විදුනැණ දහරා

 පවතින වාතාවරණය තුළ ආර්ථික, සාමාජීය හා  මානසික ආදි අනේකවිධ බාධා ගැටලු අතරින් ජීවිතයේ තවත් එක් තීරණාත්මක කඩයිමක් සාර්ථකව තරණය කිරීමට මඟ බලාසිටින අපේම සහෘදයන් වෙනුවෙන් සවියක් වීමට මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය ගත් තවත් එක් වෑයමකි, විදුනැණ දහරා ව්‍යාපෘතිය

අභියෝග වලට අභියෝග කරමින් තීරණාත්මක උසස් පෙළ විභාගය වෙනුවෙන් වෙහෙස වන සිසු සිසුවියන් හට රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව විෂයානුබද්ධ ගැටලු වලට ශක්තියක් වීම අරමුණු කොටගනිමින් ක්‍රියාත්මක විදුනැණ දහරා සම්මන්ත්‍රණ මාලාව පුරා සති 07ක් මුළුල්ලේ අති සාර්ථකව දියත් කිරීමට හැකිවිය. 

රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව ව්‍යුහගත ප්‍රශ්න පත්‍රය පාදක කරගනිමින් අනුමාන ප්‍රශ්නපත්‍ර හා ගැටලු සාකච්ඡා කිරීම මෙහි මූලික ක්‍රියාදාමය විය. 

සත් දින අවසානයේ මානසිකව ශක්තියක් වීමේ පරමාර්ථයෙන් මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය උදය චින්තක ජයතිලක මහතාගේ සහ මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, අභිප්‍රේරණ පුහුණු උපදේශක, ආචාර්ය රනිල් සුගතදාස මහතාගේ සහභාගීත්වයෙන් අභිප්‍රේරණ වැඩසටහනක්ද සාර්ථකව සංවිධානය කිරීමට හැකිවීම සතුටට කරුණකි.  

අපේම සහෝදර පරපුර දැනුමෙන් කුසලතාවලින් සේම මානසික ශක්තියෙනුත් සවිමත්ව  උසස් පෙළ කඩයිම තරණය කරනු දැකීම අපගේ පරම අභිලාෂයයි.

No comments: