RISE AND SMILE.. - A helping hand for O/L students

As there only two month left for the GCE ordinary level exams we, LEOs of leo club of university of moratuwa decided to give a helping hand to students who do not have a teacher for ICT subject. so we chose bodhiraja vidyalaya for our project. since those students do not have the knowledge about the subject we decided to conduct some classes for two months. one day for each week at 2.00 pm to 4.00 pm.

  • Teach students the missing parts of the IT subject.
  • Reduce their pressure for the exam.
  • Motivate the students to face the exam in a comfortable manner.
  • Motivate students to carry out their careers towards higher education.
  • Give them an idea about Leoism.
  • Teach them about the world they are going to step into, the challenges they have to face and the knowledge the world heavily depends on.

First we did a small research about lack of teachers in schools for various subjects. Then we came to know that Bodhiraja Vidyalaya does not have a teacher for ICT subject and there are students who will sit for ICT exam in O/L 2011. Without a teacher those students do not have any knowledge about ICT subject. So we decided to conduct a series of programs to teach them the subject and give them the confidence.

As the project goes for at least two months we decided to do the programs in shift. As usual many Leos agreed to give their support. Chathura Gamage and Ujitha Iroshan have done the first program. In the programs we offered students to do some group activities and also the practical according to the ICT subject and it helps to students to get more familiar with the subject and the computers.

We had a great time with the students and we shared our experience with them and students were very happy with the program and gave us satisfaction.

"මනුස්සකමේ සුයාමය" - තවත් එක් ව්‍යාපෘතියක් නොවූ . . , ජීවිතයේ පාඩම


හිතන්න පිඟානේ තියෙන බත් ටික අරන් කටින් තියාගන්න යම් දවසක බැරි උනොත් , කාට කියල ඒක කරගන්නද ? තනියම තමන්ගේ නියපොතු ටික රැවුල කපාගන්න බැරි වුනොත් ඒත් කාට කි

යන්නද ?

ඒ වගේම තමන්ට කරගන්න බැරි ඒ වගේ දෙයක් වෙන කෙනෙක් කරද්දී ඒ කෙනා ඒ දිහා බලන් ඉන්නවා ඇත්තේ කොයි තරම් දුකකින්ද ?කවුරු නැතත් අපි අසරණ වුනොත් අම්ම තාත්ත අපි ළඟ ඉඳීවි. ඒත් ඒ අයත් අපිව දාල ගියොත් ?

ඒ වගේම හිතන්න අපේ අම්ම තාත්ත එක්තැන් වුනොත් අපිට අප්පිරියාවකින් තොරව ඒ අය පිරිසිදු කරල කවන්න පොවන්න තරම් මානසිකත්වයක් අපි තුල තියෙනවද ? අපිට එහෙම කැප කිරීමක් කරන්න පුලුවන්ද ?ඒ තියා හිතට එන දේ කියන්න කෙනෙක් නැතිනම් , ආසාවට කතා කරන්න කෙනෙක් නැති වුනාම , පුළුවන් වේවිද දෙවියනේ ඉවසගෙන ඉන්න .. ? ඒ අසරණ කම කටින් කියන්න බෑ මට හිතෙන්නේ.

ඔබෙන් මේ තරම් ප්‍රශ්න ඇහුවේ අන්න ඒ අසරණ කම ඔබේ හදවතට සමීප කරන්නයි.

තවත් දෙයක් ඉතින් එහෙම කෙනෙක් අසරණ වෙනවා නම් ඒකටත් හේතුවක් තියෙන්න ඕනි. ඒත් , ඒ අසරණ වීමට හේතු හොයලා ඒ හේතුවට ප්‍රතිකාර කරනවට වඩා ඒ මිනිසුන්ගේ හිතට සහනයක් වෙන එක වටිනවා.අද මේ තබන බ්ලොග් සටහන තවත් එක ව්‍යාපෘතියක් නම් නෙමෙයි. ඇත්තටම"මනුස්සකමේ උපරිමයට ගිය සුන්දර වූ යාමයක්‌"අපිට ලඟා කර ගන්න පුළුවන් වුනා. ඒ පිලිබඳ ලියා තබන්නයි මේ සුදානම.

හැඳින්වීමකින් මුලින්ම පටන් ගන්නම්. අපි ගියේ අපේම අම්මල තාත්තල වගේ එහෙත් ආබාධිත අය ඉන්න නිවාසයකට.ඒක පිහිටලා තියෙන්නේ රාජගිරිය නගරයට ඉතාම ආසන්නයේ. ඒ නිවාසයේ නම "වික්ටෝරියා නිවාසය".මේ නිවාසයේ පිරිමි ආබාධිත අය 100 ක් විතරත් ගැහැණු අබාධිත අය 80 ක් විතරත් ඉන්නවා. ඇත්තටම අබාධිත කියල කිව්වට එක එක අයට තියෙනේ එක එක විදියේ නොහැකියාවන්.

ගිය වර්ෂයේත් silent symphonies ව්‍යාපෘතිය යටතේ අපි රාජගිරිය වැඩිහිටි නිවාසයට ගියා . ඒත් මෙවර හැමෝගෙම අරමුණ වුනේ ඊටත් එහා ගිය උතුම් කර්තව්‍යක් කරන්නයි.ඒ උදෙසා අපි මුලින්ම මාසික ලියෝ රැස්වීමේදී හැමෝවම දැනුවත් කරලා එකඟතාවයකට ඇවිත් ඊළඟට නිවාසයේ පාලක මහත්මයට කතා කරලා දිනයක් වෙන කර ගත්තා.අපි මේ කරන සත් කාර්යය ගැන විශ්ව විද්‍යාලයේ සිසුන් දැනුවත් කරලා ඒ අයට පුළු පුළුවන් විදියට දායකත්වය දක්වන්න අවස්තාවක් ලබා දෙන්නත් අපි කල්පනා කලා.ඒ වෙනුවෙන් පෝස්ටර් කිහිපයක් නිර්මාණය කරලා විශ්ව විද්‍යාලය තුල ප්‍රදර්ශනය කළා.

අපේ මේ මනුස්සකමේ සුයාමය නම් වූ ව්‍යාපෘතිය ව්‍යාපෘති ගණනාවක එකතුවක් ලෙස කරන්න ඊළඟට අපි තීරණය කළා.

  • ප්‍රධාන වශයෙන්ම අරමුණ වුනේ එහි ගොස් ඒ අහිංසක මිනිසුන්ට එක දවසක් හෝ හැකි උපරිම අයුරින් සත්කාර කොට හා ඔවුන් හා සෙනෙහසින් කාලය ගත කිරීම.අනෙකුත් උප අරමුණු ලෙස ,
  • ඔවුන්ට නිතර අවශ්‍ය වන පිරිසුදුකාරක ද්‍රව්‍ය සහ මුලික අවශ්‍යතා හැකි අයුරින් සපයා දීම.
  • ඔවුන් වෙසෙන පරිසරය ශ්‍රමදානයක් මඟින් පිරිසිදු කොට මැසි මදුරු කරදර වලින් තොර එමෙන්ම පියකරු පරිසරයක් බවට පත් කිරීම.
  • ඔවුන් අඳින ඇඳුම බොහෝ පැරණි නිසාවෙන් හොඳ තත්වයේ පවතින ඇඳුම් එකතුකර ගෙනගොස් පිරිනැමීම.
  • අසරණ වී සිටින ඒ අහිංසක මිනිසුන්ගේ දෙසවනට ඒ උතුම් වූ අමා ධර්මය ඇසෙන්නට සැලැස්වීම... ආදිය දැක්විය හැකියි.

මුලින් හැම දෙනාවම දැනුවත් කරලා ආධාර කරන්න අවශ්‍ය වෙන දේවල් සහ පාවිච්චි කල හැකි තත්වයේ පවතින ඇඳුම් එකතු කරන්න අපි යාලුවන්ගේ බෝඩිම් වලට ගියා. එතැනදී ඒ අයගේ උපරිම සහයෝගය අපිට ලැබුනා.

ඒ වගේම විශාල රෙදි ප්‍රමාණයක් එකතු කර ගන්නත් පුළුවන් වුනා. අපි මේ විදියට ඇඳුම් එකතු කරන්න හිතුවේ ගිය වර එහි ගිය අවස්ථාවේදී ඔවුන්ගේ ඒ අවශ්‍යතාවය අපිට දැනුණු හින්දා.ස්නානය කිරීමන් පසු ඔවුන්ට අන්දවන ඇඳුමෙහි පවා පිරිසිදු බවක් තිබුනේ නැහැ.ඉතින් ඒ අනුවයි අපේ ව්‍යාපෘතියේ කොටසක් බවට මේ ඇඳුම් පරිත්‍යාග කිරීම පත් වුනේ.

ඊළඟට නිවාසය අසලම තියෙන පන්සලට ගිහින් හාමුදුරුවෝ බැහැ දැකලා අපේ මේ කටයුත්ත ගැන උන වහන්සේ දැනුවත් කරලා 24 වෙනිදා සවස ධර්ම දේශනයකට බුලත් අතක් දී අරාධනා කළා.ඉතින් 24 වෙනිදා උදේ විශ්ව විද්‍යාලයෙන් පිටත් වුනු අපි උදේ 8 වෙද්දී වික්ටෝරියා නිවාසයට එන්න සමත් වුනා. ඉතින් ගිය ගමන් අපිව පිළිගන්න පලාක මහත්මය බොහොම සතුටින් ඉස්සරහට ආවා.

මුලින්ම හමුවෙන්න ආපු දවසේදී වගේම එදත් , ගිය වසරේදීත් අපි මෙහෙ ආපු බව මතකයේ තිබුණු එතුමන් අපිව හුඟක් අගය කළා.අපි ඔක්කොම 32 ක් විතර වැඩේට සහභාගී වෙලා හිටි නිසා එතුමන්ගේ කෙටි පිළිගැනීමේ කතාවෙන් පස්සේ කට්ටියක් ශ්‍රමදාන කටයුත්තටත් අනිත් පිරිස ආබාධිත අයගේ වාට්ටු කරාත් පියමන් කළා.


ඒ අය අපි එනකන් මග බලාගෙන උන්නේ හරියට අවුරුදු ගානක් දන්නා කියන කෙනෙක් එනකම් ඉන්නවා වගෙයි. ඒ අය හිතේ හිර කරන හිටපු හුගක් දේවල් අපෙ අය එක්ක කියන්න පටන් ගත්තා.
කෙනෙක් ගිය ගමන්ම අනේ මගේ නියපොතු ටික කපල දෙන්න කියනවා, තවත් කෙනෙක් අනේ මහත්තයෝ මට නාන්න ආසයි කියනවා,


ඉතින් මේ වගේ අසරණ මිනිසෙකුගේ ඉටුකරගත නොහැකි අවශ්‍යතාවක් ඉටු කර දීම කොයි තරම් නම් පිනක්ද ?කෙනෙක් අපෙන් වේවැලක් ගෙනත් ඉල්ලනවා, තවත් කෙනෙක්ට පොතක් සහ පෑනක් අවශ්‍ය වෙලා. බලන්න ඒ හිත් හරියට පුංචි හිත් වගේ.

හිතන්න අපි පුංචි කාලේ අවශ්‍ය දෙයක් වුනත් නැතත් අම්මලාගෙන් අරගෙන ඉල්ලන හැටි. මතක් කරන්න පොඩ්ඩක්. අම්ම අරගෙන නොදුන්නොත් කොයි තරම් නම් අඬනවද ? ඉතින් ඒ අයගේ පුංචි පුංචි වුවමනා ඉටු කරන්න අපේ හැමෝම මහන්සි වුනා.

එතන ඉන්න 25 ක් විතර අයට තමන්ගේ කිසිම වැඩක් තමන්ට කරගන්න බැහැ . ඉතින් අපි ගිහින් ඒ අයගේ දත් මද්දවල මුහුණු සොදවලා ස්නානය කරන්න කැමති අය සෝදලා පිරිසිදු කරලා ,අපි එකතු කරගෙන ගියපු අලුත් ඇඳුම් අන්දවන්න කටයුතු කළා. ඒ සතුටු මුහුණු දකිද්දී අපේ හිත් වලට පිරෙන සතුට හිත පුරවල යන අමුර්තමය සතුටක්.

සමහර අයට තමන්ගේ දේවල් කරගන්න ටිකක් ටිකක් පුළුවනි. ඉතින් ඒ අයට තමන්ගේ ඇඳුම් ටික පිළිවෙලට නමලා හදාගන්න , එහෙමත් නැතිනම් තමන්ගේ ඇඳුම් ටික සෝදාගන්න ,

කාලෙකින් සබන් දාල සේදුවේ නැති කෝප්පය සෝදාගන්න අපේ අය උදව්‍ කලේ හිතේ උපන් අසීමිත මනුස්සකමෙන්. අන්න ඒ මනුස්සකම හිත ඇතුලෙන් උඩට ගන්න එක මේ තුලින් අපිට කරන්න පුළුවන් වුනා.

ඉතින් ඒ මනුස්සකම් එකතු වුන තැන මනුස්සකමේ සුයාමයක්‌ නෙමෙයි කියන්න ඔබට මට පුලුවන්ද ?උදලු , තණකොළ කැති අරගෙන වැඩට බැහැපු අපේ කට්ටිය ඉතා ඉක්මනට ඒ අයගේ වාට්ටු කිට්ටුව වල් බිහිවෙලා තිබුණු පරිසරය පිරිසිදු කරන්න සමත් වුනා.වික්ටෝරියා නිවාසයෙන් අපිට ලැබුණු තේ පැන් සංග්‍රහයෙන් පස්සේ හැමෝම එකතු වෙලා වාට්ටුවෙන් වාට්ටුවට කිහිප දෙනා බැගින් ගිහින් ඒ අය එක්ක කතා කරන්න හිතුවා.



ඒ මිනිසුන් අප සමඟ කතා බහ කිරීමෙන් සිනා වීමෙන් ලද සතුට රුපියල් ලක්ෂයකින් වත් ඒ අයට දෙන්න බැරි බව නම් මට ඉර හඳ වගේ විශ්වාසයි.

ඉතින් ඒ අයගේ දවල් ආහාරය කිට්ටු වෙලා තිබුනා අපි මේ විදියට කතා බහ කරන අතරේදීම. කතා බහ විතරක් නොවෙයි , විටෙක මිල්ටන් පෙරේරා මහත්මයාගේ සින්දු වලට ඉතාමත් ආශාවක් දක්වන කෙනෙක් , විටෙක ජෝතිපාල මහත්මාගේ සින්දු හඬ නගා කියන කෙනෙක් , විටෙක පරිපථ සකස් කරන කෙනෙක් , විටෙක විකිණීම සඳහා යතුරු රඳවන සකසන කෙනෙක් ලෙසින් විවිධ ආකාරයේ චරිත මේ භුමිය තුලදී අපේ නෙතට සිතට ඇතුල් වුනා.


ඒ වගේම ඒ අයගේ ජීවිත අත්දැකීම් ඇසුරෙන් ඇයි අපිට මේ තත්වය උදා වුනේ ඇයි අපි මෙහෙම දුක විඳින්නේ " පුතාල මේ මේ . . .දේවල් කරන්නට එපා! " යයි කියන්නට තරම් හොඳ නරක හොඳින් වටහාගත් එමෙන්ම දෙයක් වටහා දීමට තරම් බුද්ධිමත් මිනිසුන් ද අපිට මුණ ගැසුනා.

ඇත්තෙන්ම මේ තුලින් අපිට කියා දුන් අප ඉගෙනගත් පාඩම එයම තමයි.

ඒ හුඟක් අය අපේ අතින් බත් කටක් කෑවේ හුඟක් අසාවෙන්. සමහර අයට කොහොමටත් තනියෙන් බත් ටික කන්න බැහැ. ඉතින් බත් කවලා වතුර පොවලා බොහොමත්ම කරුණාවෙන් අපේ අය ඒ අයට සත්කාර කළා.ඇත්තටම ඒ මොහොතවල් අපේ ජීවිත කාලය පුරාවටම මතක තියෙන සංවේදී මොහොතවල් බවට පත් වේවි.



අපේ ඊළඟ පියවර වුනේ ගෙනියපු ඇඳුම් ටික ඒ අයගේ හිතේ හැටියට තෝරලා ගන්න අවස්තාවක් දෙන එකයි. ඒ වෙනුවෙන් අපි ඇඳුම් ටික ට්‍රොලියක් මත තබාගෙන ඇඳෙන් ඇඳට ඒ අය ලඟට ගියා.අපි ඇඳුම් ගන්න ගියාම තෝරනවා වගේ ඒ අයත් තෝරලා බලලා ඇඳුම් ගත්තා. කියාගන්න බැරි තරම් සන්තෝෂයකින් අපේ මුණු දිහා බලලා හිනා වෙලා අපේ හිතටත් අමන්දානන්දය රැගෙන එන්න තරම් ඒ අය නිහතමානී වුනා.



අපි පිරිමි වාට්ටු වල මේ කටයුතු කරන අතරේ අපිත් එක්ක එකතු වුනු අක්කල තුන් දෙනා උදේ ඉඳන්ම අම්මල ආච්චිලා එක්ක බොහොම සතුටින් කාලය ගත කළා.



අන්තිමට ඒ අයටත් ඇඳුම් බෙදා දෙන්න අපි හැමෝම සහභාගී වුනා. නිකම්ම ඇඳුම් බෙදල දීල එන්නේ නැතිව ඒ ඇඳුම ඇන්ද ගන්න බැරි අයට පරණ ඇඳුම ඉවත් කරලා අලුත් ඇඳුම අන්දවලා සතුටු කරන්න තරම් අපේ ලියෝ සාමාජිකයින් කරුණාවන්ත වුනා.

අවසාන වශයෙන් අපි කරන්නට කල්පාන කරගෙන සිටි ධර්ම දේශනාව සඳහා ස්වාමීන් වහන්සේ වැඩමවාගෙන විත් ඒ කටයුත්ත ආරම්භ කරන විටම රෝද පුටු වලින් ඇදී ඇදී ස්වාමීන් වහන්සේ පෙනෙන මානයට එන්න තරම් මේ මිනිසුන් ධර්මයට ලැදි මිනිසුන් වුනා. එලෙසින්ම ඒ මිනිසුන්ට ධර්මයේ අවශ්‍යතාවය දැනී තිබුනා යයි ඒ තුලින් අපිට සිතුනා.ධර්ම දේශනාව තුලදී ආබාධිත අයගේ යහපත වෙනුවෙන් මෙන්ම , මෙවන් වටිනා සමාජ මෙහෙවරක් වෙත තරුණ පිරිස යොමු වීමේ වැදගත් කමද ගෞරවනීය ස්වාමීන් වහන්සේ විස්තර සහිතව පැහැදිලි කළා.

ධර්ම දේශනාව අවසානයේදී ලියෝ සාමාජිකයින් සියලු දෙනා එක්ව පැන් වඩා සියලු දෙනාටම පින් අනුමොදන් කර ස්වාමීන් වහන්සේට පිරිකර පූජා කරමින් එම කටයුතු නිමාව කරා රැගෙන ගියා.


අවසාන වශයෙන් නිවාසයේ පාලක තුමන්ගෙන් ජීවිතයට වටිනා ඔවදන් කිහිපයක් සමඟින් පින් අනුමොදනාත්මක ස්තුති කතාවක් අපි සියලු දෙනා අභිමුවෙහි පැවැත්වුනා.

එම කතාවෙහි අන්තර්ගත වූ පරිදි "ගිලනුන්ට සත්කාර කිරීම බුදු රජාණන් වහන්සේට සත්කාර හා කිරීම හා සම බව " මෙනෙහි කරමින් ප්‍රීතිමත් චිත්ත සන්තානයෙන් යුක්තව , එමෙන්ම ජීවිතය පිලිබඳ මහා කල්පනාවක යෙදුනු යටි හිතත් රැගෙන සන්ධ්‍යාවේ හිරු රැස් විඳිමින් කෙමෙන් කෙමෙන් ඒ බිමෙන් මෙපිටට ඇදී නැවතත් සරසවිය බලා එන්නට යෙදුනා....