අරණට අරුණක්


"ගමයි පන්සලයි වැවයි දාගැබයි" යන උදාර සංකල්පය පෙරදැරි කරගෙන ගොඩනැගුණු ප්‍රෞඩ සංස්කෘතියකට හිමිකම් කියන අපහට ජිවිතය ගොඩනගා ගැනීමට පන්සල තුළින් ලැබෙනුයේ මහඟු පිටුවහලකි.ඉතින් ඒ පන්සල , දාගැබ් වහන්සේ වැද පුදා ගැනීම පමණක් නොව පිළිසකර කිරීම, පිරිසිදු කිරීමද අප සතු මාහැඟි කර්තව්‍යකි.

මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය හා මාතර නිල්වලා ලියෝ සමාජය එක්ව "අරණට අරුණක්" ශ්‍රමදානමය වැඩසටහන සංවිධානය කරන්නේ යුතුකමක් ක්‍රියාවට නැංවීමේ මහඟු චේතනාවෙනි. 2020 අගෝස්තු 12 වැනි දින උදෑසන 9.00 සිට ඓතිහාසික හක්මණ දෙනගම සිරි විජයාරාම විහාරස්ථානයේදී එම කර්තව්‍යය සාර්ථක අන්දමින් සිදු කිරීමට හැකියාව ලැබිණි.

විහාර පරිශ්‍රය පමණක්ම නොව එදින දහම් පාසල් පරිශ්‍රය තුළද දහම් පාසල් ළමයින්ගේ ආකල්ප සංවර්ධනය උදෙසා උපකාරී වන රුවන් වැකි ප්‍රදර්ශන පුවරු ඇතුළුව ඔවුන්ට වඩාත් ඵලදායි ආධ්‍යාත්මික පරිසරයක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු බොහොමයක් දෑ සිදු කිරීමට අපහට හැකියාව ලැබිණි.එම කටයුතු මෙලෙසට සාර්ථකව නිමකර ගැනීමට ස්වාමීන් වහන්සේලාගෙන්ද දායක පිරිසෙන්ද නොමඳ සහයෝගයක් ලැබිණි.එලෙස නන් අයුරින් සහයෝගය දැක්වූ සැමට බෙහෙවින් කෘතවේදී වෙමු.

No comments: