පාට හීන

 මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කළ පාට හීන ව්‍යාපෘතිය මාර්තු මස පහළොස්වන දින පානදුර අරුණ ළමා නිවාසයේ දී පැවැත්විය. මෙය විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ චිත්‍ර ඇඳීමේ හැකියාව වර්ධනය කිරීමේ අරමුණින් සිදුකරනු ලැබීය. 


අප මෙහිදී දරුවන් සඳහා චිත්‍ර ඇඳීමට අවශ්‍යය වන පාටකූරු, පාට පැන්සල්, පින්සල් සහ තීන්ත වැනි ද්‍රව්‍ය ලබාදෙන ලදී. එදින අපිද ඔවුන් සමඟ එකතු වී චිත්‍ර පහළවකට ආසන්න ප්‍රමාණයක් ඇඳීමට හැකි විය. එදින සවස් වරුව දරුවන් සමග විනෝද බර කාලයක් ගත කිරීමට ද ලියෝවරුන් අමතක කළේ නැත. තවද මෙම ව්‍යාපෘතිය හරහා මෙසේ දරුවන් විසින් අඳින ලද චිත්‍ර විකිණීමට ඉඩ ප්‍රස්ථාර සකසාදී ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් යම් පිළියමක් යෙදීමටද ලියෝ අපිට හැකිවිය.


             





No comments: