නිම්න තීර්ථ '21


ජීවිතයේ අභියෝග හා කඩාවැටීම් ඉදිරියේ නොසැලී, ශක්තිමත්ව ඒවාට මුහුණ දෙමින් සාර්ථකත්වයේ නවමු මංපෙත් සොයා ජීවන යාත්‍රාව දියත් කරනු වස් මොරටුව විශ්ව විද්‍යාලයිය ලියෝ සමාජය විසින් සංවිධානය කෙරුණු සෙනෙහසේ යාත්‍රාව - අභිමන් පරපුරක ලෙංගතු යුතුකම, නිම්න තීර්ථ '21 අභිප්‍රේරණ වැඩමුළුව 2500කට අධික ප්‍රේක්ෂක සහභාගිත්වයෙන්සුවහසක් වූ පැසසුම් මධ්‍යයේ අති සාර්ථක ලෙස නිමාවට පත් විය.
හදවතේ ගැඹුරුම තැන් ස්පර්ශයෙන් නැණස පාදනු වස් ප්‍රවීන ආචාර්ය ජනක අබේවර්ධන, ප්‍රවීන ලේඛක කැලුම් වැලිගම, සහකාර කථිකාචාර්ය පසන් විජයවර්ධන හා නීතීඥ මියුපි බද්දෙවත්ත යන අපූර්ව පෞරුෂත්වයන් ඔවුන්ගේ ජීවන අත්දැකීම් හා වටිනා අදහස් සමඟින් නිම්න තීර්ථය යථාර්ථයක් කිරීම සඳහා අප හා අත්වැල් බැඳගත්තේ නිම්න තීර්ථයේ අභිමානවත් දේශක මඬුල්ල ලෙසයි.

අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දුන් සහ මුහුණ දීමට නියමිත සිසු සිසුවියන් වෙනුවෙන් පසුගිය 25 වන දා පැවැත්වූ මෙම වැඩසටහන සවස 6.00 සිට පුරා හෝරා දෙකකට අධික කාලයක් zoom තාක්ෂණය  ඔස්සේ මෙන්ම youtube හා facebook හරහාද දිග හැරුනේ ලියෝවරුන් විසින් අභිමන් පරපුරක ලෙංගතු යුතුකම නොපිරිහෙලා ඉටු කරමින්ය.       ජීවන මඟේ සොඳුරු ඉසව්වක් සොයා යනු වස් නිම්න තීර්ථයට ගොඩ වූ සියල්ලන්ගේම නොමඳ ආදරයටත්, ගෞරවයටත් ලක් වෙමින් මෙම වැඩසටහනේ නිමාව සනිටුහන් කිරීමට හැකි වීම පිළිබඳ මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝවරුන් ලෙස අප තුළ ඇත්තේ අනතිමානි ප්‍රීතියකි.

No comments: