ප්‍රඥා ප්‍රදීප

 

ගමයි පන්සලයි වැවයි දාගැබයි  යනු අතීත ශ්‍රී ලංකාවේ ඉතාමත් ශක්තිමත් බන්ධනයක් වන අතර එය 20 වෙනි සියවසේ අග භාගයේ අප සියලු දෙනාම යාන්තමින් හෝ අත්විඳ ඇති සොඳුරු සංකල්පයකි. බෞද්ධ දර්ශනය, ලාංකික සංස්කෘතිය අනාගතයට ආරක්ෂිත ව රැගෙන යන පවුර වනුයේ අපගේ ගෞරවණීය යතිවරයාණන් වහන්සේලා ය.


සම්බුදු සසුන රකින යති පරපුරේ අනාගත පුරුක වන සාමණේර ස්වාමීන් වහන්සේලාගේ නැණ පහන් දල්වනු වස් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කරන ලද "ප්‍රඥා  ප්‍රදීප"  සම්මන්ත්‍රණ මාලාවේ දෙවන අදියර, 2020 සැප්තැම්බර් මස 12 සහ 13 දෙදින තුළ තිස්සමහාරාම සාලියපුර විද්‍යාප්‍රදීප මහ පිරිවෙනේදී පවත්වන ලදී. විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලාගේ ද නොමඳ උපකාරය සහිතව උදෑසන 8 සිට එම දෙදින පුරාවට ම පුංචි සිත් තුළ බලාපොරොත්තුවේ සිහින අස්වැද්දීමට අප ගත් උත්සාහයේ සාර්ථක නිමාවක් දැකීමට අප සියලු දෙනාට ම හැකි වූයේ නිහතමානී සතුටක් ද ලබමිනි.


No comments: