙන් ලියෝවරුන් වශයෙන් අප අපගේ සිoහයින් හට කෘතගුණ දැක්විය යුතුයි. 

අපිත් එක්ක අවුරුදු..

සෑම වර්ශයකම වගේ මෙවරත් අලුත් අවුරුද්ද අපි අපේම විශ්ව විද්‍යාලයට අනුබද්ධිත සුමුදු පෙරපාසලේ පුන්චි සහෝදර සහෝදරියන් එක්ක සමරන්න තීරනය කලා.ඒකට අපි තෝරගත්තෙ අප්‍රේල් මාසෙ 7 වෙනිදා.




ඉතින් ඒ දවසෙ උදේ පන්දරම අපි පෙර පාසලට ගියේ ඒ පුන්චි සිගිත්තන් එක්ක දවස සතුටින් ගෙවන බලපොරොත්තුවෙන්.අපි බලාපොරොත්තු වුනු ආකරයටම උත්සවය ආරම්භයේදී කිරි උතුරවලා මේ පුන්චි සිගිත්තො වෑඩ පටන් ගත්තා.ඊට පස්සෙ බෑලුම් පිපිරවීම,හෑන්ද මත දෙහි ගෙඩිය ගෙන යෑම ආදී විවිද ක්‍රීඩාවන් රාශියක් මේ පුන්චි සිගිත්තො එදා දවස තුල සිදු කලා.





මේ සියල්ලක් අවසානයේදී අප විසින් පවත්වනු ලෑබූ තරග වලින් ජයග්‍රහනය කල පොඩිත්තන් හට තෑගි බෝග බෙදා දීමක්ද සිදුකරනු ලෑබුවා.එදා දවස තුල මෙ පුන්චි සින්ගිත්තන්ගෙ මුවග රෑදි සතුට,සිනහව අපේ ලියෝ වරුන් වෙත ගෙන ආවේද ඉමහත් ලොකු සතුටක්.




දුකින් වුනත් එදා හවස් යාමයේදී අපිට පෙර පාසලෙන් නික්ම එන්න සිදු වුනා,නමුත් ලබන වසරේ දී ද අලුත් අවුරුද්ද සෑමරීමට අප ඒ සින්ගිත්තන් හමුවන්නට එන බව ඔවුන් නිසෑකවම දෑන සිටි බව අපට ඔවුන්ගේ මුහුනින් පෙනී ගියා.


සිතැඟි


සවන් පත් නුඹේ ලොවක් නොඇසුවත්, නුඹේ දෙනෙත් යුග දහසක් දේ දැකීමට රිසිය. නුඹේ දැක්ම අපගේ ශ්‍රවණ පරාසය ඉක්මවා යාමට තරම් පුළුල්ය. 


දයානුකම්පිත සිතින්, ඔවුන්ගේ නෙත් සනසවාලන්නට රත්මලාන බිහිරි විද්‍යාලයේ මාර්තු 23 වෙනිදා දවස පුරා පැවති "සිතැඟි"පළමු දිගහැරුම, තවත් ඔවුනට එක් දිනක් නොවූ බව නිසැකය. ජීවිතය සරි කරගන්නට අවැසි බොහෝ දේ සිතුවමකින් ආවර්ජනය කරන්නට මොරටුව ලියෝ සමාජය හා මොරටුව විශ්ව විද්‍යාලයීය භූමි නිර්මාණ වේද එකමුතුව එක්ව පැවති "සිතැඟි" සියලු දෙනාගේ සඵල වූ සිහිනයකි. නෙතින් විඳින්නට සිතුවම් ජීවමාන කර, ඔවුන්ගේ සිත් සතුටු කරන්නට මෙන්ම යමක් උගන්වන්නටද දැරූ වෑයම මහත් සේ මල්ඵල ගැන්විණි

අපිට කවදත් හුරු පුරුදු රත්මලාන බිහිරි විද්‍යාලයට අපි මෙවර ගියේ ඔවුන්ගේ අධ්‍යාපනයට උදවුවක් කිරිමේ අරමුණින්.එහිදී අපි ඔවුන්ගේ විද්‍යාලයේ බිත්ති වල විවිධ ආකාරයේ සිත්තම් නිර්මාණය කරා.මේ සියල්ලක්ම ඔවුන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය වන සිතුවම් වුනා.රටේ පරිපාලන දිස්ත්‍රික්ක ,ශරීරයේ කොටස් ආදී විශාල සිතුවම් ප්‍රමාණයක් UOM සහ සහයෝගයෙන් නිර්මාණය කරා.





ඒ සියල්ල අවසානයේ අපේ පැතුම උනේ අපේ දායකත්වය ඔවුන්ගේ අධ්‍යාපනයට මහඟු උපකාරයක් වනු ඇතැයි කියායි.