ස්නේහ වර්ෂා


සෙනෙහෙ දක්වමු

තුටු සිතින් ගෙවන්නට සැඳෑ යාමය.

පසුගිය මස, එනම් ජූලි මස 23 වන දිනට යෙදුන මොරටුව ව්ශ්වවිද්‍යාලයීය ලියෝ සමාජයේ 18 වන සංවත්සරයට සමගාමීව මාතර තිහගොඩ ප්‍රදේශයේ ජේෂ්ඨ පුරවැසි නිවහනක මාපියන් වෙනුවෙන් ධර්ම දේශනා වැඩසටහනක් පැවැත්වුණි.

උදෑසන ධර්ම දේශනා වැඩසටහන ලියෝ සමාජිකයන්ගේ ද සහභාගීත්වය ඇතිව, මාපියන්ගේ මනස සුවපත් වන අයුරින් පැවැත්වූ අතර සවස zoom තාක්ෂණය හරහා කලාකරුවන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් මියුරු ගීත පෙලක් සමඟ විනෝදාස්වාදය රැගත් වැඩසටහනක් ද ක්‍රියාත්මක විය.


තවද මාපියන්ගේ අවශ්‍යතා අනුව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක් ද සිදුකෙරිණි.

ජීවිතයේ සැදෑසමය ගෙවන ආදරණීය මාපියන් පිරිසක් සමඟ ලියෝ දූ දරුවන්ගේ සෙනෙහස බෙදාගත් අපූරු දිනයක් ලියෝ මතක සටහන් අතරට එලෙස එක්විය.

No comments: