හරිත දම්සිසි


"හරිතවත් නගරයක් හරිතවත් ලොවක් " යන උදාර සංකල්පය පෙරදැරි කරගනිමින් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝවරුන් විසින් සංවිධානය කළ තවත් එක් මාහැඟි කර්තව්‍යයක් වශයෙන් " හරිත දම්සිසි" රුක් රෝපණ වැඩසටහන ඉඳුරා හැඳින්විය හැකිය.


වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන වගා ව්‍යාපෘතියක් යටතේ 2020 අගෝස්තු මස 21 වන දින උදෑසන 9.00 සිට රත්නපුර කනාදොල බෞද්ධ මධ්‍යස්ථානයේ්දී සාර්ථක අන්දමින් ක්‍රියාත්මක කිරීමට යෙදුණු මෙම වැඩසටහන තුරුණු වියේදී අපෙන් ඉටුවිය යුතු යුතුකම් සිහියට නංවයි. එමෙන්ම එදින වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් "වන බිම් සුරක්ෂිත කිරීම හා හරිතවත් නාගරික කලාපයක් උදෙසා දායක වීම" පිළිබද  දේශන මාලාවක් දියත් කිරීම මෙම වැඩසටහනේ ඵලදායී බව තවත් තීව්‍ර කරවීමට හේතුවක් විය. 






මෙම විහාරස්ථානය රත්නපුර නගරයට යාබදව තිබීමත්, දිනෙන් දින මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන ගහනය සීඝ්‍රයෙන් පහළ බැසීමත් හේතුවෙන් නගරබද වන ගහනය සංවර්ධනයට ලියෝවරුන් විසින් දැක්වූ දායකත්වය විශේෂයෙන් ඇගයිනි. නොමිලේ පැළ ලබාදීමේ පටන් අප හා එක්ව රුක් රෝපණ වැඩසටහනේ සාර්ථකත්වය පිටුපස සිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙහිදී විශේෂ ස්තූතිය පුදකර සිටින අතර විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලාගේ මෙන්ම දායක පිරිසෙහිද නොමඳ සහයෝගය වෙනුවෙන්කෘතවේදීත්වය පුදකර සිටිමු.



No comments: