සිත්තරු පලස

 

කොරෝනා උවදුරත් සමඟ නිවසටම සිර වූ පුංචි දරු දැරියන් උදෙස ලෝක ළමා දිනයට සමඟාමීව මොරටුව විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජය වෙතින් පිදෙන තිලිණයකි සිත්තරු පලස.

 චිත්‍ර ඇදීමට කැමති  වයස අවුරුදු 13න් පහළ ළමුන් විසින්  අප වෙත යොමු කරන ලද සිතුවම්  දවසින් දවස අපගේ සිත්තරු පලස Facebook ගෘපය හරහා මුළු ලොවටම පෙන්වීම මෙම ව්‍යාපෘතියේදී සිදු විය.

 තවද, මෙම වසංගත තත්වය නිසා ඔවුන් අඳින ලද ලස්සනම ලස්සන චිත්‍ර අන් අයට පෙනන සේ නිවසේ ප්‍රදර්ශනය කර එහි ඡායාරූපද අප හට එවන ලෙස අප එහිදී ඔවුන්ගෙන් ඉල්ලා සිටියෙමු.



ඔක්තෝම්බර් පලවෙනිදා, පුංචි සිඟිත්තන්ගේ දිනයේ දී එම චිත්‍ර  ප්‍රදර්ශනවල ඡායාරූපද අපගේ UoM Leos Facebook පිටුව හා සිත්තරු පලස Facebook ගෘපය හරහා මුලු ලොවටම පෙන්වන්නට අපි බලාපොරොත්තුවෙන් සිටින්නෙමු..






පුංචි පුංචි සුරංගනාවියන්, බැට්මෑන්, සුපර් මෑන් ,පාට පාට සමනලුන්  ලස්සනට චිත්‍රයට නගන පුංචි ඔබ වෙනුවෙන්ම තැනූ වේදිකාව, සිත්තරු පලස වෙත ඔබේ නිර්මාණත් යොමු කිරීමට අප ආරාධනා කරන්නෙමු.

No comments: