අරුණැල්ලට තෝතැන්නක්


 



පරිසර හිතකාමී හෙට දවසක් උදෙසා මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ නවමු සංකල්පයක් යටතේ කෙටි කාලීන බෝග වගාවට නව මානයක් එක් කරමින් ගෙන හැර දැක්වූ 'Seeds Cards' හෙවත් පැළ කළ හැකි කාඩ්පත් හඳුන්වාදීම හා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන, 'අරුණැල්ලට තෝතැන්නක්',  සැප්තැම්බර් 13 වන දින නාත්තන්ඩිය කොටාරමුල්ල අවට ප්‍රදේශයේ දී සාර්ථක අන්දමින් නිම කිරීමට හැකිවුණි.




තුරු හදක ජීවය කඩදාසියක් තුළින් ප්‍රතිනිර්මාණය කරමින් පරිසර හිතකාමී ලෙස බීජ වර්ග ව්‍යාප්ත කිරීම උදෙසා යොදාගත් මෙම Seeds card පහසුවෙන් ඕනෑම පුද්ගලයෙකුට සාදාගත හැකිවීම විශේෂත්වයකි. ඉවතලන කඩදාසි, පත්තර භාවිතා කරමින් සෑදූ මිශ්‍රණයකට බීජ වර්ගයක් දමා වේලා ගත් පසු අපට අවශ්‍ය පරිදි මෙම කාඩ්පත අලංකාර කරගත හැකියි. මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝවරුන් විසින් ම නිර්මාණය කළ මෙම කාඩ්පත් නාත්තන්ඩිය කොටාරමුල්ල ප්‍රදේශයේ කිලෝමීටර් අටක පමණ වපසරියක් තුළ තෝරා ගත් නිවෙස් කිහිපයකට බෙදා දුන් අතර එහිදී මෙම seed card සාදා ගන්නා ආකාරය සහ ඒවායෙන් පැළ  ලබා ගන්නා ආකාරය දැනුවත් කිරීම උදෙසා අත්පත්‍රිකා බෙදා දීම ද වාචිකව දැනුවත් කිරීම ද සිදු වුණි. ව්‍යාපෘතිය අවසානයේදී එම ප්‍රදේශයේ ජනතාවගෙන් ලැබූ අගය කිරීම මෙතෙකැයි කිව නොහැකි ය.


වසරක ගෝලීය කඩදාසි නිශ්පාදනය මෙට්‍රික් ටොන් බිලියන 4.197 ක ඉහළ අගයක් ගන්නා අතර කඩදාසි ලොව තුන්වන විශාලම කාර්මික අපද්‍රව්‍ය ද වේ. මෙවන් පසුබිමක මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝවරු ලෙස විශිෂ්ට ව්‍යාපෘතියක් තුළින් දිනෙන් දින ඉහළ යන කඩදාසි අපද්‍රව්‍ය සඳහා කාලීන විසඳුමක් ගෙන ඒමට හැකවීම සතුටට කරුණකි.

    

No comments: