මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කරනු ලැබූ දිරිය යුවති ව්‍යාපෘතිය දින දෙකක් පුරාවට කාන්තාවන් මූලික කරගනිමින් සිදුකරනු ලැබුණි. මෙහිදී පළමු දිනයේදී ආයුර්වේද වෙදදුරන්ගේ සහභාගිත්වයෙන් සායනයක් පැවැත්වීමට කටයුතු කළ අතර පියයුරු පිළිකා රෝගය සම්බන්ධව දැනුවත් කිරිමේ වැඩසටහනක් හා සායනයක් ද අප ලියෝ සමාජය විසින් සංවිධානය කරනු ලැබිණි. ඊට අමතරව ව්‍යවසායකත්ව දිරිගැන්වීමේ වැඩසටහනක් සහ කෙටි මැහුම් පාඨමාලවක් හා අභිප්‍රේරණ සැසියක්ද සංවිධානය කරන ලදි. හේමාස් ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් සනීපාරක්සක තුවා ලබා දීමත් මෙම වැඩසටහනේදි සිදු කරන ලදි.
දෙවනි දිනයේදි ව්‍යාපෘතිය කටුපොත්ත කනිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්වීමට කටයුතු කළ අතර සනීපරක්ශාව පිළිබඳ දැනුවත් කිරිමේ හා කාන්තා පිරිමි සමානත්මතාව පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහනක්ද සිදුකරන ලදි.
පාසලේ 6-11 ශ්‍රේණි වල ළමුන් මේ සඳහා සහභාගි වු අතර පැමිණ සිටි ගැහැණු ළමුන් වෙනුවෙන් සනිපාරක්ශක තුවා හා 25% වට්ටම් සහිත කූපන් පත් ලබා දීමට කටයුතු කරන ලදි.
දිරිය කතුන් වෙනුවෙන් දියත් කරන ලද දිරිය යුවති ව්‍යාපෘතිය මෙලෙස සාර්ථකව නිම කිරීමට මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ අපට හැකිවිය.
No comments:
Post a Comment