බෝහිමි පාමුල

   

මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ 18 වන සංවත්සය සහ 2021/22 නව ලියෝ වර්ෂයට සෙත් පතනු වස් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් බෝහිමි පාමුල, ආශිර්වාදයේ පිංකම සංවිධානය කරන ලදි. අනුව මාතර වෙලේගොඩ පූර්වමහා විහාරය, ගාල්ල ශ්වේත බිම්බාරාමය, කෑගල්ල අලුලෙන පුරාණ රජමහා විහාරය, කුරුණෑගල වැව ගෙදර ශ්‍රී ශෛල බිම්බාරාමය සහ බදුල්ල කරගහවෙල ක්ෂෙතාරාමය යන විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් විහාරස්ථාන පිළිසකර කිරීම ජුලි මස 21 සහ 22 යන දිනයන්හි දී සිදු කෙරිණි.
සවස් යාමයේ නව ලියෝ වර්යෂට ආශිර්වාද එක් කිරීමේ අරමුණින්
සහ රටටසෙත් පැතීමේ අරමුණින්  බෝධි පූජාමය පිංකම් මාලාව සියලුම  සෞඛ්‍යාරක්ෂිතක්‍රම අනුගමනය කරමින් විහාරස්ථාන වලදී පැවැත්විණි
        ආගම දහම  පෙරටු කරගත් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝවරුන්ගේ ඉදිරි ගමනට අපිත් මෙහිදී ආශිර්වාද එක් කරන්නෙමු.


No comments: